මියුසික් ලෙඩේ – මිහිඳු ආරියරත්න එක්ක

අපි හැමෝම කැමත්යි ලෙඩ නොවී සතුටින් ජීවිතය ගෙවන්න. සමහරු අනවශ්‍ය ලෙඩ ඔළුවට දාගෙන, “මට හැරුනත් ලෙඩක් තමා වැටෙන්න යන්නේ” වගේ දේවල් කියනවා අපි ඕනේ තරම් අහලා තියනවා. ඒත් ඒ අසනීපයක්, හදිසි කරදරයක් වගේ තමන් අකමැතියි දෙයක් සිදුවුණාම.  

හැබැයි පුදුමාකාර උවමනාවකින් සහ කැපවීමකින් තමන්ගේ ආශාවල් හඹායන අයට ගැනත් අපි කතාවට වගේ කියනවා, “මෙයාට cricket ලෙඩක්”, “සිංදු කියන ලෙඩක්”, “කඳු නගින ලෙඩක්”, “acting ලෙඩක්” වගේ දේවල්. ඇත්තටම හොඳ ලෙඩක් කියන්නේ අපිට නිරෝගීව ජීවත් වෙන්න වැදගත් වෙන විදියේ ‘ලෙඩකට’. ගොඩාක් වෙලාවට ඒ වගේ හොඳ ලෙඩ තියන අය හුඟාක් සතුටෙන් ඉන්නවා ඔබ දැකලා ඇති. ලංකාවේ හොඳ ලෙඩ හැදුණු මිනිස්සු හොයාගෙන අපි යන ගමනේ, අද අපි කතා කරන්න යන්නේ නම කිව් සැනින් අපි හැමෝම දන්නා ගායකයෙක් එක්ක. ඔහු නමින් මිහිඳු ආරියරත්න. අටුවා ටීකා ඕනා නැති මිහිඳු ව ලංකාවේ ගොඩාක් අය දන්නේ රොක් ගායකයෙක් විදියට යි. ‘යාත්‍රිකයා’ ප්‍රසංගයත් එක්ක පහුගිය දවස්වල කාර්යයබහුල වුණ මිහිඳු එක්ක, එයාට මේ හොඳ ලෙඩේ හැදුන හැටි වගේම, ඒ ලෙඩේ වෙනුවෙන් කැප වුණු හැටි ගැනත් අපි පොඩ්ඩක් කතා කළා.

facebook/mihindu ariyarathne

මිහිඳුට තම නිවස තුළ සංගීතයමය වට පිටාවක් තිබුණේ නැහැ. ඔහුගේ දෙමව්පියන් වෛද්‍යවරුන්. කොළඹ රාජකීය විද්‍යාලයයෙන් සිප්සතර හදාරන ඔහු තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි. ඔහු ගණිත අංශයෙන් උපාධිධාරියෙක්.

තමන්ගේ දෙමාපියන්ගේ මිතුරන් බොහෝ දෙනෙකු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අය නිසා කුඩාකල සිටම ඔහුගේ වටපිටාවෙන් සංගීත ආභාෂය ලැබී තිබුණා. නමුත් ඔහු රොක් කලාවට සම්බන්ධ වෙන්නේ තමන්ගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව යි. ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ගිටාර් වාදනය ඉගෙන ගැනීම සඳහා ගුරුවරයෙක් වෙත ගොස් තිබුණා. එය ඔහුට රොක් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට මූලික අඩිතාලම වූ බව ඔහු සඳහන් කරනවා. මේ සියල්ලටම ඔහුට ඔහුගේ පවුලෙන් හොඳ සහයෝගයක් ලැබී තිබුණා. ඔහු උසස් පෙළින් පසුව “නෙමසිස්” කියන සංගීත කණ්ඩායම සමග එකතු වෙන්නේ මේ හොඳ ලෙඩේ මුල් රෝග ලක්ෂණ පෙන්නුම් කරමිනුයි.

කුඩා කාලයේ පටන්ම මිහිඳු හොද ලෙඩ ගොඩාක් අනාගතයේ වැළඳගන්න හීන දැක්කා. කුඩාම කාලයේ ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ ඔහුගේ පියාගේ සේවාස්ථානයේ අධ්‍යක්ෂක වීමට යි. ඉන්පසුව ඔහු වෛද්‍යවරයෙකු වීමට සිහින දැක්කා. උසස් පෙළ කාලයේ ඉංජිනේරුවෙක් වීමේ සිහිනයක් ඔහු සතු වුණා. නමුත් ඔහු ඔහුගේ හොඳ ලෙඩේ වන සංගීත ලෙඩේ වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නේ පසුගිය වසර හතරක පමණ කාලයක සිට යි. ඊට පෙර ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඟලුම් ආයතනයක පවා සේවය කරනවා. මිහිඳු ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වූ අයෙක්.

facebook/mihinduariyarathne

ඔහු මුලින්ම සංගීත ක්ෂේත්‍රයට එන්නේ ගිටාර් වාදකයෙකු ලෙස යි. ඔහු තමන්ගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස සලකන්නේ කසුන් කල්හාර “කවුළු පියන්පත්” ගීතය ගිටාරය වාදනය කරමින් ගායනය කරන සංගීත වීඩියෝ පටයක් දැකීම යි. ඉන්පසුව චන්දන ප්‍රනාන්දු හරහා ගිටාරය වැයුම ඉගෙනගන්නා ඔහුට රොක් සංගීතයට ලැදි මිතුරන් හමුවෙනවා.  

මිහිඳු පූර්ණකාලීන සංගීතය වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නේ 2015 වසරේ දී යි.

මිහිඳු තමන්ගේ ජීවිතයේ තවත් හොඳ හා විශාල හැරවුමක් නිර්මාණය කර ගන්නේ “වායෝ” සංගීත කණ්ඩායම හා එකතුවීමත් සමගයි. එයත් සිදුවන්නේ මේ හොඳ ලෙඩේ ප්‍රතිපලයක් ලෙස යි. ඔහු වායෝ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ සංගීත් විජේසූරියගේ පුත්‍රයාට ඔහුට  සංගීත කණ්ඩායමක් හා එක්ව පූර්ණකාලීන ව ගීත ගායනා කිරීමට අවශ්‍ය බව පවසා තිබුණා. ඉන් මාස කීපයකට පසු ඔහු විසින් මිහිඳුට ඔවුන්ගේ “වායෝ” සංගීත කණ්ඩායම හා සමග එකතුවන ලෙස ආරාධනා කෙරුණා.

මිහිඳුගේ එකතුවීම වායෝ සංගීත කණ්ඩායමට අලුත් හැඩයක් ලබා දෙනවා. නමුත් ඔහු එම සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ ඔහුගේ හොඳ ලෙඩේ උත්සන්න වීමත් සමග යි. සංගීතය පිළිබඳව තවත් අධ්‍යයනය කිරීමට ඔහු සතුව තිබූ ආශාවත් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වීමට වූ කැමැත්තත් මෙයට විශාල ලෙස බලපානු ලැබුවා.

facebook/mihinduariyarathne

මිහිඳු මේ හොඳ ලෙඩේ එක්ක එක්ක ජිවිතේ අනිත් වැඩ තුලනය කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට මිහිඳු මෙහෙම උත්තරයක් දුන්නා.

මට විශ්වවිද්‍යාල කාලයේ ඉඳන්ම මේ වැඩ ටික තුලනය කර ගැනීමේ හැකියාව තිබුණා. ඉගෙනීම, සංගීතය වගේම, ක්‍රිකට් කියන තුනම මන් ඒ කාලයේත් තුලනය කරන් ගියා. දැන් වුණත් සංගීතය කියන තැන දී පොඩ්ඩක් තරාදිය වැඩිපුර බර වෙලා තියෙනවා. ඒ වුණාට මම අනිත් ක්‍රියාකාරකම්වලට, ඒ කියන්නේ පවුල වගේම අනෙක් ශරීර සුවතා කටයුතු (ඒ කියන්නේ ජිම් එකට යනවා කියන ඒක වගේ ඒවත්) සමබරව කරගෙන යනවා. මොකද ඒවා ඒ විදියට කර ගත්තොත් විතර යි මගේ හොඳ ලෙඩේ වෙනුවෙන් මට වැඩිපුර කැපවෙන්න පුළුවන් වෙන්නේ

ඔහු පවසන පරිදි ඔහුට මේ හොඳ ලෙඩේ නිසා බොහෝ දේ ලැබී තිබෙනවා. ඒවා අතර රසිකයන්ගේ ආදරය, තමන් ආශා කරන කාර්යයකින් තම ජීවනෝපාය සරිකර ගැනීමත් එයින් කීපයක්. දවස අන්තිමට මහන්සියක් දැනුණත් ඒ හරහා ලබන තෘප්තියෙන් ඔහු පවසන පරිදි විශාල මානසික සුවයක් ද ලබනවා.

තමන් ආසම ලෙඩේ එක්ක ඉන්න මිහිඳු වගේ, තමන්ගේ හොඳ ලෙඩේ නිසා කාර්යයබහුල වගේම, ඒ වෙනුවෙන් නිතරම කැපවෙන ඔබ ගැනත් බලාගන්න Softlogic life ඉන්නවා. ඔබේ හොඳ ලෙඩේ ගැන ඔබ බලාගන්න. ඔබේ අනිත් ලෙඩ ගැන Softlogic life බලාගනීවි.

Cover - facebook/mihinduariyarathne

Related Articles

Exit mobile version