පසුගිය කාලය පුරාවට නූතන සිතුවම් ශිල්පීන් රැසක් ගැන තොරතුරු ඔබ Roar වෙතින් කියවන්නට ඇති. ඔවුන් අතර ඩේමියන් හර්ට්ස්, අයි වෙයිවෙයි, අනිෂ් කපූර් වැනි ලෝක ප්‍රසිද්ධ සිතුවම්කරුවන් සිටියා. අද අප ලියන්නට යන්නේ තවත් එවැනිම නූතන සිතුවම් නිර්මාණකරුවෙකු ගැනයි. නමින් මරීනා අබ්‍රාමොවික් වන ඇය නම් නිර්මාණ ශිල්පිනියක්. නම වගේම මේ නිර්මාණ ශිල්පිනියගේ වැඩත් ටිකක් වෙනස්. ඇයව ප්‍රසිද්ධ ඇයගේ නිරූපන කලා නිර්මාණ, එහෙම නැත්නම් performance art වැඩ නිසයි.
ජීවිත කතාව
දැනට සයිබීරියාවේ ජීවත් වූවත් ඇය උපත ලබා තිබෙන්නේ යුගොස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් හි දී, 1946 නොවැම්බර් 30 වෙනි දා යි. ඇය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජෝසිප් බ්රෝස් ටිටෝ ගේ කොමියුනිස්ට් රජය වෙනුවෙන් සේවය කර තිබෙනවා. 1965 දී ඇය බෙල්ග්‍රේඩ්හි ලලිත කලා ආයතනයට ඇතුලත් වන්නේ සිතුවම් නිර්මාණය ඉගෙනීමේ අපේක්ශාවෙනුයි. නමුත් එහි දී කැන්වසයට වඩා තමන්ගේ ශරීරය හරහා බොහෝ දේ ඉදිරිපත් කළ හැකි බව පසුව තේරුම් ගන්නවා. 1972 දී පශ්චාත් උපාධි කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ඇය තමන්ගේ නිර්මාණ ගමන ආරම්භ කරනවා.
ඇයගේ නිර්මාණ දිවියේ හා ජිවිතයේ හැරවුම් ලක්ෂය ලෙස ඇයට උලෙ (Ulay) හමුවීම හඳුන්වන්න පුළුවන්. ඒ ඔහුත් නිරූපන කලා ශිල්පියෙක් වීම නිසා හා ඔවුන් දෙදෙනා එකට ජිවත් වීමට හා එකතු වී කලා කටයුතු කිරීමට හැකි වීම නිසයි. උලෙ ජර්මානු ජාතික කලාකරුවෙක්. මරීනාට උලෙ හමුවන්නේ ඇය ඇම්ස්ටර්ඩෑම් වලට ගිය පසුව යි.
ඇය ඇයගේ නිර්මාණයන්හි ප්‍රස්තුතය හා මාධ්‍යය යන දෙකටම තමන්ගේ ශරීරය භාවිතා කරනු ලැබුවා.
Rhythm 10
මෙම නිරූපනය මගින් කලා කෘති දෙකක් ඇය විසින් කර තිබුණා. ඉන් පළමු වැන්න 1973 දී එඩින්බරෝ හි දී ඉදිරිපත් කළ අතර එයට ඇය විසින් පිහි 10ක් යොදා ගෙන තිබුණා. මෙහි දෙවැනි කොටසට ඇය විවිධ හැඩයන්ගෙන් යුතු පිහි 20ක් යොදාගෙන තිබුණා.
මෙම නිරූපනයේ දී සුදු පැහැති කොලයක් පොළවේ අලවන ඇය, පිහි සියල්ල පිළිවෙලකට එය මත තබනවා. ඉන්පසුව මයික්‍රෆෝන දෙකක් සමඟ ශබ්ද පටිගත කරන උපකරණ දෙකක් සවි කරනවා. තමන් සතු පිහියෙන් වමතේ ඇඟිලි අතර හිඩැසට ඇය, ඇයට හැකි උපරිම වේගයෙන් අනිනු ලබනවා. ඉන්පසුව ඇය විසින් එයට ඇහුම්කන් දෙන අතර ඇය විසින් නැවත වරක් පිහි යොදාගෙන ඇයගේම අතට ඇනගන්නවා. එවිට දෙවන පටය පටිගත වෙනවා. මෙම නිරූපනය හරහා අතීත අත්වැරදීම් හා වර්තමාන අත්වැරදීම් ඇය එකම තලයකට ගනු ලබනවා. ඉන්පසුව එම ශබ්ද පටි දෙකටම සවන් දෙන ඇය එතනින් නික්ම යනවා.
Imponderabilia
මරීනා, උලෙ හමුවීමත් සමඟම ඔහුගෙන් වෙන්ව යන මොහොත දක්කවාම ඔවුන් දෙදෙනාම එකතුව, ලිංගික අන්‍යතාවයන් ඉස්මතු වෙන ආකාරයේ නිර්මාණයන් බොහොමයක් කරනු ලැබුවා. ඉන් එකක් ලෙස 1977 වසරේ දී බෝල්ගොනා කෞතුකාගාරයේ පැවති ප්‍රදර්ශනයක දී කළ නිරූපනය හඳුනාගන්න පුළුවන්. එහි දී ඔවුන් දෙදෙනාම නිර්වස්ත්‍රව කෞතුකාගාරයේ දොරටුව ළඟ සිටගෙන සිටියා. ප්‍රදර්ශනයට ඇතුළු වීමට තිබූ මෙම ස්ථානයේ එයට සහභාගී වන පිරිස, කාගේ මුහුණ බලාගෙන එයට ඇතුළු විය යුතු ද යන්න තීරණය කළ යුතුව තිබුණා.
තවද Nightsea Crossing නමින් ඔවුන් දෙදෙනා විසින් එකිනෙකාට මුණ බලමින් දිගු වෙලාවක් සිදු කරන ලද භාවනාත්මක නිරූපනය ද ලොවපුරා කතා බහට ලක්වුණා. ඔවුන් එය ලොවපුරා ස්ථාන 12ක පමණ සිදුකර තිබුණා. ඒ, 1981 – 1987 දක්වා කාලය තුලයි.
ඔවුන් දෙදෙනා තම වෙන්වීමත් හරිම අපූරු ආකාරයකට කර තිබුණා. 1988 වසරේ දී ඔවුන් එයට යොදාගෙන තිබුණේ චීන මහා ප්‍රාකාරය යි. ඔවුන් දෙදෙනා එහි දෙකොනෙන් ගමන් ආරම්භ කර එහි මැද දී හමු වී, පසුව වෙන් වී තිබුණා.
1997 දී මරීනා විසින් වැනීසියේ කලා උළෙලේ දී හොදම කලාකරුවාට හිමි ‘golden Lion’ සම්මානය දිනාගනු ලැබුවා. මේ සමඟම ඇයට තිබූ ජනප්‍රියතාව තවත් වැඩිවුණා.
The House with the Ocean View නමින් ඇය තවත් ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවේ ඉන් අනතුරුව, 2002 වසරේ දී යි. ඒ සඳහා ඇය කාලාගාරයක නිර්මාණය කරන ලද කුටි තුනක දින 12ක කාලයක් ජීවත් වුණා.
2010 වසරේ දී ඇයගේ ප්‍රත්‍යවලෝකන නිර්මාණ ඇතුලත් කරමින් නිව් යෝක් නුවර නූතන කලා කෞතුකාගාරයේ දී නිර්මාණ ප්‍රදර්ශනයක් ද පවත්වනු ලැබුවා. ඒ “The Artist Is Present” නමින්. ඇය විසින් ඉදිරිපත් කරන ලද “A minute of silence”හි ප්‍රතිනිර්මාණයෙ දී ඇයට නැවත වරක් තමන්ගේ පැරණි පෙම්වතා වූ උලෙ මුණ ගැසෙනවා. එය ඉතා හැඟීම්බර මොහොතක් වුණා.
ලොව පුරා සිටින නූතනවාදී කලාකාරියන් අතර ඇයට ප්‍රසිද්ධ තැනක් හිමිව තිබෙනවා. නමුත් තවමත් නූතන නිර්මාණකරුවන් ගැන ලංකාවේ මාධ්‍ය වලින් නම් අපිට එතරම් අහන්න පුළුවන් කමක් නෑ.
කවරය – vimeocdn.com
www.britannica.com
bigthink.com
www.medienkunstnetz.de