Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 දී ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ ම YouTube චැනල්

ඉංග්‍රීසි භාෂාව අපට හැම තැනකදී ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් රැකියාවක් ලබා ගන්නට මුහුණ දෙන ඉන්ටවීව් එකේදීත්, ස්වයං රැකියාවක් කරනවා නම් විදේශිකයන්  සමඟ අදහස් හුවමාරු කරගනිද්දීත් ඉංග්‍රීසි භාෂා දැනුම නැතිව ම බැහැ. මේ දිනවල පවතින තත්ත්වය නිසා ගමන් බිමන් යාමත්, ඉගෙනීමට වියදම් කිරීමත් බොහෝ දෙනකුට ගැටලුවක් වෙලා. එයට විසඳුමක් විදියට නිවසේ සිට ම තමන්ගේ දැනුම නොමිලේ වර්ධනය කරගන්නට අවස්ථාවක් ලැබීම වටිනා බව අපට පෙනී ගියා. මේ ඉංග්‍රීසි බස උගන්වන යූටියුබ් චැනල් ලැයිස්තුව, ඉංග්‍රීසි බස ඉගෙනීමට උනන්දු ඔබ වෙනුවෙන් ම යි.

IELTS සිංහලෙන්

IELTS යනු International English Language Testing System යන්නෙහි කෙටි යෙදුම වුණත්, එය කියවන්නේ “අයි-ඊ-එල්-ටී-එස්” ලෙස නොව, “අයිල්ට්ස්” කියා බව ඔබ දන්නවා ද?

DP IELTS චැනලයෙන් සම්පූර්ණ පාඩම් මාලාව ම සිංහල බසින් ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. එහි ආහාර වර්ගවලට කියන නම්, සතුන්ගේ නම් ඇතුළු මූලික මට්ටමේ ව්‍යාකරණවල සිට, රචනා ලිවීම වැනි ඉහළ මට්ටම දක්වා ම වීඩියෝ ඇතුළත් වෙනවා. සිංහල බසින් අර්ථ දැක්වීම වගේ ම එය ම නැවතත් ඉංග්‍රීසි බසිනුත් කියා දෙනවා. මේ නිසා ඔබ IELTSවලට පෙනී නොසිටියත් එදිනෙදා ජීවිතයට ඉංග්‍රීසි දැනුම එක් කරගන්නට ඉන් ඉමහත් පිටිවහලක් ලැබෙන බවට සැකයක් නැහැ.

මෙතැනින් පිවිසෙන්න: DP IELTS

ඔබ සිංහල ඉගෙන ගත්තේ සිංහලෙන් ම නිසා, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් හොඳම ක්‍රමය ඉංග්‍රීසි භාෂාවෙන් ම ඉගෙන ගැනීම යි. ඉතින් නිවැරදි ක්‍රමය ඉංග්‍රීසියෙන් ම ඉංග්‍රීසි උගන්වන චැනල් භාවිත කිරීම නිසා අප මීළඟට ඉදිරිපත් කරන්නේ එවන් චැනල් කිහිපයක්. ඔබට ඒවායේ කියන වචන පැහැදිලිව ඇසෙන්නේ නැත්නම් YouTube ප්ලේයරයේ යට තිබෙන Captions බොත්තම ක්ලික් කර, ඉංග්‍රීසි උපසිරැසි ලබා ගන්නට පුළුවන්.

Easy English

මේ චැනලය සිලබස් එකකින් තොරව, එදිනෙදා ජීවිතයේදී වැදගත් වන දේවල් ගැන අවධානය යොමු කරන්නක්. මඟතොටේ දී හමුවන අයගෙන් විවිධ ප්‍රශ්න ඇසීම, බ්‍රිතාන්‍ය වාග් විලාශය (British accent) භාවිතය, ඇඳුම්වලට කියන නම් වැනි ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම වැඩි කර ගත හැකි නිසා වෙනත් රටක සංචාරයක දී මේ දැනුම වැදගත් වෙන්නට පුළුවන්. වචන නිවැරදි ව ශබ්ද කරන ආකාරය, විවිධ ප්‍රදේශවල අය කතා කරන ඉංග්‍රීසි අපේ කනට හුරු කර ගැනීම පවා මෙහි ඇතුළත් වෙනවා.

මෙතැනින් පිවිසෙන්න: Easy English – YouTube

BBC Learning English

ඔබ ඉංග්‍රීසි පුවත්පත් කියවන්නට, ප්‍රවෘත්ති වැඩසටහන් නරඹන්නට උත්සාහ කර තිබෙනවා නම් ඒවායේ නොතේරෙන කෙටි යෙදුම්, අලුත් වචන රැසක් අසන්නට, දකින්නට ඇති. පුවත් සේවයක් වගේ ම ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳත් කටයුතු කරන BBC වෙතින් ගෙන එන මෙම චැනලයෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් පුවතක් උදාහරණයට ගෙන එහි තිබෙන විශේෂ වචන, ඒවා ශබ්ද කරන ආකාරය, තේරුම, එය යොදා ගත හැකි ස්ථාන වැනි දෑ පුළුල් ව පැහැදිලි කිරීම යි.

ඊට අමතර ව කිසියම් මාතෘකාවක් යටතේ වාක්‍ය ගොඩ නඟන ආකාරය, එකම වාක්‍යය කිව හැකි විවිධ ආකාර පිළිබඳ Shorts ද මෙහි අන්තර්ගත වෙනවා. මේ චැනලය ඕනෑම වයසකට හෝ ඕනෑම ඉංග්‍රීසි අධ්‍යාපන මට්ටමක සිටින අයට සුදුසු යි.

මෙතැනින් පිවිසෙන්න: BBC Learning English – YouTube

EnglishClass101

ඉංග්‍රීසියෙන් ඊමේල් එකක් ලියන ආකාරය, කතාවක් පවත්වන ආකාරය වගේ ම, ඉංග්‍රීසියෙන් ආහාර ඇණවුම් කරන හැටි, විහිළුවක් කළා ම ඊට ප්‍රතිචාර ලෙස කිව හැකි වාක්‍ය වැනි ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම මෙහි බහුල ව අන්තර්ගත වෙනවා. වචනයක් හෝ වාක්‍යයක් හඳුන්වා දී, එය උච්චාරණය කරමින් පුහුණු වන්නටත් එය ඔබට කාලය වෙන් කරනවා. ඒ වගේම, වචනවලට හොඳින් ඇහුම්කන් දී ඒවා කනට හුරුවන තෙක් ඔවුන් එය කියවනවා.

විනාඩි 10කට අඩු කෙටි වීඩියෝවල සිට පැය බාගය සහ පැය 2ක් පමණ වන වීඩියෝ ද මෙහි තිබෙනවා.

මෙතැනින් පිවිසෙන්න: Learn English with EnglishClass101.com – YouTube

Business English Pod

අන්තර්ජාලය හරහා රැකියාවක් කළත්, අගනුවර ආයතනයක රැකියාවක් කළත් ඔබට ඉහළ නිලධාරීන් වගේ ම පාරිභෝගිකයන් සමඟත් ඉංග්‍රීසියෙන් කතා කරන්න, Presentation කරන්න, නිෂ්පාදන හඳුන්වා දෙන්න, ගනුදෙනු කතා කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ විදියේ සංකීර්ණ ව්‍යාපාරික ඉංග්‍රීසි දැනුම මූල්‍ය, නීති, වෙළඳ කටයුතු වගේ විවිධ අංශවලට අදාළ විදියට ගෙන එන චැනලයක් තමයි Business English Pod කියන්නේ.

මෙතැනින් පිවිසෙන්න: Learn with Business English Pod – YouTube

Go Natural English

ඉහත කියැවුණු ඇතැම් චැනල් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිවලට නැඹුරුතාවක් දක්වන ඒවා නමුත් අමෙරිකානු ඉංග්‍රීසි ගැන හොඳ දැනුමක් ලබා ගන්නට Go Natural English සමඟ ඔබට හැකි වෙනවා. කතා කරද්දි මනසින් පරිවර්තනය නොකර ඉංග්‍රීසියෙන් ම සිතන ආකාරය, කතාබහක් අරඹන ආකාරය, සුබ පැතුම් එක් කරන ආකාරය, ඉන්ටවීව් වලදි සිදුවන අතපසු වීම් වැනි පුළුල් මාතෘකා රැසක් මෙමඟින් ආවරණය කර තිබෙනවා.

මෙතැනින් පිවිසෙන්න: Go Natural English – YouTube

මේවාට අමතරව නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙබ් අඩවි සහ ඇප්ස් ගැන දැනගන්න අපි මීට පෙර පළ කළ ලිපිය කියවන්න. ඒ වගේම, ‍මේ වගේ පාඩම් YouTube එකෙන් බලද්දී ගොඩක් ඩේටා වැය වෙනවා. එයට විසඳුමක් විදියට ඩයලොග් සමාගම Home Broadband සඳහා අලුත් පැකේජ දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ සමඟ YouTube, WhatsApp, Facebook, Instagram, Viber යන සියල්ලට ම සති 2කට රු. 295කට 20GB සහ මාසයකට රු. 545කට 40GB ලැබෙනවා. වැඩි විස්තර දැනගන්න https://dlg.lk/3v0Fwwr වෙත පිවිසෙන්න.

Related Articles