මාර්තුවේ හොඳම ලිපි 10ක්

නව වසරක් උදාවී මාස තුනකුත් ගෙවී යන්නට ආසන්න යි. Roar සිංහල අපි මේ ලිපිය ලියන්නේ ගෙවීගිය කාලය දෙස ආපසු හැරී බැලීමේ අරමුණින්. මේ ලිපිය ලිවීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ, දැනටත් අඩක් ගෙවීගොස් ඇති මාර්තු මාසයේ අප අතින් ලියැවුණු ජනප්‍රියම ලිපි 10ක ලැයිස්තුවක් ඔබ වෙත ඉදිරිපත් කිරීම යි. ඔබට කියවන්නට මඟහැරුණු ලිපි කිසිවක් වේ නම්, ඒවා සොයාගෙන කියැවීමට මේ ලිපිය ඔබට උපකාරී වේවි.    

10. ලොව මිල අධිකම දොඩම් වර්ගය ගැන දැනගනිමු

මිහිරි රසයකින් යුත් ඩෙකොපොන් දොඩම් (Freepik)

දොඩම්, අපි කවුරුත් ප්‍රියකරන පළතුරක්. දුර ගමනක මඟට කකා යන්න නම් දොඩම් මල්ලක් අපට නැතුවම බැහැ. සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් රුපියල් 30ක් 40ක් වෙනවානේ. නමුත් අපි මේ ලිපියෙන් කතා කරන දොඩම් රුපියල් 40ට ගන්න බැහැ. මේ මිල අධික දොඩම්වලින් කිලෝ එකක් කීයක් විතර වේවි කියලා ඔබ අනුමාන කරනවා ද? 

9. ලංකාවට සේවයක් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු තිදෙනෙක්

ලාංකික අපි, අප පසුකර ආ යටත්විජිත සමය දෙස බලන්නේ එතරම් ප්‍රසාදයෙන් නෙවෙයි. එසමයේ ස්වදේශික අපට සුදු ජාතික පාලකයින් අතින් විඳින්නට සිදුවුණු දුක් කම්කටොළු එයට එක් හේතුවක්. කෙසේ නමුත්, ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයින්ගෙන් සමහරුන් (තමන්ගේ වාසියට හෝ) අප රටට විශාල සේවයන් සිදුකර අති අවස්ථා ද නැත්තේ නැහැ. මේ ඇතැම් ක්‍රියාවන්හි වරප්‍රසාද අප අදටත් භුක්ති විඳිනවා. 

8. යක්ෂයාගේ රත්‍රන් සොයා මරු කටට යන මිනිසුන්

දවසකට රුපියල් 1000ක් වැනි සුළු මුදලකට තම ජීවිතය පරදුවට තබන්නට සූදානම් මිනිස්සුත් ඉන්න බව ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? ඉන්දුනීසියාවේ එවැනි මිනිසුන් සිටිනවා. ඔවුන් සිය ජීවිතය පරදුවට තබා ගිනි කන්දක් තුළට ගමන්කරන්නේ සිය ජීවිකාව සඳහා යි.

කවා ඉජෙන් කල්දේරාව තුළ තිබෙන විල, ඇසිඩ් පිරුණු තටාකයක් හා සමාන යි/geology.com/

7. සුප්‍රකට JCB සමාගම ආරම්භ වුණේ මෙහෙමයි

අද වෙනකොට JCB යන්ත්‍රයක් දැකලා නැති වැඩිහිටියෙක් ලංකාවෙන් හොයාගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින්. JCB යන්ත්‍ර එතරම්ම ජනප්‍රිය යි. නමුත් මේ සමාගම ආරම්භ වුණේ කුඩා ගරාජයක බව ඔබ අසා නැහැ නේද? 

6. විකට රංගනයෙන් වාර්තා තැබූ ප්‍රෙඩී සිල්වා

“ෆ්‍රෙඩී සිල්වා” කියන්නේ අදටත් විකට රංගනය ගැන කතා කරද්දි ලාංකික අපේ සිහියට නැගෙන නමක්. පසුකලෙක බිහිවූ බොහෝ විකට නලුවන් මෙන් නොව, ෆ්‍රෙඩී සිල්වා සැබැවින්ම ඉතා දක්ෂ හාත්ස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු බව සමාජයේ පොදු මතයක්. 

ෆ්‍රෙඩී සිල්වාට වරක් සර් ජෝන් කොතලාවල හමුවුණේ සාදයක ගීත ගායනා කරන්නට ගොස් සිටියදී යි. ඔහු සර් ජෝන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ කතාවත් ඔබට මේ ලිපියෙන් දැනගන්නට පුළුවන්. 

05. මුල්ම යුනෙස්කෝ ලෝක උරුමයන් 12

වීලිස්කා ලුණු පතල (traveller.com.au)

UNESCO සංවිධානය ලෝක උරුමයන් නම් කිරීම ඇරඹුවේ 1978 වසරේ දී යි. එම වසරේ දී ඔවුන් ලෝක උරුමයන් 12ක් නම් කළා. එයට සංස්කෘතික ලෝක උරුමයන් 8ක් සහ ස්වභාවික ලෝක උරුමයන් 4ක් ඇතුළත් වුණා. එයට භූගත විලක්, දේවස්ථාන 4ක්, පතල් කම්කරුවන් නෙළන ලද ලුණු ප්‍රතිමා ආදිය ද සහිත ලුණු පතලක්, විශාල වහල් වෙළඳ මධ්‍යස්ථානයක්, සහ ගිනිකඳු පාෂාණයන්ගෙන් ඉතා පුදුමාකාර ලෙස නෙළන ලද ඉතා පැරණි පල්ලියක් ද අයත්. 

4. නාගයන්ගෙන් සැපසම්පත් ලබාගන්න යන නූතන මිනිස්සු

නාගයා අපේ ජනප්‍රවාද මෙන්ම සමාජය හා ජන ජීවිතය සමග ද බැඳී පවතින සත්ත්වයෙක්. ලංකාවේ බහුතරයක් දෙනා නාගයින්ට දක්වන්නේ මහත් බියක්. නාග දෂ්ටනය මාරාන්තික වීම මෙයට ප්‍රධාන හේතුව වෙලා තිබෙනවා. නමුත් සුළුතරයක් වූ තවත් සමහරුන් නාගයින්ගෙන් විවිධාකාරයේ වැඩ ගැනීම පුරුද්දක් කරගෙන සිටිනවා. 

3. ක්ලිව්ලන්ඩ් නගරයේ බැලුන් අකරතැබ්බය

යහපත් චේතනාවෙන් පටන්ගත්තත්, මහා විනාශයකින් අවසන් වෙන වැඩ ඔබ අත්දැකලා ඇති. එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් නගරයේ මහා බැලුම් අකරතැබ්බය ඇරඹුනෙත්, ලෝක වාර්තාවක් කඩන්නට ගත් අහිංසක උත්සාහයක් සහ පොදු කටයුත්තක් සඳහා අරමුදල් ‍රැස්කිරීමක් ලෙස යි. 

නමුත් එය අවසන් වුණේ කවුරුවත් බලාපොරොත්තු වුණු අයුරින් නම් නෙවෙයි.

ටර්මිනල් කුළුණ වටා පැතිර ගිය බැලූන් කන්දරාව/rarehistoricalphotos.com/

2. හැටේ දශකයේ දී ලංකාව කැළඹූ ඇල්ප්‍රඩ් සොයිසා

ඇල්ෆ්‍රඩ් සොයිසා කියන නම ඔබට අහලා පුරුදු ද? ඇතැම්විට ඒ ගැන සුළු මතකයක් ඔබට ඇති. 

ඇල්ෆ්‍රඩ් සොයිසා කියන්නේ හැටේ දශකයේ ලංකාවේ සිටි වෛද්‍යවරයෙක්. නමුත් වෛද්‍යවරයෙකු මුළු ලංකාවම කළඹන්නේ කොහොම ද? දක්ෂ තරුණ වෛද්‍යවරයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ ඇල්ෆ්‍රඩ් සොයිසා පෝරකයට යැවුනේ කොහොම ද? මේ ලිපියෙන් ඔබට ඒ සියල්ල දැනගන්න පුළුවන්.

1. රාමායනයේ ආදම්ගේ පාලම යට වැළලුණු අබිරහස

ආදම්ගේ පාලම අවට මුහුදේ පර්යේෂණ කටයුතු කිරීම සඳහා ඉන්දියාව අවසර ලබාදීමේ පුවතක් අපට පහුගිය ජනවාරියේ වාර්තා වුණා. ඉන්දියානුවන් “රාම් සේතු” යනුවෙන් හඳුන්වන ආදම්ගේ පාලම ගැන පරීක්ෂණ ඇරඹෙන්නේ ඇයි? ජනප්‍රවාද සත්‍යයැ යි හඟවන කිසියම් තොරතුරක් ඉන්දියාවට හමුවෙලා ද? මේ ලිපියෙන් අපි ඒ ගැන සොයා බලනවා. 

මීට අමතරව, මාර්තු මාසයේ පළවූ ලිපිවලින් ඔබ වඩාත් ප්‍රිය කළ ලිපි මොනවා ද? ඔබට එය කමෙන්‍ටුවක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. 

Related Articles

Exit mobile version