Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිලියන 5.7 ක ශ්‍රී ලංකා ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යයි

මිලියන 5.7 ක ශ්‍රී ලංකා ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තාවකින් පෙන්වා දෙයි. එය ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 26% කි.  

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ පද්ධති, සේවා සහ පහසුකම්වල අස්ථාවරත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා ක්ෂණික මානුෂීය ආධාර සහ ‘ඉහළ’ මැදිහත්වීමක් වුවමනා බව යි. එසේ නොමැතිවුවහොත්, මෙම සංඛ්‍යාව තව දුරටත් වැඩි විය හැකි අතර එනිසා මතු විය හැකි ප්‍රතිවිපාක ද ගැඹුරු වනු ඇත.

එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකික ජනතාව ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භණ්ඩවල උග්‍ර හිඟයකට මුහුණු දෙමින් සිටින බව ය.

ශ්‍රී ලංකාවේ පවුල්වලින් 73%ක ම අදායම මේ වන විට අඩුවී ඇති අතර, ජනතාවගෙන් 70%කගේ ආහාර පරිභෝජනය ද අඩු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යව ඇති අතර මිලියන 6.3 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මීළඟ ආහාර වේල ලැබෙන්නේ කොතැනින්දැයි නොදැන දිවි ගෙවන බවද එහි සඳහන් ය.

  ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 22ක් ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන අතර එය වලක්වා ගකු පිණිස ආධාර අවශ්‍යව සිටින බවට එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ද (WFP) පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සෘජුවම පීඩාවට පත්ව ඇති බව පෙන්වා දෙන වාර්තාව පවසන්නේ රෝහල් මාතෘ ප්‍රතිකාර, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා ඇතුළු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික සේවා සඳහා ප්‍රවේශය සහ ඒවා ලබා ගැනීමේ අවස්ථා ද අඩාල වී ඇති බව යි.

මුලාශ්‍ර:
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනය

Related Articles