ඔබ දේශපාලනයට රුචිකත්වයක් දක්වනවාද? දේශපාලන චින්තනයේ පුරෝගාමී චරිත ගැන යම් තරමක හෝ දැනුමක් ඔබ සතුව පවතිනවාද? එහෙනම් මේ ලිපියෙන් කතාකරන්නට යන ඇරිස්ටෝටල් ඔබට අලුත් චරිතයක් නොවෙනු ඇති. ඉතින් අපේ උත්සාහය ඔබේ දැනුමට අලුත් යමක් එකතුකිරීමයි.
ඔබත් මේ චරිතය ගැන වැඩිදෙනෙක් නොදන්නා කරුණු දන්නවානම් comment වලින් අපිට කියන්නත් අමතක කරන්න එපා.
ග්‍රීක දේශපාලන චින්තනය තුළ මෙන්ම බටහිර දේශපාලන චින්තනය තුලත් ප්‍රමුඛ ස්ථානයක් හිමිවන විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් ලෙස ඇරිස්ටෝටල් හැදින්විය හැකිය. දේශපාලන විද්‍යාවේ පුරෝගාමී චින්තකයා ලෙස කිරුළු පළදින ඇරිස්ටෝටල්, දේශපාලන විද්‍යාවට අමතරව තර්ක ශාස්ත්‍රය, මනෝ විද්‍යාව, ආචාර විද්‍යාව, සාහිත්‍ය, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව සම්බන්ධයෙන්ද අදහස් ඉදිරිපත් කර ඇති අතර එනිසාම ඔහු බහු ශාස්ත්‍රඥයෙක් ලෙසින්ද සැලකේ.
මේ කුමන අංශයකින් වුවද අධ්‍යාපනය හදාරන්නෙකුට මොහුගේ මතවාද හා අදහස් කොතැනකදී හෝ හමු වී ඇති බව නම් නිසැකය. වරක් සිසරෝ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය “රත්තරන් ගංගාවකට” උපමා කරන ලදී. වර්තමාන ක්‍රිස්තියානු දේවධර්මයට පවා ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු විටෙක දැකිය හැකියි.
ඇරිස්ටෝටල්ගේ පුද්ගලික ජීවිතය කෙබදුද?
“හොදම අරමුණ” යන අරුත් ගත් නමින් යුත් ඇරිස්ටෝටල් මැසිඩෝනියාවට අයත් තෙරස් නගරයෙහි ස්ටැගිරා නම් ප්‍රදේශයේ ක්‍රි.පූ. 384 දී උපත ලබා ඇත. රදළ පංතියට දායාද වූ අධ්‍යාපනයක් හා පුහුණුවක් ඇරිස්ටෝටල්ට ලැබුනු අතර වයස අවුරුදු 17 දී හෝ 18 දී පමණ ප්ලේටෝගේ ඇකඩමි නම් අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වීම පිළිබඳ තොරතුරු අසන්නට ලැබේ.
ප්ලේටෝ විසින් ඇරිස්ටෝටල්ව තමන්ගේ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස සලකා ඇති බවත් තම ගුරුතුමාගේ මරණයෙන් පසු ඔහු අධ්‍යාපන ආයතනය හැර ගිය බවත් වාර්තා වේ. අවුරුදු 12ක් පමණ සංචාරක ජිවිතයක් ගත කල ඔහු ඉන් අනතුරුව ක්‍රි.පූ.343 දී පමණ මැසිඩෝනියාවේ පිලිප් රජුගේ පුත් ඇලෙක්සැන්ඩර්ගේ ගුරුතුමා ලෙසද කටයුතු කළ බව අසන්නට ලැබේ.
ක්‍රි.පූ.335 දී නැවතත් ඇතැන්ස් නගරයට පැමිණි ඇරිස්ටෝටල් ලයිසියම් නමින් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත.
නීතිය සම්බන්ධයෙන් ඔහුගේ මතය වුයේ කුමක්ද?
ඇරිස්ටෝටල් නිතිය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කර තිබේ. මෙහිදී ඇරිස්ටෝටල් නීතිය පිලිබදව අදහස් ඉදිරිපත් කර ඇත්තේ ඔහු විසින් රචිත “දේශපාලනය” නම් කෘතිය මගිනි.
ඒ අනුව නීතිය ස්වභාවික වුවක් ලෙස ඉදිරිපත් කර ඇති අතරම ඔහුගේ අදහස පරිදි අයහපත් නීති යනුවෙන් දක්වන්නේ අයහපත් ව්‍යවස්ථා වේ. ඇරිස්ටෝටල් නීතියේ ආධිපත්‍ය නමැති සංකල්පය ඉහලින්ම පිළිගෙන ඇතත් ස්වභාවික අයිතිවාසිකම් නමැති සංකල්පය පිළිගෙන නොමැත.
කතෝලික සභාව හා ඇරිස්ටෝටල් මත
ඇරිස්ටෝටල්ගේ මතවාද හා කතෝලික සභාවේ මතවාද අතර සමානකම් දක්නට ලැබුණ බව නොරහසකි. “ඇරිස්ටෝටල් දරපු මත සහ කතෝලික සභාව දරපු මත අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ” යනුවෙන් ලේඛකයෙක් වන චාල්ස් ෆ්‍රීමන් පවසා ඇත.
මීට අමතරව මධ්‍යකාලින යුරෝපයේ ජිවත් වූ කතෝලික භක්තිකයන් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කල මතවාද පිළිගත් සත්‍යයන් ලෙස භාර ගෙන ඇත.
තෝමස් ඇක්වයිනාස් නම් කතෝලික ධර්මය හැදැරූ විද්වතා ඇරිස්ටෝටල්ගේ අදහස් කතෝලික ධර්මයට අන්තර්ගත කළ බවත් වාර්තා වන අතර මෙයට උදාහරණයක් ලෙස “විශ්වය පිහිටා තියෙන්නේ පෘතුවියේ හරි මැද” යන ඇරිස්ටෝටල් ඉදිරිපත් කල මතය එසේත් නැතිනම් විශ්වාසය කතෝලික ආගමේ ඉගැන්වීමක් බවට පත් වුවා.
ඇරිස්ටෝටල්ගේ දර්ශනය මෙතරම් ප්‍රසිද්ධ ඇයි?
තම ගුරුවරයා වන ප්ලේටෝ ගේ සංකල්පවාදය විවේචනය කරන ඇරිස්ටෝටල් තර්ක ගණනාවක් ගෙන එයි. ඇරිස්ටෝටල්ට අනුව පවතින්නේ එක ලෝකයකි. යම් වස්තුවක් වස්තුවක් හැටියට සලකන්නට නම් එය රූපක සහ පදාර්ථ යන දෙකින් ම නිමැවී තිබිය යුතුයි යන්න ඔහුගේ මතය වේ. මනුෂ්‍යයෙක් වන්නට නම් අයෙක් තාර්කික හැකියාවෙන් යුතු වීම අවශ්‍යය වනවා. එය මනුෂ්‍යත්ව සාරයේ අංගයක් වෙයි. රූපක හා පදාර්ථ සත්‍ය ලෝකය තුලින් විග්‍රහ කරන ඇරිස්ටෝටල් ඕක් ඇටයක උපමාවක් ගෙන එයි.
ඇරිස්ටෝටල්ගේ දේශපාලන දර්ශනය තවමත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අන්තර්ගතද?
පෙර සඳහන් කළ පරිදි නිතිය, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය ආදී විවිධ විෂයන් තුළ ඇරිස්ටෝටල් තවමත් ජීවමාන පුද්ගලයෙක් ලෙස සැරිසරනවා.
ඇරිස්ටෝටල්ගේ දේශපාලන දර්ශනයට අනුව සතුට යන්න ඒකීය මිනිසාගේ ක්‍රියාවක් සහ අරමුණක් ද වන්නා සේ ම එය රාජ්‍යයක පරමාර්ථයක් ද වන්නේ ය. ඔහුට අනුව රාජ්‍යයක් යනු ස්වභාවයෙන් පැන නැඟුනා වූ එහි පුරවැසියන්ගේ සතුට වැඩි වර්ධනය කරන ආයතනයක් ලෙස හැඳින්වෙයි. එමෙන්ම යම් ව්‍යවස්ථාවක් සියළු පුරවැසියන්ගේ පොදු යහපත සඳහා සැකසී ඇත්නම් එය සාධාරණ රාජ්‍ය්‍යක් යැයි ප්‍රකාශ කරනු ලැබේ.
ඇරිස්ටෝටල් තනි පුද්ගලයෙක් කරන රාජාණ්ඩුවක්, පිරිසක් විසින් කරන රදළ ආණ්ඩුවක් සහ පුරවැසියන් පිරිසක් අතින් පාලනය වෙන සීමාසහිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන පහදයි. ඇරිස්ටෝටල් වරෙක ප්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් දේශපාලන හැකියාවෙන් සපිරි පුද්ගලයෙක් තම රට වැසියාගේ අනාගතය උදෙසා නීති සම්පාදනය කිරීම වැදගත් බවයි. එනම් ඔහු රාජාණ්ඩු ක්‍රමයට තරමක් ප්‍රිය කර ඇති ආකාරයක් දක්නට ලැබේ.
නමුත් බහුතරයක් විසින් කරනු ලබන පාලනය කෙරෙහි ඇරිස්ටෝටල් අප්‍රසාදය පිරි නමන ලදී.
පුරවැසියා: ඉතාමත් වැදගත් අදහසක්.
ඇරිස්ටෝටල් තම දර්ශනය සහ දේශපාලනය තුළ පුරවැසියා සම්බන්ධයෙන්ද අදහස් ඉදිරිපත් කර ඇත.ඒ අනුව රාජ්‍ය යන්නෙන් අදහස් වන්නේ පුරවැසි එකතුවක් වන අතරම, ඔහුට අනුව එකී රාජ්‍යයෙහි පුරවැසියා ප්‍රතිලාභ රැසක් භුක්ති විඳියි
එනම් ඔහුට හෝ ඇයට අධිකරණ හා ව්‍යවස්ථාදායක කටයුතු වලට සහභාගි වීමේ හැකියාවක් ද තිබේ. ග්‍රීක සමාජයේ එවකට පැවති වහල් ක්‍රමයත් සමග මෙවැනි ප්‍රජාතාන්ත්‍රික අදහස් අගනේය.
ඇරිස්ටෝටල්ගේ දේශපාලන කෘතිය ඔහුගේ මරණයෙන් පසු ආයතනයේ ශිෂ්‍යයින් විසින් රචනා කරනු ලැබුවක්ද?
ඇරිස්ටෝටල් තම දේශපාලන අදහස් ඉදිරිපත් කල ප්‍රධානතම කෘතිය ලෙස “දේශපාලන” සදහන් කරන්නට පුළුවන්. එතුලින් ව්‍යවස්ථානුකුලවාදය හා නීතියේ ආධිපත්‍ය ගෙන අදහස් දක්වා ඇති අතර එවකට නගර රාජ්‍ය තුළ පැවති ගැටළු වලට විසදුම්ද ඉදිරිපත් කළ බවට වාර්තා වේ.
නමුත් මෙහි දී මෙම කෘතිය සම්බන්දයෙන් උක්ත සදහන් කළ ගැටලුව පවතී.
දර්ශනවාදය අතින් ලෝකවාසින්ට විශාල මෙහෙයක් ඉටු කල ඇරිස්ටෝටල් ක්‍රි. පූ.322 දී ඉයුබෝයා හි ස්වභාවික මරණයකට ගොදුරු විය.
කවරයේ පින්තුරය: ඇරිස්ටෝටල් ( history.com)
මුලාශ්‍ර:
- https://www.jw.org/si/ප්‍රකාශන/…/විශ්වය-ගැන-ඇරිස්ටෝටල්ගේ-මතය
- https://si.wikipedia.org/wiki/Aristotle
- https://en.wikipedia.org/wiki/Aristotle