ලෝකයේ දිගින් වැඩිම සත්ත්වයෙකු වන “බූට්ලේස් පණුවා”
1800 ගණන්වල වාර්තාවකට අනුව, ස්කොට්ලන්තයේ වෙරළාශ්රිත පරිසරයකින් එක්තරා අමුතු සත්ත්වයෙකු හමුවුණා. මේ සතුන් එම පරිසරය ආශ්රිතව ජීවත්වූ මිනිසුන්ට ආගන්තුක නොවුණත්, මේ අවස්ථාවේ හමුවූ සත්ත්වයා ඇතැම්විට ලෝකයේ මෙතෙක් හමුවූ දිගම සත්ත්වයා විය හැකි බවට අදහස් පළවුණා.