දින ගණන් දිග ට්‍රැෆික්

ලෝකයේ වැඩි ම දුර ප්‍රමාණයක් හා වැඩි ම කාලයක් පුරාවට පැවතුණු මාර්ග තදබද කිහිපයක් “ලිස්ට්” තුළින් ගෙන එන්න යි අපේ මේ සුදානම.

කිලෝමීටර 100ක් පුරා විහිදී ගිය චීනයේ බිජිං මාර්ග තදබදය

ට්‍රක් රථ රියදුරන් (www.dailymail.co.uk)

චීනයේ අග නගරය වන බිජිං සිට උතුරු කලාපයට විහිදී ගිය අධිවේගී මාර්ගයක දින 12ක් පුරාවට අධික මාර්ග තදබදයක් නිර්මාණය වෙනවා. ඒ 2010 අගෝස්තු මාසයේ දී යි. අධිවේගී මාර්ගය දිගේ කි. මී. 100කට ආසන්න දුරකට මාර්ග තදබදය පැතිරී පවතිනවා.

විශාල මෝටර් රථ ප්‍රමාණයක් හා ට්‍රක් රථ ප්‍රමාණයක් මෙම තදබදයට හසු වූ අතර එහි ගමන් කළ රියදුරන් ඇතුළු පිරිස්  අවශ්‍ය කෑම බීම මිල දී ගැනීම සිදුකරන්නේ මාර්ගය ඔස්සේ වෙළදාම් කළ ජංගම වෙළදුන්ගෙනි. දින ගණනාවක් රියදුරන්ට නිදා ගැනීමට වෙන්නේ රථයේ හෝ රථය යට එළා ගත් ඇතිරිල්ලක් මත යි.

මෙම තදබදයට අසු වූ සියලු රථවල වේගය දිනකට කි. මී. 1.5කට පමණ සීමා වෙනවා. තදබදය පාලනය කිරීම සදහා චීන පොලිසිය විසින් භටයන් 400කට අධික සංඛ්‍යාවක් යොදවනු ලබනවා. කෙසේ නමුත් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් වෙන්නේ දින 12කින් පසු ව යි.

දවස් තුනක් පුරා පැවති නිව්යෝර්ක් මාර්ග තදබදය

woodstock 1969

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ වයඹ දිග ප්‍රදේශයේ දින තුනක් පුරා පැවති Woodstock නම් සුප්‍රසිද්ධ සංගීත ප්‍රසංගය හේතුවෙන් බෙතෙල් ප්‍රදේශයේ සිට සංගීත ප්‍රසංගය දක්වා මාර්ගයේ දින තුනක තදබදයක් නිර්මාණය වෙනවා.

ඒ 1969 අගෝස්තු මාසයේ දී යි. කි. මී. 30ක් දක්වා මෙම තදබදය පවතින අතර දින තුන ම වර්ෂාව ඇද හැලුණු බැවින් සංගීත ලෝලීන් මෙම තදබදයෙන් හා වර්ෂාවෙන් ඉතා වින්දනයක් ලබා ගත් බව සඳහන් වෙනවා. සංගීත ප්‍රසංගය “දින තුනක් තිස්සේ  සාමය හා සංගීතය” යන තේමාව ඔස්සේ පැවති අතර සංදර්ශනයේ දින තුන තුළ දී 10 වතාවක් පමණ වැසි ඇද හැලෙනවා.

හිම වැටීම හේතුවෙන් ඇති වූ මාර්ග තදබදය – චිකාගෝ

chicagotribune.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නුවර අඟල් 20ට වැඩි ප්‍රමාණයේ හිම කැබලි සහිත හිම පතිත වීම සිදුවන්නේ හවස් වරුවේ මාර්ගය කාර්ය බහුල වන අවස්ථාවක දී යි. මේ හේතුවෙන් ධාවනය ඉතා අපහසු වූ අතර පැය 12කට ආසන්න කාලයක් පුරාවට මාර්ග තදබදය පවතිනවා. හිමෙන් බොහෝ වාහන ගණනක් වැසී යනවා. ඒ 2011 පෙබරවාරි මාසයේ දී යි.

මොස්කව් හි පැවති දින තුනක මාර්ග තදබදය

Infinite Unknown

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හා මොස්කව් අතර පවතින අධිවේගී මාර්ගයේ කි. මි. 200කට ආසන්න දුරකට විහිදී ගිය මාර්ග තදබදයක් දකින්නට ලැබෙන්නේ 2012 නොවැම්බර් මාසයේ දී යි. මෙම තදබදය දින තුනක් පුරාවට පවතිනවා.

අඟල් තුනක් පමණ වන හිම කැට සහිත හිම වර්ෂාව මෙම තදබදයට හේතු වෙනවා. ඒ හේතුවෙන් ට්‍රක් රථවල වේගය පැ. කි. මී. 5 -10 ත් අතර අගයක් ගන්නවා. අවසානයේ අධිවේගී මාර්ගයේ හිම ඉවත් කර රථ ධාවනය යහපත් තත්ත්වයකට ගෙන ඒමට දින තුනක් ගත වෙනවා.

Related Articles

Exit mobile version