කොරෝනා වෛරසය හේතුවෙන් ශ්රී ලංකාවේ බොහෝ පළාත්වලට පාහේ මාස දෙකක් පුරාවට වරින්වරත් යම් පළාත්වලට අඛණ්ඩවත් ඇඳිරි නීතිය ක්රියාත්මක වූ අතර, මුළු දිවයින්ටම එය තවමත් සති අන්තයේ ක්රියාත්මක වෙනවා. මේ කාලය තුළ බොහෝ දෙනෙක් සමාජ මාධ්ය ජාලාවලට ඇබ්බැහි වී තිබෙනවා. අඩු කාලයකින් වැඩි මුදලක් ලබා ගැනීම සඳහා ආයෝජනය කරන්න, ගෙදර ඉඳන් සල්ලි හොයන්න නියම ක්රමයක් හා ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න වැනි විවිධ පළකිරීම් සමාජ මාධ්යන්ගේ සැරි සැරීමේ දී ඔබත් දකින්න ඇති.