ලොව පුරා පාර්ලිමේන්තුවල ඇතිවූ උණුසුම් ගැටුම් 7ක්

“මාගේ කථාව අරඹන්නට ප්‍ර‍ථම මට පෞද්ගලික තරහක් පිරිමහන්නට අවශ්‍ය යි.

සෞඛ්‍ය ඇමති රැත් මහතාට මීට පෙර ද මම මාධ්‍ය භාවිතයේ දී සැලකිලිමත් වන ලෙස පවසා තිබෙනවා.

එය පමණයි මට තිබූ ගැටළුව.”

– නුඹ බියගුල්ලෙක් වගේයි මට පසුපසින් පහරදුන්නේ. තමුන් මහා නිවටයෙක්.

ඒ,  2006 චෙක් හි දී ඇති වූ සිදුවීමක්. එකල චෙක් නියෝජ්‍ය අගමැති වූ මාචෙක් සෞඛ්‍ය ඇමැති ‍රැත්ට පහර දෙන්නේ ඔහු මාචෙක් විවාහ වූයේ මුදල් නිසායැ යි වරක් ප්‍රසිද්ධියේ පැවසීම හේතුවෙන්.

1. දකුණු කොරියාව

දකුණු කොරියානු ජාතික සභාවේ දී මාධ්‍ය කර්මාන්ත ප්‍ර‍තිසංස්කරණය සම්බන්ධයෙන් කෙටුම් පත් තුනක් ඉදිරිපත් කෙරුණා. 2009 වර්ෂයේ 22 ජූලි වැනි දා ඒවා සභාගත කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විපක්‍ෂ නායකතුමා කථානායකවරයාට බාධා කිරීමත් සමග මන්ත්‍රීවරුන් කැළඹීමට පත්වුණා.

2. නයිජීරියාව

නයිජීරියානු ජාතික සභාවේ කථානායකවරයාට එරෙහිව සභිකයින් විසින් දූෂණ චෝදනා එල්ල කළා. ඔවුන් ඉදිරිපත් කළ දෝෂාභියෝගයට මෝසම් ගෙන එමින්, චෝදනා එල්ල කළවුන්ට සභා තහනම් පැනවීමත් සමග සභා ගැබ උණුසුම් වුණා.

2010 වසරේ ජුනි 22 වැනි දිනයේ යි මෙය සිදුවුණේ.

3. වෙනිසියුලාව

වෙනිසියුලාවේ ජාතික සභාව අතරතුර දී ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය අතර ගැටුමක් ඇතිවුණා. විපක්‍ෂ නායකවරයාට කථා කිරීමට අවස්ථාවක් නොදී ආණ්ඩු පක්‍ෂය එහි දී ඝෝෂා නගන්නට පටන් ගත්තා.

ඉතින් 2013 අප්‍රේල් 30 වැනි දාව සභාවට හොඳ දවසක් වුණේ නැහැ.

4. දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුවේ නීති සම්පාදක විපක්‍ෂය සහ ආරක්‍ෂක නිලධාරීන් අතර 2016 මැයි 17 වැනි දා ගැටුමක් ඇතිවුණා. ඒ, එරට ජනපති සූමා විසින් සභාව අමතන්නට සැරසුණු අවස්ථාවේ දී යි.

ජනපතිවරයාට විරුද්ධත්වය ප්‍ර‍කාශ කරමින් ඔවුන් පවසා සිටියේ බදු ගෙවීම සඳහා වූ මුදල්වලින් ඔහු තම නිවස අළුත්වැඩියා කර ඇති නිසා ඔහු ධුරයෙන් පහවිය යුතු බව යි.

5. නේපාලය

නේපාල පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට පු‍ටුවලින් පවා පහර දුන්නේ, නේපාල රජය එරට නව ව්‍යවස්ථාවක කෙ‍ටුම්පත සම්මත කරගැනීමට කළ උත්සාහය වැළැක්වීමට යි.  

මේ කලබලය සිදුවුණේ 2015 ජනවාරි 20 වන දා යි.

6. යුක්රේනය

යුක්රේන අගමැති ආර්සනි යට්සෙනික් කථාවක් පවත්වද්දී මහත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණා.

එරට විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් පැමිණ ඔහුට මල් පොකුරක් දී වේදිකාවෙන් ඉවත් කරන්නට සැරසෙද්දී එතැන මහත් කලබලයක් ඇතිවුණා.

2015 දෙසැම්බර් 11 වන දින සිදුවූ මේ කලබලයට හේතුව අගමැතිතුමා විසින් මන්ත්‍රීවරුන් පිරිසක් මෝඩයින් ලෙස හැඳින්වීම යි.

7. තායිවානය

2017 ජුලි 14 වන දා තායිවාන යුවානයේ නීති සම්පාදකයින් පු‍ටුවලින්, වතුර පිරවූ බැලූනයන්ගෙන් එකිනෙකාට පහර දෙමින්, නලා පිඹිමින් ගුටි ඇණගත්තේ පාලක පක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු ඩොලර් බිලියන ගණනක පනතක් සම්මත කරගැනීමට යාමේ දී යි.

මේ කෝලාහලය අතරතුරේ කාන්තා සාමාජිකයින් ද ගුටි ඇණගන්නා අයුරු දක්නට ලැබුණා.

Related Articles

Exit mobile version