ලොව වැඩිම මිලක් වැය වූ හොලිවුඩ් නිර්මාණ

01. Pirates of the Caribbean: On Stranger Tides (2011)

pinimg.com

ලොව එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කරන ලද සිනමා නිර්මාණය මෙය වන අතර මෙය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 397ක්. එමෙන්ම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ජොනි ඩෙප්  ඇමරිකානු ඩොලර් 55,000,000 පමණ අය කරන්නට ඇතැයි ඇස්තමේන්තු කරනවා. මෙහි ආදායම ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.045ක් වාර්තා වී තිබෙනවා. මෙහි නිශ්පාදනය ජෙරී බෲක්යෙමිර් හා වෝල්ට් ඩිස්නි සමාගම් විසින් කර තිබුණා.

02. John Carter (2012)

cdn.putlocker.io

මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් වියදම් වී ඇති මුලු මුදල ෆෝබ්ස් වෙබ් අඩවියට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 306.6ක්. ත්‍රාසජනක හා ක්‍රියාදාම සිනමා ගණයට වැටෙන මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඇන්ඩෲ ස්ටැන්ටන් හා මාක් ඇට්කින්ස් විසිනි. මිනිත්තු 118ක් පුරා මෙම සිනමා නිර්මාණය දිවයනවා. මෙය බෙදා හැරියේ Walt Disney සමාගම විසින් වන අතර එඩ්ගාර් රයිස් විසින් රචනා කල A Princess of Mars නම් කෘතිය ඇසුරෙන් නිර්මාණය කර තිබුණා.

03. Tangled (2010)

www.filmofilia.com

ෆොර්බ්ස් වෙබ් අඩවියට අනුව මෙයට වියදම් වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 260ක් වෙනවා. මෙම සිනමා නිර්මාණය මිනිත්තු 100ක් පුරා දිව යන සජීවීකරණ සිනමා නිර්මාණයක් වන අතර මෙය අධ්‍යක්ෂණය කර තිබුණේ නාතන් ග්‍රේනෝ හා බයිරොන් හොවාඩ් විසිනි. මෙය නිෂ්පාදනය කර බෙදාහැර තිබුණේ Walt Disney සමාගම විසින් වන අතර මෙහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 591.8ක් වී තිබුණා.

04. Spider-Man 3 (2007)

cinemassacre.com

boxofficemojo වෙබ් අඩවියට අනුව මෙම නිර්මාණය වෙනුවෙන් වියදම් වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 258ක්. පැය 2 මිනිත්තු 20ක ධාවන කාලයක් සහිත මෙම නිර්මාණය ක්‍රියාදාම හා ත්‍රාසයජනක සිනමා නිර්මානයක් ලෙස සැලකෙනවා. 2007 මැයි මස හතර වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙය දින 112ක් පුරා ප්‍රදර්ශනය කෙරුණා. මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කෙරුණේ සෑම් රයිමි අතින් වන අතර එහි ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 890.9ක් වාර්තා වෙනවා.

05. Avengers: Age of Ultron (2015)

newsfirst.lk

මෙම සිනමා නිර්මාණ boxofficemojo වෙබ් අඩවියට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක වියදමින් නිර්මාණය කර තිබෙනවා. මෙය බෙදාහැරිම Buena Vista සමාගමෙන් කර තිබෙනවා. පැය 2යි මිනිත්තු 21ක් පුරා දිවයන මෙම නිර්මාණය ක්‍රියාදාම හා ත්‍රාසයජනක සිනමා නිර්මාණ ගණයට අයත් වෙනවා. ජොස් වෙඩන් අධ්‍යක්ෂණය කළ මෙහි මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.405ක් වෙනවා.

06. Avatar-(2009)

deviantart.net

මෙම නිර්මාණය රචනා කොට අධ්‍යක්ෂණය කර තිබුණේ ජේම්ස් කැමරන් විසිනි. 20th Century Fox සමාගම විසින් මෙම සිනමා නිර්මාණය බෙදාහැරීම කර තිබුණා. මිනිත්තු 161ක් පුරා දිවයන මෙම  සිනමා නිර්මාණය නිර්මාණය වෙනුවෙන් වැය කළ මුදල මිලියන 237ක් වෙනවා. එම සිනමා නිර්මාණය වාර්තා ගත ඇමරිකානු ඩොලර් බිලියන 2.788ක ආදායමක් වාර්ථා කලා. එමෙන්ම මෙම සිනමා නිර්මාණය වාර්තා වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායම පසුකල ලොව ප්‍රථම සිනමා නිර්මාණය ලෙසයි.

කවරය – amazonaws.com

Related Articles

Exit mobile version