සොවියට් දේශයේ රතු හමුදාවට පළමු වන ලෝක යුද්ධයේදී සෙබළෙකු ලෙස ඇතුල් වී දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් සමූහාණ්ඩුවේ මාෂල්වරයෙක් ලෙස ආක්‍රමණික ජර්මානු හමුදාවට අමතක නොවන පාඩම් ඉගැන්වූ කොන්ස්තන්තින් රුකොව්ස්කි නම් සෙන්පතිවරයා පිළිබඳව සමහර විට ඔබ අසා තිබෙන්නට පුළුවන්.
“රුසියාවේ කිසිදා නොනිමෙන ගිනි දැල්ල” ලෙස රුසියන් යුධ හමුදාවේ අදටත් ගෞරවයට ලක්වෙන යුධමය අතින් සෝවියට් දේශයට අති විශාල මෙහෙවරක් කල කොන්ස්තන්තින් රුකොව්ස්කි පිළිබඳවයි අද ලිපිය.
අශ්වාරෝහක භට රෙජිමේන්තුවට ඇතුල් වූ ගැටවරයා
රුසියානු අධිරාජ්‍ය යටතේ පාලනය වූ පෝලන්තයේ වර්සව් නගරයේදී 1896 දෙසැම්බර් 21 උපත ලබන කොන්ස්තන්තින් රුකොව්ස්කිගේ පියා එම ප්‍රදේශයේ දුම්රිය පරීක්ෂකවරයෙකු වූ අතර මව ගුරුවරියක් විය. කුඩා කල පටන් මෙම නගරයේ ජීවත් වූ ඔහුට කටුක ජීවන ගමනකට මුහුන දීමට සිදුවෙනවා.
1911 වසරේදී එනම් ඔහුට වයස අවුරුදු 14 වන විට අත්මේස් කර්මාන්ත ශාලාවක තම පළමු රැකියාව ආරම්භ කරනවා. හරිහැටි අධ්‍යාපනයක් නොලද ඔහු පසුව ගල් වඩුවෙකු ලෙස කටයුතු කරන්නේ ජීවත් වීම උදෙසා වෙනත් වෘත්තියක් නොතිබූ බැවින්. කාලයත් සමග මනා පෙනුමකින් හෙබි කඩවසම් ගැටවරයෙකු වූ රුකොව්ස්කි 1914 වන විට රුසියානු හමුදාවේ පස්වන කාර්ගොපෝල් අශ්වාරෝහක රෙජිමේන්තුවට ස්වෙච්ඡා භටයෙක් ලෙස ඇතුල් වන්නේ පළමු ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙන්.
අණදෙන නිළධාරියෙක් ලෙස
කාර්ගොපොල් අශ්වාරෝහක භට රෙජිමේන්තුවට සම්බන්ධ වීමත් සමග පළමු ලෝක යුධ සමයේ යුධ හමුදා සෙබලෙකු ලෙස ඔහු නායකත්ව ගුණාංග හා විශිෂ්ට රණශුරත්වයක් පෙන්වීම හේතුවෙන් අධිකාරි නොලත් නිලධාරියෙක් දක්වා උසස් වීම් ලබනවා.
1917 රුසියානු විප්ලවය පැවති සමයේ මොහු බොල්ෂේවික් පක්ෂට සම්බන්ධ වීමත් සමග රතු හමුදාවේ උසස් නිලධාරියෙකු ලෙස සේවය කරන අතර තුර Leningrad Higher Cavalry නම් යුද හමුදා ඇකඩමියෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා අණ දෙන නිලධාරි මට්ටමට උසස්වීමක් ලබා ගන්නවා.
1919 කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ වන රුකොව්ස්කි 1920 දී සෝවියට් දේශය වෙනුවෙන් මොංගෝලියාවේ හා චීනයේ සේවය කරන අතර මෙම කාලසීමාවේදී ඔහු යුධ ටැංකි පිලිබද උසස් නිලධාරියෙකු ලෙස අත්දැකීම් සමූහයක් ලබා ගැනීමට සමත් වෙනවා. මොංගෝලියාවේදී ඔහු කාන්තාවක් සමග ප්‍රේමයෙන් බැදෙන අතර 1923දී පාසල් ගුරුවරියක වන ජුලියා නැමති ඇය සමග විවාහ වී 1925 දී දියණියකගේ පියෙකු වීමට හැකි වෙනවා.
සියළු නිළතල වලින් නෙරපා සිපිරි ගෙයට
1939 කාල සීමාව රුකොව්ස්කි හට නොසිතූ විරූ අභාග්‍යසම්පන්න යුගයක් උදා වෙනවා. මෙයට මූලික හේතුව වුයේ ජෝශප් ස්ටාලින් රාජ්‍ය වරදින් නිදහස් වීමයි. මේ හේතුවෙන් රුකොව්ස්කි හට ඔහුගේ සියළු නිලතල අහිමි වන අතර ජෝශප් ස්ටාලින් විසින් රුකොව්ස්කි පෝලන්ත ඔත්තුකරුවකු ලෙස සිටි බවට චෝදනා එල්ල කර ඔහුට මරණ දණ්ඩනය නියම කරනවා. ඒ අනුව ඔහු මරණ දඩුවම ලැබෙන තෙක් සිරගෙට නියම වෙනවා.
මේ අතරවාරයේ දෙවන ලෝක යුද්ධයේ උනුසුමත් සමග රුකොව්ස්කිගේ අවශ්‍යතාව රතු හමුදාවට තදින් දැනෙන්නට විය. දක්ෂ සටන් මෙහෙයවන්නෙක් සිරගත කර තැබීම මේ මොහොතේ සුදුසු නොවන බව සෝවියට් රජය විසින් තීරණය කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1940 වසරේ මාර්තු 22දින පුනුරුත්ථාපනය කරන ලද ඔහුව නැවතත් රුසියානු හමුදාවට සම්බන්ධ කරගන්නවා. මෙලෙස නැවත සටන් බිමට අවතීර්ණ වන්නේ ඔහු පෙර සටන් වලදී පෑ විශිෂ්ට දක්ෂතා හමුදා නායකත්වය විසින් අවබෝධ කරගෙන තිබීම හේතුවෙන්.
වර්තමානයේ ශාන්ත පීටර්ස්බර්ග් නමින් හදුන්වන්නේ එවකට රුකොව්ස්කි හිරකර තබන ලද කෙරෙස්ටි බන්ධනාගාරයයි. ඔහු තම පවුලේ සමාජිකයන් හට නඩු විභාගයේ හෝ හිර අඩස්සියේ සිටි සමයේ තමන් ලද කිසිදු අත්දැකීමක් කිසි දිනෙක නොපැවසූ අතර වරක් තම දියණියට පවසා තිබුනේ නිදහස් වීමෙන් අනතුරුව ඔහු නිතරම රිවෝල්වරයක් ලග තබා ගත්තේ කිසියම් මොහොතක නැවත ඔහුව අත්ඩංගුවට ගැනීමට යම් අයෙක් පැමිනියහොත් පණ පිටින් කිසිවෙකුට දෙවන වරටත් යටත් නොවීම සදහා බවයි.
නිදහස් වීම හා නැවතත් සටන් බිමට
1941 ජූලි මාසය වන විට ජර්මානු කැරලිකරුවන්ගෙන් ගහන වූ රුසියාවේ දේශසීමා නැවත බේරා ගැනීමට රුකොව්ස්කි ස්මෝලන්ස් 4 වන හමුදා බළකායේ “බාබරෝසා මෙහෙයුමේ” අණදෙන නිලධාරි තනතුරට පත් වන අතර මොස්කව් සහ ස්ටාලින් ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමේදීද ඔහු 16 වන හමුදා බළකායට නායකත්වය දෙන ලද්දේ යුද උපාය මාර්ග ඉතා විශිෂ්ට ලෙස භාවිතා කර විජයග්‍රහණක් අත්පත් කරදෙමින්.
ඔහුගේ මෙවැනි වික්‍රමයන් හේතුවෙන් ඔහු නැවතත් දක්ෂ නිලධාරියෙක් ලෙස සෝවියට් රජයේ ගෞරවයට පාත්‍ර වන්නේ 1944 දීයි. අපකීර්තියට පත් හමුදා නිලධාරියෙකු, රාජද්‍රෝහි හිරකාරයෙකු ලෙස අප්‍රසාදයට පත්ව සිටි රුකොව්ස්කි සෝවියට් සමූහාණ්ඩුවේ සේනාධිනායක (Marshal of the Soviet Union) ලෙස පත්වෙන්නේ මෙම ජයග්‍රහණ හේතුවෙන්.
රුකොව්ස්කි කෙතරම් විජයග්‍රහණයන් ලබා ගත්තද මේ සියළු සටන් කිරීමට සිදුවූයේ ජෝර්ජි සුකොව් (Georgy Zhukov) නම් ආරක්ෂක අමාත්‍යවරයාගේ සමයේ වීම රුකොව්ස්කිගේ සිත කැළඹීමට හේතු වූ කාරනාව විය. එයට ප්‍රධාන හේතු වූයේ දෙදෙනාම සම වයසේ හා සියළු උසස්වීම් සම මට්ටමින් ලබාගෙන සිටිමයි. නමුත් දෙදෙනා සම මට්ටමක සිටියද රුකොව්ස්කි හට නිතරම සුකොව් යටතේ සිටීමට සිදුවෙනවා. තවද මෙම කාලසීමාව රුසියාවේ ජනරාල්වරුන්ට ඉතාම සුවිශේෂ කාල සීමාවක් විය. ඒ ඔවුන් එකිනෙකා සෝවියට් සංගමයේ ප්‍රසාදය ලබා ගැනීමට තරග වදිමින් සිටි යුගයක් වීමයි.
එයට තදබල විරුද්ධත්වයක් දැක්වූ රුකොව්ස්කි දෙවන ලෝක යුධ ගැටුම් වලදී රුසියන් හමුදා උපක්‍රම සම්බන්ධයෙන් නිතරම පාහේ වාද විවාද සුකොව් සමග ඇති කරගන්නවා. මේ හේතුවෙන් රුකොව්ස්කි නැවතත් සිරගත කිරීමේ අදහසක් සුකොව් හට පැවතියත් දෙවන ලෝක යුද්ධයේ විශාල කාර්යභාරයක් ඉටුකරන රුකොව්ස්කි වෙත එල්ල වී තිබූ ජනතා ප්‍රසාදය ඉහළ බැවින් ඒ අදහස මුදුන් පමුණවා ගන්නට ඔහුට නොහැකි වෙනවා.
දෙවන ලෝක යුද්ධයේ රුසියානු ජයග්‍රහණය
1944 ඔක්තෝබර් මසදී රුකොව්ස්කි විසින් වර්සව් කැරැල්ලට (Warsaw) එරෙහිව හමුදා කණ්ඩායම් මෙහෙයවන අතර එහිදී ඔවුන් විසින් ජර්මානු හමුදා භට කණ්ඩායම් සම්පුර්ණයෙන්ම විනාශ කර දමනවා. මේ හේතුවෙන් ජර්මානු හමුදාවට වර්සව් නගරය අල්ලාගෙන සිටීමේ බලය නැති වී ගිය අතර ඔවුන්ට අන්ත පරාජයක් ලබා පලා යන්නට සිදුවෙනවා.
1945 වන විට රුකොව්ස්කිගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ රතු හමුදාව ජර්මානු හමුදා භට කණ්ඩායම් රැදී සිටි නැගෙනහිර රුසියාවේ ප්‍රදේශ මෙන්ම උතුරු පෝලන්තය සම්පූර්ණයෙන් පරාජයට පත් කරන අතර ඔහුගේ සියළු හමුදා භට කණ්ඩායම් පසුව උතුරු ජර්මනියේ එවකට සිටි බ්‍රිතාන්‍යය සේනාධිපති බර්නාඩ් මොන්ටිගොමෙරිගේ අණ යටතේ එකට එකතු වෙන්නේ මිත්‍ර පාර්ශවික හමුදා ලෙසයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව
සෝවියට් දේශය ඇතුළු මිත්‍ර පාර්ශවික රටවල් දෙවන ලෝක යුද්ධය 1945 වසරේ ජයග්‍රහණය කරන අතර යුද්ධයෙන් පසුව රුසියානු ආභාෂය ලද කොමියුනිස්ට් රෙජිමේන්තු පෝලන්තයේ පිහිටුවනු ලබනවා.1949 ඔක්තෝබර් වනවිට රුකොව්ස්කි එසේ පෝලන්තයේ පිහිටවූ රුසියානු පාලනයේ ආරක්ෂක අමාත්‍ය ධූරයට තේරී පත්වෙනවා.
එසේම මොස්කව් හි නියෝජිතයෙකු ලෙසද පෝලන්තයේ කටයුතු කල ඔහු දේශපාලනයෙන් ඇතිවන බලපෑම් හේතුවෙන් තම තනතුරු වලින් ඉල්ලා අස්වී නැවතත් රුසියාවට පැමිණෙන අතර 1958 වසරේදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන පරීක්ෂක ධූරයට පත්වෙනවා.
සෝවියට් දේශය වෙනුවෙන් පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී විශාල මෙහෙවරක් කල කොන්ස්තන්තින් රුකොව්ස්කි 1968 මෙලොවින් සමුගන්නා විට ඔහුට වයස 71ක් විය. සෝවියට් සංගමයේ වීරයෙක් ලෙස නොමැකෙන මතකයක් ඉතිරිකරමින් මොස්කව් නගරයේ රෙඩ් ස්කුවෙයාර්හී (Red Square) අදටත් ඔහු සැතපී සිටිනවා.
කවරයේ ජායාරූපය – මොස්කව් නගරයේ ඔහුගේ ස්මාරකයට ගෞරව දක්වන අවස්ථාවක් (bogorodskoe.mos.ru)
මුලාශ්‍ර – Wikipedia, russiapedia.rt.com, ww2db.com, www.britannica.com