ලොව හොඳම වාතය ඇති රටවල් 5ක්

වර්තමානය වන විට වායු දූෂණය ලොව ඉතා බරපතල ගැටළුවක් වී තිබෙනවා. මේ හේතුවෙන් ලොව සමහර ප්‍රදේශවල වාතය යම් කාලයක් ආඝ්‍රාණය කිරීමෙන් යම් යම් අයට ශ්වසනාබාධ ඇති වීමේ විශාල අවදානමක් ඇති වී තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හී ඉන්දියාව මේ ගැටළුවට බරපතල ලෙස ලක් වූ රටක් ලෙස හඳුන්වන්නට පිළිවන්.

ලොව තත්ත්වය එසේ වන විට දීත් තම රටෙහි වාතය ඉතා යහපත් ලෙස තබාගන්නට ලොව සමහර රටවල් සමත් වී තිබෙනවා. මේ ඒ අතරින් ඉදිරියෙන්ම සිටින රටවල් 5 පිළිබඳව යි.

අයිස්ලන්තය

trekearth.com

අයිස්ලන්තය සැලකෙන්නේ ලොව රටවල් අතරින් පිරිසිදුම වාතය ඇති රට ලෙස යි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ එහි ජනගහනය අවම වීම යි. එමෙන්ම එහි හොඳ ශාක වැස්මක් ද පවතිනවා. මෙය යුරෝපා මහාද්වීපයට අයත්, එහි ප්‍රධාන ගොඩබිමට වයඹදිගින්, ආක්ටික් වෘත්තය අභිමුඛයේ පිහිටි දූපතක් වන අතර, මෙහි ඇති හරිත පැහැය මෙන්ම සොබා සෞන්දර්යය නිසා හොඳ සංචාරක තෝතැන්නක් වෙනවා.

කැනඩාව

Instagram/@jhbest

කැනඩාව ලොව විශාලතම රටවල් කිහිපය අතරින් එකක් වෙනවා. මෙය ලොව දෙවනුවට පිරිසිදුම වාතය ඇති රට වෙනවා. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයේ උතුරට වන්නට පිහිටා ඇති අතර, දේශගුණික කලාප රාශියක් අන්තර්ගත වෙනවා. මේ හේතුවෙන් ශාක හා සත්ත්ව විශේෂ රාශියක් කැනඩාව තුළ වෙසෙනවා. කැනඩාව තුළ සොබාදහම රැකීම සඳහා තද නීති පනවා ඇති අතර, මේ නිසා වන විනාශය වැනි දේ සිදුවන්නේ අවම වශයෙනුයි.

ෆින්ලන්තය

Istock.com/Vaara

උතුරු යුරෝපයේ පිහිටා ඇති ෆින්ලන්තය ස්වීඩනය හා නෝර්වේ යන රාජ්‍යයන් දෙකට මායිම්ව පිහිටා තිබෙනවා. ඒවාට සමාන පරිසර තත්ත්ව පැවතියත් ෆින්ලන්තයේ ඒ ද්විත්වයටම වඩා පිරිසිදු වාතයක් තිබෙනවා. මෙහි පවතින තද වන වැස්ම මඟින් කාබන් ඩයොක්සයිඩ් වැනි අපිරිසිදු වායූන් පිරිසිදු කිරීම යුහුසුළුව සිදුකෙරෙනවා.

බෲනායි

happytrailsasia.com

බෲනායි රාජ්‍යය ලොව සිව්වැනියට පිරිසිදුම වාතය තිබෙන රාජ්‍යය යි. මෙය මෙම ලැයිස්තුවට අයත් වන එකම ආසියාතික රට යි. බෲනායි රාජ්‍යය මලයාසියාවට මායිම්ව පිහිටා තිබෙනවා. මෙම රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවේ 1984 වසරේ දී වන අතර, ඉන්පසු සීඝ්‍රයෙන් දියුණු වී තිබෙනවා. මේ දියුණුව ළඟා කරගැනීම සඳහා එහි කර්මාන්ත ද විශාල උරදීමක් කර තිබෙනවා. කෙසේ නමුත්, මේ සමගම වන සංරක්ෂණය කෙරෙහි ද ඔවුන් යුහුසුළුව අවධානය යොමු කිරීම නිසා වාතයත් යහපත් මට්ටමක තබාගන්නට ඔවුනට හැකි වී තිබෙනවා.

එස්තෝනියාව

pymnts.com

යුරෝපයේ උතුරුදිගට වන්නට පිහිටි එස්තෝනියාවේ වාතය යහපත් මට්ටමක තිබෙන්නේ එහි ඇති පොහොසත් වන වැස්ම හා අඩු ජනගහනය නිසා යි. මේ ලැයිස්තුවට අන්තර්ගත බොහෝ රටවල්වල මෙන්ම මෙහි ද මානව සංවර්ධන දර්ශකය ඉහළ මට්ටමක තිබෙනවා.

කවරයේ පින්තූරය - odgersberndtson.com

Related Articles

Exit mobile version