
01. FedEx

spinsucks.com
ලොව සැඟවුණු අර්ථයක් හෝ පණිවිඩයක් ඇති වෙළඳ ලකුණු අතර ප්‍රමුඛතම තැනක් ගන්නා ලකුණක් ලෙස FedEx වෙළඳ ලකුණ හඳුවන්න පුළුවන්. ඔබ දුටුවාද මෙම වෙළද ලකුණේ ‘E’අකුර හා “X’අකුර සම්බන්ද වෙන තැන නිර්මාණය වෙන අවකාශයේ තිබෙන ‘ඊ තලය”? මෙම වෙළඳ ලකුණේ නිර්මාණ ශිල්පියා වන්නේ Lindon Leaderයි. එක්තරා සංවාදයකදී ඔහුගෙන් මෙම නිර්මාණය ගෙන විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා තිබුණේ එම ඊතලය සැම විටම “ඉදිරියට” යන්න හැඟීමක් ලබා දෙන බවයි. තවද එය තුල වේගය හා සම්පූර්ණයෙන්ම නිවැරදි බව, අන්තර්ගත බව ද ඔහු පවසා තිබුණා.මෙම නිර්මාණය සම්මාන 40කට වඩා දිනාගත් අතර 2015 වසර වන විට Rolling Stone සඟරාව නම් කළ ලොව හොදම වෙළඳ සලකුණු 8 අතර වසර 35ක් රැඳී තිබුණා.
02. LG

pinimg.com
මුලින්ම LG සමාගමේ සලකුණ දකින විට ඔබට තනි ඇසක් සහිත මුහුණක් දැකීමට හැකියි. නමුත් තරමක් සමීපව අධ්‍යයනය කරන විට මුහුණේ නාසය L අකුර ලෙසත්, මුහුණේ වටේ දාරය G අකුර ලෙසත් හඳුනාගත
හැකි වේවි. සමහරක් දෙනා නව Pacman සලකුණ මේ ඇසුරෙන් නිර්මාණය කර ඇති බවත් පවසනවා.
03. Wendy’s

wikimedia.org
Wendy’s යනු ඇමරිකාවේ පිහිටා ඇති ක්ෂණික ආහාර නිපදවන ජාත්‍යන්තර අවන්හල් ජාලයක්. මෙය ඩේව් තෝමස් විසින් 1969 නොවැම්බර් මස 15 වෙනිදා ආරම්භ කර තිබුණා. ඔවුන්ගේ අවන්හල් වල ඇති අනන්‍යතාවය වන්නේ නිවසේ සෑදු ආහාර මෙන් ඒවා ප්‍රණීත බව උද්දීපනය කිරීමයි. මේ හේතුව නිසාම ඔබට Wendy’s සමාගමේ වෙළඳ ලකුණ තුළ Wendy’s ගේ කොලරයේ ඇති “MOM”යන වචනය ඇතුලත් කර ඇති අයුරු ඉතා සීරුවෙන් බැලුවහොත් දැකිය හැකි වේවි. stocklogos.com වෙබ් අඩවියට අනුව මෙම කොටස සවිඥානකව ග්‍රහණය කර ගැනීමට තරමක් අපහසු වන නමුත් අවිඥානිකව මෙය සමාගම් සන්නාමය කෙරෙහි ධනාත්මක අභිප්‍රේණයක් ඔබේ මොලය තුල ඇති කිරීමට සමත් වෙනවා.
04. Baskin-Robbins

wikimedia.org
Dunkin’ Brands සමුහයයට අයත් සමාගමක් ලෙස Baskin-Robbins හදුන්වන්න පුළුවන්. මෙම සමාගම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔවුන් සතුව පවතින රස 31 යුතු අයිස්ක්‍රීම් වර්ග නිසයි. ඔවුන්ගේ “රසයන් 31” අන්‍යතාව, ශක්තිය, හා සතුට යන්න ඔවුන් 2005 නිර්මාණය කල වෙළඳ සන්නාමය තුළ ඇතුලත් වෙනවා. රෝස පැහැයෙන් හා නිල පැහැයෙන් යුතු BR යන අකුරු දෙකේ මෙම සමාගමේ නම හා ඔවුන්ට අන්‍ය රස 31 යන පණිවිඩ දෙකම ඇතුලත් වෙනවා.
05. Toblerone

popwebdesign.net
නම කියූ සැනින් ලොවම දන්නා වෙළඳ සන්නාමක් ලෙස Toblerone හඳුන්වන්න පුළුවන්. මෙම සමාගම ස්විට්සර්ලන්තයේ ආරම්භ වුනා. බර්න් හී මැටර්හෝන් කඳු වැටිය මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙනවා මෙන්ම මෙම ප්‍රදේශය “වලසුන්ගේ නගරය” ලෙසත් හඳුන්වනු ලබනවා. ඔබට එක විටම මෙම වෙළඳ ලකුණ දෙස බැලූ විට කදු පන්තියක් දැක ගැනීමට හැකියාවක් ලැබේවී. නමුත් නැවත වරක් බලන්න. ඔබට ඒ කඳූ පන්තියට අමතරව වලසෙකුත් දැක ගන්න පුළුවන්. මෙම වෙළඳ ලකුණ නිෂ්පාදන ආයතයනක් තම ආරම්භක ප්‍රදේශය අදාළ කරගෙන සෑදූ වෙළඳ ලකුණකට හොඳ උදාහරණයක් වෙනවා.
06. Toyota
ලොව ජනප්‍රියම රථවාහන නිෂ්පාදන සමාගමක් ලෙස ටොයෝටා සමාගම හඳුන්වා දීමේ හැකියාවක් පවතිනවා. එම වෙළඳ ලකුණ රවුම් තුනකින් යුතුව ඇති බව ඔබ දැක ඇති. නමුත් එම ලකුණ තුළ toyota යන නාමය සඳහන්ව ඇති බව ඔබ නොසිතන්නට ඇති.