Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිහඬ වුණු යුගයක හඬ – නිහාල් නෙල්සන්

ශ්‍රී ලාංකික ගායක වංශ කතාවේ නොමැකෙන තවත් එක් පරිච්ඡේදයක් අවසන් කරමින් ගායන ශිල්පී නිහාල් නෙල්සන් පසුගිය දා හදිසියේ අභාවප්‍රාප්ත වුණා. අප අතරින් සමු ගන්නාවිට ඔහු 76 වන වියේ පසු වුණා. නිහාල් නෙල්සන් සැලකෙන්නේ අදටත් ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවට නැතිව ම බැරි චරිතයක් ලෙසට යි.

ඔහුගේ ගීත ගණනාවක් අදටත් මෙරට ප්‍රේක්ෂක සන්තානයේ රැඳි ඉතාමත් ජනප්‍රිය නිර්මාණ ලෙස පවතිනවා.

නිහාල් නෙල්සන් සංගීත ලොවට මුලින් ම පිවිසුණේ 1963 වසරේදී යි. එතැන් පටන් පුරා වසර 60 කට ආසන්න කාලයක් අඛණ්ඩව ම එහි රැඳෙමින් ශ්‍රාවක සිත් සතන් පිනවා ලීමට හා සනසා ලන්නට ඔහු කටයුතු කළා. විචාරක ඇගයීම් හුදු ප්‍රබුද්ධ ගායනවලට පමණක් සීමා වූ සමයක, සරල ගී, බයිලා වැනි ගීතාංග ඔස්සේ සාමාන්‍ය ජන හදවත් වෙත ආමන්ත්‍රණය කොට, සදාකාලිකව ම ඔවුන්ගේ හදවත්හි ලැගුම් ගන්නට ඔහු සමත් වුණා.

එකල මෙකල ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ගායක පතකා යෝධයන් වන එච්.ආර් ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි වැන්නවුන් අතර නිහාල් නෙල්සන්ගේ නමත් ඉදිරියෙන් ම කියැවෙනවා.

 නිහාල් නෙල්සන් සැලකිය යුතු වන්නේ සාමාන්‍ය ජන හදවත්වල ලැගුම් ගත් සදාකාලික හඬ පෞරුෂයක් ලෙස යි. විවිධ සංගීත ශානර දේශීය සංගීත ලෝලීන් වෙත සමීප කිරීමෙහි ලා කටයුතු කළ පුරෝගාමියෙක් ලෙස ඔහුගෙන් වූ සේවය අදත් මිල කළ නොහැකි යි.

Related Articles