Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සූර්ය කේන්ද්‍රවාදයේ පියා – නිකලස් කොපර්නිකස්

නිකලස් කොපර්නිකස් යනු ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙකි. මොහු 1473 වසරේ පෙබරවාරි 19 වන දින පෝලන්තයේ උපත ලැබුවේය. ඔහුගේ පියා වෙළෙන්දෙක් හා ප්‍රාදේශීය නිලධාරියෙක් වූ අතර කොපර්නිකස්ට වයස අවුරුදු 10 යෙදී ඔහුගේ පියා මරණයට පත් විය. පසුව ඔහුව රැකබලා ගෙන අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ඔහුගේ මාමා විසිනි. සුර්ය කේන්ද්‍රවාදය ලොවට ඉදිරිපත් කරමින් තාරකා ක්ෂේත්‍රයේ මහත් පෙරලියක් කළ මොහු පිලිබඳ කරුණු ගෙන ඒමට මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය හා අධ්‍යාපනය

keywordsuggest.org

1491 වසරේදී ඔහු අධ්‍යාපනය සඳහා Krakow නම් අධ්‍යාපන ආයතනයට සම්බන්ධ විය. මෙය වර්තමානයේ Jajiellonian විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වයි. මෙහිදී කොපර්නිකස් තරකා විද්‍යාව හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව වැඩිදුර හැදෑරිය. Krakow හී තම උපාධිය නිම කිරීමෙන් පසු ඔහු ඉතාලියේ Bologna නම් විශ්වවිද්‍යාලට ඇතුළු විය. මෙම විශ්ව විද්‍යාලයේ කොපර්නිකස් අධ්‍යාපනය ලැබූ කාලය සිමාසහිත වුවත් එය ඔහුගේ ජිවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය.

යම් කාලසීමාවක් සඳහා කොපර්නිකස්ට Bologna විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිලිබඳ ප්‍රධාන ගුරුවරයා වූ Domenicus Maria සමඟ එකට සිටීමට හැකි විය. නගරයට අවශ්‍ය වාර්ෂික තාරකා විද්‍යා පූර්ව නිමිති පල කිරීමේ වගකීම පැවතියේ Maria සතුවයි. මේ නිසා Maria කළ බොහෝ පරීක්ෂණ සඳහා ඇස දුටු සාක්ෂි කරුවා වූයේ කොපර්නිකස්ය. මේ හේතුවෙන් කොපර්නිකස්ට නිරායාසයෙන්ම තාරකා විද්‍යාව පිලිබඳ දැනුමක් ඇති විය. තාරකා විද්‍යාව ඉගනීමට අමතරව ඔහු ග්‍රීක භාෂාව ඉගන ගැනීම සඳහා යොමු විය. මීට හේතුව වුයේ තාරකා විද්‍යාව පිලිබඳ වූ බොහෝ පොත්පත් පැවතියේ ග්‍රීක භාෂාවෙන් වීමයි.

පසු කාලයේ කොපර්නිකස් Padua විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. පසුව 1503 වසරේදී Ferrara විශ්ව විද්‍යාලයෙන් විනය නීතිය පිලිබඳ ආචාර්ය පදවියක් ලබා ගන්නා ලදී.

සුර්ය කේන්ද්‍රවාදය ලොවට ඉදිරිපත් කිරීම

historycollection.co

කොපර්නිකස්ගේ කාලයේ විශ්වයේ සම්භවය පිලිබඳ වූ මතය වූයේ පෘතුවිය කිසිදු චලනයකින් තොරව ඒකාකාරිව තිබෙන බවත් අනෙකුත් ග්‍රහයින්, ඉර, සඳ තරු ආදී සෞරග්‍රහ වස්තූන් පෘතුවිය වටා කැරකෙන බවත්ය. මෙහිදී යුරෝපිකයන්ට අනුව අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ මධ්‍යයේ පෘතුවිය පවතින ලදී.

ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී පමණ තාරකා විද්‍යාඥයකු වූ Ptolemy විසින් වෙනස් මතයක් ඉදිරිපත් කරන ලදි. ඔහුගේ තර්කයට අනුව ඉර සඳ හා ග්‍රහලෝක කුඩා කුඩා රවුම් ලෙස ඊට වඩා විශාල රවුම් වටා කැරකීම සිදු වේ. එම විශාල රවුම් පෘතුවිය වටා කැරකීම සිදු වේ. මොහු ඉදිරිපත් කළ මතය යුරෝපය පුරා වසර 1000කට වඩා වැඩි කාලයක් පිළිගත්තේය.

කොපර්නිකස් කළ අධ්‍යනයන්ට අනුව විශ්වයේ සම්භවය පිළිබඳව අනෙකුත් පුද්ගලයන්ට වඩා වෙනත් මතයක් ඔහු දරන ලදී. පෙර පැවති මතවලට අනුව විශ්වයේ කේන්ද්‍රය පෘතුවිය බව පිළිගැනුනත් කොපර්නිකස්ට අනුව විශ්වයේ කේන්ද්‍රය වුයේ සුර්යා යි. කොපර්නිකස් තාරකා විද්‍යාවට භෞතික විද්‍යාව එක් කර තමාගේ නව සොයා ගැනීම් සිදු කරන ලදී. ඉතිහාසයේ ගණිතය, භෞතික විද්‍යාව හා අජටාකාශ විද්‍යාව එක් කර න්‍යායක් තැනූ ප්‍රථම පුද්ගලයා ඔහු විය. කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍ර වාදය වර්ෂ 1500දි පමණ විශ්ව විද්‍යාල වල ඉගැන්වීම සිදු කරන ලදී.

කොපර්නිකස්ගේ නිබන්ධන එකතුව

wikimedia.org

වර්ෂ 1508 හා 1514 කාලය ඇතුළත කොපර්නිකස් තාරකා විද්‍යාව පිලිබඳ කුඩා නිබන්ධන රචනා කරන ලදි. ඒවා කුඩා අර්ථකථාවන් (little commentary) ලෙස හඳුන්වනු ලබයි. මෙම රචනා ඔහුගේ සුර්ය කේන්ද්‍රවාදය සඳහා පදනම සැකසූ නමුත් ඔහු ජීවත්ව සිටින කාලයේදී මෙම නිබන්ධන එකතුව මුද්‍රණය කර පළ කිරීමට නොහැකි විය. එම නිබන්ධන වල ඔහු නිවැරදිව පෘතුවිය ඇතුළු ග්‍රහයින් පිහිටා ඇති පිළිවෙල උපකල්පනය කර තිබුණි. සූර්ය කේන්ද්‍රවාදයට අමතරව මෙම ග්‍රන්ථ තවත් විද්‍යාත්මක කරුණු රාශියක් සඳහන් කරන ලදී. ඉන් එකක් ලෙස පෘතුවිය සුර්යයා වටා කැරකැවෙන අතර තුර එය තමාගේ කක්ෂය වටාද කරකැවෙන බව දක්වා තිබේ. ඔහුට අනුව පෘතුවියට ඉර වටා එක වටයක් කැරකැවීමට වසරක් ගත වේ. මෙවන් සොයා ගැනීම් රාශියක් අන්තර්ගත වූ කොපර්නිකස්ගේ ග්‍රන්ථයන් විශාල විද්‍යාත්මක වටිනාකමකින් යුතු බව පැහැදිලි වේ.

1539 වසරේදී කොපර්නිකස් Rheticus නැමැත්තා තම සිසුවෙකු ලෙස බඳවා ගන්නා ලදී. පසුව කොපර්නිකස් රචනා කල අත් පිටපත ඔහුට බාරදී ඇත්තේ එහි ඇති සූර්ය කේන්ද්‍රවාදය ජනප්‍රිය කිරීමටයි. වර්ෂ 1540දි එය මුද්‍රණය කර එලි දක්වන ලදී. පසුව 1543 දී කොපර්නිකස්ගේ ප්‍රධාන තාරකා විද්‍යා රචනාවක් වූ De revolutionibus orbium coelestium ප්‍රකාශයට පත් කරන ලදි.  

මුද්‍රණය ජනතාව අතට පත්වීම  

wikimedia.org

කොපර්නිකස්ගේ රචනාවන් මුද්‍රණය කිරීම අධීක්ෂණය කරන ලද්දේ Andreas osiander නමැති පුද්ගලයෙකු විසිනි. ඔහු කොපර්නිකස්ගේ අවසරයකින් තොරව ඔහුගේ පොතේ මුලට කෙටි විස්තරයක් ඇතුලත් කරන ලදී. ඉන් ප්‍රකාශ වුයේ එම පොතේ ඇති න්‍යාය අසාමාන්‍ය වුවත් එය මිනිසුන්ගේ තරකා ශාස්ත්‍ර ගණනය කිරීම් සඳහා උපකාරී වනවා නම් එය ඇත්ත න්‍යායක් නොවුනාට ගැටළුවක් නැත යන්නයි. මෙම ප්‍රකාශය පිලිබඳ කොපර්නිකස් කිසිසේත්ම සතුටට පත් නොවුනත් ඔහුගේ පොත ජනතාව අතරට ගමන් කිරීමට එම අවසර නොමැතිව ඇතුළු කළ ප්‍රකාශය හේතු විය.

කොපර්නිකස්ගේ සොයාගැනීම් පිලිබඳ අදහස්

sciencesource.com

මෙම පොත කියවූ ඕනෑම තාරකා විද්‍යාඥයෙකුගේ පොදු අදහස වුයේ වසර 1300ක පමණ කාලයකට තාරකා විද්‍යාව පිලිබඳ පළ වූ හොඳම පොත මෙය බවයි. මිට අමතරව ptolemy ගේ න්‍යාය නිසා ඇති වූ බොහෝ ගැටළු මග හරවා ගැනීමට කොපර්නිකස්ගේ න්‍යාය උපකාරී විය. කොපර්නිකස්ගේ න්‍යාය ජනතාව අතර තවදුරටත් තහවුරු කිරීමට ගැලීලියෝ ගැලිලි හා ජොහැන්නස් කෙප්ලර් වැනි විද්‍යාඥයින් දායක විය. නමුත් ප්‍රොතෙස්තන්ත්‍ර හා කතෝලික සභා නායකවරුන් කොපර්නිකස්ගේ න්‍යාය පිළිගැනීමට අකමැත්තක් දක්වන ලදී.

කවරයේ පින්තුරය – inquiriesjournal.com

Related Articles