භාෂා බාධකය බිඳින සිංහල-දෙමළ බැම්ම

YouTube video player

ඉන්ද්‍රජිත් කුමාර යාපනය විශ්වවිද්‍යාලයට මීට වසර 8කට පෙර ඇතුළත් වන විට දෙමළ කතා කළේ වචන ගැට ගසමිනි. කුරුණෑගල උපන් ඔහු යාපනයේ ජීවිතයට අනුගත වීම සඳහා හැකි ඉක්මනින් හා චතුර ලෙස භාෂාව ඉගෙන ගැනීමට යොමු වුණා.

විශ්ව විද්‍යාලයේ දී ඔහුට උපතින්ම දෙමළ බස කතා කරන ත්‍රිකුණාමලයේ උපන් අරුණ්‍යා මුණ ගැසෙනවා. එකිනෙකා දැන හඳුනා ගන්නා අතරතුර, ඔවුන් එකිනෙකාගේ භාෂා ඉගෙනීමට පටන් ගන්නවා. සෙමින් හා වෙහෙස මහන්සි වී භාෂා බාධකය බිඳින ඔවුන්ට සංස්කෘතික හා සමාජීය වශයෙන් පමණක් නොව, ආදරයේත් නිම් වළලුත් පුළුල් කරගන්නට හැකි වුණා.

Related Articles

Exit mobile version