Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි වීරයෙකු වු ලෝක පිහිනුම් ශූරයා

දැවැන්ත ශක්තියකින් හෙඹි, සාගරයේ වේගයෙන් පිහිනා යා හැකි සුපිරි වීරයෙකුගේ කතාවක් පාදක වු අැක්වාමෑන් (Aquaman) චිත්‍රපටය දෙසැම්බර් මාසයේ 21 වැනි දා තිරගත වීමට නියමිත ය. සාගර පත්ලේ ඇට්ලැන්ටියන් රාජධානියේ අයිතිය ඇති සුපිරි වීරයෙකු මිනිස්සුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන විදිය එම චිත්‍රපටය  තුළින් දැක ගත හැකිය. චිත්‍ර කතා ශිල්පියෙකුගේ අදහසකට අනුව නිර්මාණය වු එවන් වීරයන් සැබෑ ලෙස ම සිටිය නොහැකි ද? ශවාස් කර්පෙත්යාන් කියන්නේ සැබෑ ජීවිතයේ ඈක්වාමෑන් කෙනෙක්. ඔහු කළ වීර ක්‍රියාවන් සුපිරි වීරයන්ට පමණක් කළ හැකි දේවල් බව කෙනෙකුට සිතින්නට පුළුවන්.

ශවාස් විලැදිමිරි කර්පෙත්යාන් ඉපදුණේ 1953 මැයි 19 වැනි දා සෝවියට් සංගමයට අයත් ව තිබූ ආර්මේනියාවේ තෙවැනියට විශාල ම නගරය වූ වර්තමානයේ වැන්ඩෝර් ලෙස හඳුන්වන නගරයේ දී. පසු ව කර්පෙත්යාන් පවුල ආර්මේනියාවේ ම යේර්වාන් වෙත සංක්‍රමණය වෙනවා. ශවාස්ගේ ජීවිතය පිහිනීම සඳහා යොමු වෙන්නේ අනපේක්ෂිත අනතුරක් නිසා. වයස අවුරුදු 15 දී ශවාස්ට ළමුන් පිරිසක් පහර දෙනවා. පහර දීම කොයි තරම් දරුණු වුණා ද කියනවා නම්, පහර දුන් ළමුන් පිරිස විසින් පහර කා බිම වැටී සිටි ශවාස්ගේ දෑත් දෙපා බැඳ ගලක ගැට ගසා යේර්වාන් හි පිහිටි ස්වාන් විලට දමනවා.

යේර්වාන් හි ස්වාන් විල, වර්තමානයේ දර්ශනයක්. (App.am)

ශවාස් ව ගලේ බර සමග විලේ යටට ඇදී ගියත්, ඔහු ව ගැට ගසා තිබූ ලණු සහ ගල ඉවත් කරගෙන සාර්ථක ව ගොඩට එන්නට සමත් වෙන්නේ අතිදක්ෂ කිමිදුම්කරුවෙකු වගෙයි. මේ සිදුවීමෙන් පස්සේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ශවාස්ට යාළුවන්ගෙන් හා පවුලේ අයගෙන් පිහිනුම් ක්‍රීඩාව සඳහා සහභාගී වෙන ලෙස ද යෝජනාවක් ඉදිරිපත් වුණා. ශවාස් මේ යෝජනාව පිළි අරගෙන පිහිනුම් ක්‍රීඩාව සඳහා යොමු වීමට තීරණය කරනවා.

තරුණ ශෙවාස් කර්පෙත්යාන් පිහිනුම් තරගයක් අතරතුර (Peopleofar.com)

ශවාස් කර්පෙත්යාන් කොයි තරම් සාර්ථක ව ජල ක්‍රීඩාවට යෙමු වුණා ද කියනවා නම්, 17 වතාවක් ලෝක පිහිනුම් ශූරයා විදියටත්, 13 වතාවක් යුරෝපීයානු ශූරයා බවටත්, 7 වතාවත් සෝවියට් සංගමයේ පිහිනුම් ශුරයා බවටත් 11 වතාවක් ලෝක වාර්තා පිහිට වූ පිහිනුම් ශූරයෙකු බවට පත් වෙන්නේ, ඔහුගේ දක්ෂතාව සුපිරි මිනිසෙකුගේ හැකියාවකට සමාන බව ලෝකයාට පසක් කර දෙමිනුයි.

ශෙවාස් කර්පෙත්යාන් ඔහු දිනූ පදක්කම් ද සහිත ව (Peopleofar.com)

ශෙවාස් සෝ්වියට් සංගමය තුළ පමණක් නෙමෙයි මුළු ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් වුණේ පිහිනුම් ශූරයෙකු විදියට පමණක් ම නොවෙයි, සුපිරි වීරයෙකු විදියටත් ඔහු ප්‍රසිද්ධියට පත් වුණා. ඒ අනතුරට පත් වූ ට්‍රොලි බස් රථයක් ගලවා ගැනීමත් සමග යි. ශෙවාස් කර්පෙත්යාන් අනතුර සිදුවෙන දවසේ  හරියට ම වර්ෂ 1976 සැප්තැම්බර් 16 වැනි දා ඔහුගේ සහෝදරයා කමෝ කර්පෙත්යාන් සමග ව්‍යායාම සඳහා දුවමින් සිටියා. ශෙවාස් දිනකට සැතැපුම් 12ක් පමණ දුවන්න පුරුදු වෙලා හිටියා. කමෝ සහ ශෙවාස් යේර්වාන් හි ස්වාන් විලට ආසන්නයට ළඟා වෙනවාත් සමග දැවැන්ත ශබ්දයක් ඇසුණා. ස්වාන් විලට අංක-19 දරණ ට්‍රොලි බස් රථය වැටී තිබූණා. බස් රථය විලේ ගිලෙනවාත් සමග හඬ නඟමින් වතුර ඉහළට විසි වෙන්නට පටන් ගත්තා. ශෙවාස් සිදුවෙන අනතුර දිහා බැලුවා.

“මිනිස්සුන්ට වතුර යට හුස්ම ගන්න පුළුවන් වෙයි, ඒත් වැඩි වෙලාවකට නෙමෙයි” කියලා හිතපු 23 වන වියේ පසු වූ ශවාස් වේග‍යෙන් ගිලෙන බස් රථය පැත්තට දුවගෙන ගියා. කමෝත් ඔහු පසුපස ම දුවගෙන ගියේ බස් රථයේ පිරිසට සහාය ලබා දීමට උත්සාහ කරන්න. බස් රථය වේගයෙන් ගිලෙමින් අඩි 15ක් පමණ යටට විලේ ගිලී තිබූණා. ශෙවාස් වතුරට පැනලා ගිලී තිබූ බස් රථය ආසන්නයට ම පිහිනා ගියේ අවදානම ද නොතකායි. බස් රථය වටේට ම පිහිනා ගියත්, ඔහුට බස් රථය ඇතුළට යාමට හැකි තැනක් හොයා ගන්නට හැකි වුණේ නැහැ. ශෙවාස් අවාසනයේ වීදුරු කඩා බසය තුළට යාමට තීරණය කරනවා. ඔහු කරාටේ ශිල්පියෙකු විදියට වීදුරුවට පහරක් එල්ල කළා. බසයේ ජනේලයේ වීදුරු කැඩී ගියේ ශෙවාස්ගේ පාදයට දැඩි තුවාල සිදුකරමිනුයි.

ස්වාන් විලේ ගිලි තිබූ ට්‍රොලි බස් රථය (The Plunge.com)

ශවාස් ඔහුගේ සහෝදරයා කමෝට ගොඩබිම රැඳී ඉන්න කියලා තිබුණා. ඔහු බස් රථය තුළට යද්දීත් එහි ඇතුළට වතුර පිරෙමින් තිබූණා. බස් රථය ගිලී ගොස් තිබූණේ යේර්වාන් හි තරමක් කාර්ය බහුල අවස්ථාවක යි. ඒ නිසා ම එහි මඟීන් 90ක් පමණ රැඳී සිටි බව සඳහන් වෙනවා. ඒ පිරිස අතර කම්කරුවන්, පාසල් සිසුන්, කාර්යාල සේවකයන් ඇතුළු බොහෝ දෙනා සිටියා.

ශවාස් තුවාල වූ පාදය සමග බස් රථයට ඇතුල් වුණු අතර, එක්වර මඟීන් දෙදෙනෙකු සමග ඔහු රොකට් වේගයෙන් විලේ ඉහළට පිහිනා ගොස්, විල ඉවුරේ රැඳී සිටි කමෝ හට මඟීන් දෙදෙනා ව බාර දුන්නා. නැවත විදුලි වේගයෙන් විල ගැඹුරට පිහිනා ගිය ශෙවාස්, තවත් මඟීන් දෙදෙනෙකු ජලයෙන් පිටතට ගෙන ආවා. ඔහු ඒ විදියට ම 35 දෙනෙකු ගොඩට ගෙන ඒමට සමත් වෙනවා. කර්පෙත්යාන්ගේ පාදයේ තුවාලය තරමක් වේදනාකාරී වුණත්, ඔහු උත්සාහය අත අරින්න හිතුවේ නැහැ. අනතුර සිදු වී විනාඩි 20ක පමණ කාලයකින් සහන සේවකයින් පැමිණෙනවා. ඔවුන් ශෙවාස් ව නවත්තන්න උත්සාහ කරේ මඟීන් බොහෝ දෙනෙකුට ඒ වෙද්දීත් මියගොස් ඇති බව තහවුරු වුණු නිසා යි.

ඒත් ශෙවාස් උත්සාහය අත හරින්නට සුදානම් වුණේ නෑ. ඔහු ඊළඟ ගිලෙන බස් රථය ගොඩගැනීමට සහාය වුණා. විල ඉවුරේ නවාත තිබූ දොඹකරයේ කේබල් එක අතට ගත් ශෙවාස් වේගයෙන් පිහිනා ගොස් එය බස් රථයේ යට කොටසට සවිකර ඉහළට අදින්නට සංඥාව ලබා දුන්නා. ඒත් පළමු වර ගොඩට ගන්නට ගිය උත්සාහය අසාර්ථක වුණා. දෙවැනි වර යළිත් බස් රථය වීදුරුව කඩා දැමු ඔහු බස් රථය තුළට රිංගා ගොස් ඉදිරිපස කොටසේ කේබලය ගැට ගසා දමනවා. විනාඩි 45කට පසු ව බස් රථය විල තුළින් එළියට ගැනීමට සහන සේවකයන් සමත් වෙනවා.

අනතුර ගැන ආරංචි වූ ශෙවාස්ගේ පියා ද එම ස්ථානයට පැමිණ සිටි අතර, ඔහු විසින් ශෙවාස්ගේ ලේ ගලමින් තිබූ කකුල ටී ෂර්ට් එකකින් ඔතා ශෙවාස් ව නැවත ඔවුන්ගේ ගෙදරට එක්ක යන්නේ ශෙවාස්ට මියගිය අය වෙනුවෙන් තවත් කිරීමට දෙයක් ඉතිරි ව නැති බව කියමින්. ස්වාන් විලේ අධික සීතල වතුරේ පිහිනීම නිසාත්, තුවාලය නිසාත් ශෙවාස් රෝගී වුණත්, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු ව ඔහු ඉක්මන් සුවය ලබා ගන්නවා. අනතුරින් පසු ව ඔහු සුපුරුදු පරිදි නැවත පිහිනුම් තරග සඳහා යොමු වූ අතර, ඔහුගේ 11 වන ලෝක වාර්තාවත් පිහිටු වන්නට ඔහු සමත් වෙනවා. ශෙවාස් කර්පෙත්යාන්ගේ වීර ක්‍රියාව ඒ වෙද්දීත් මුළු සෝවියට් සංගමය පුරා ම ප්‍රචලිත වී තිබූණේ මාධ්‍ය පුරාවට ම ඔහුගේ වීර ක්‍රියාව ගැන සඳහන් කර තිබූ නිසා යි. පුවත්පත් ලිපිය නිසා ඔහුගේ වීරකම අගයා ලියුම් 60,000කට ආසන්න ප්‍රමාණයක් ලැබුණු බව ද සඳහන් වෙනවා.  

ශෙවාස් කර්පෙත්යාන් දිය යට ගලවා ගැනීම් පුහුණු වෙන අතරතුර (Dimplify)

ශෙවාස්ගේ වීරකම් එලෙස නිමාවට පත් වෙන්නේ නෑ. 1985 පෙබරවාරි මාසයේ 19 වැනි දා ආර්මේනියාවේ ක්‍රීඩාගාරය ලෙස හඳුන්වන Karen Demirchyan”  ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගින්නක් ඇති වී තිබුණා. ශෙවාස් ද ඒ අවස්ථාවේ ක්‍රීඩා මධ්‍යස්ථානය අසල සිටි අතර, දෙවරක් නොසිතා ඔහු ගිනි ගන්නා ක්‍රීඩා මධ්‍යස්ථානය තුළට වැදී එහි සිටි පිරිස බේරා ගන්නට කටයුතු කරනවා.  කලින් වතාවේ මෙන්ම මෙවර ද ශෙවාස්ට අනතුරකට මුහුණ දෙන්නට සිදුවෙන්නේ ගින්න නිසා කාබන්ඩයොක්සයිඩ් ආග්‍රහණය වීමෙන්. සියලු දෙනා බේරා ගැනීමෙන් අනතුරව ආසාධ්‍ය තත්ත්වයට පත් වූ ශෙවාස් කර්පෙත්යාන් බිම වැටී සිටි අතර, සියලු දෙනා ම ඔහු මියගිය බව හිතනවා. ඒත් ටැක්සි රථ රියදුරෙක්ගේ මැදිහත් වීමෙන් ඔහු ව රෝහල් ගත කර ශෙවාස්ගේ ජීවිතය ගලවා ගැනීමට සමත් වෙනවා.

Karen Demirchyan ක්‍රීඩා මධ්‍යස්ථානයේ වර්තමාන දර්ශනයක් (Videoblocks)

මේ අපුරු වීරයාගේ මේ වීරකම් සලකා බලා ඔහුට සෝවියට් සංගමය විසින් “For The Rescue of the Drowning” නම් අවංකභාවයට ලබා දෙන ඉහළම සම්මානය ලබා දුන් අතර, යුනේස්කෝ සංවිධානය විසින් ශෙවාස් හට “Fair Play” නමින් සම්මානයක් ලබා දෙන්නේ ඔහුගේ වීරකම් අගය කරමිනි.

කර්පෙත්යාන් ඔහුට ලැබුණු සම්මානයක් සමගින් (Knowhistory.ru)

ඔහුට තවත් ඉහළම ගෞරවයක් හිමිවන්නේ 2014 වසරේ සීත ඍතු ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව රැගෙන යාමත් සමග යි. ශෙවාස් කර්පෙත්යාන් ඔලිම්පික් ගිනි සිළුව මොස්කව් නුවර සිට ක්රැසනෝග්‍රෝස්ක් වෙත රැගෙන යනවා. එම අවස්ථාව ගැන කියා තිබූණේ,

“මම ගිනි සිළුව රැගෙන යන්නේ රුසියාව වෙනුවෙනුත්, ආර්මේනියාව වෙනුවෙනුත්” බව යි.

Related Articles