Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කල් ඉකුත්වූ Pfizer COVID-19 එන්නත් මිලියන 7ක් ඉවතට

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව  ඔක්තෝබර් 31 වනදායින් කල් ඉකුත්වූ Pfizer COVID-19 එන්නත් මිලියන 7ක් ඉවත් කර ඇති අතර, ඒවා සෞඛ්‍යාරක්ෂිත ව ඉදිරියේ දී විනාශ කරන බව යි.

එන්නත් සඳහා වන Pfizer Inc. හි මිල පරාසය මත පදනම්ව සලකන කල, මෙම මාත්‍රා තොගය දල වශයෙන් අමෙරිකා ඩොලර්  මිලියන 770 ක වටිනාකමකින් යුතු වේ. ලෝක බැංකුවේ සහාය ඇතිව මෙරටට ලබා ගත් Covid-19 එන්නත් සඳහා වන මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 300කට ආසන්න ය. සෞඛ්‍ය අමාත්‍යාංශය කල් ඉකුත්වූ Pfizer එන්නත් සඳහා වන වියදම හෝ වටිනාකම තවමත්  ගණනය කර නොමැති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව තුළ, COVID-19 එන්නත්කරණය සඳහා ජාත්‍යන්තර පරිත්‍යාග ලෙස හෝ විවිධ ණය යාන්ත්‍රණ හරහා විවිධ වෙළඳ නාම යටතේ හැඳින්වෙන එන්නත් මිලදී ගැනිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශය මත මෙරටටආනයනය කර ඇති Pfizer COVID-19 එන්නත්වල කල් ඉකුත්වන දිනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය 2022 ජූලි මාසයේ දී මාස තුනකින් දීර්ඝ කළේ ය. මෙයටමිලදී ගෙන රජයට  පරිත්‍යාග කළ එන්නත් මිලියන 14 ක් ද ඇතුළත් විය. ඔක්තෝබර් 30 වැනි දා වන විට මෙම කාණ්ඩයෙන්, මාත්‍රා මිලියන 8.3 ක් ජනගහනය අතර බෙදා හැර තිබිණි.

මූලාශ්‍ර:
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්
සෞඛ්‍ය අමාත්‍යාංශය

Related Articles