Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩා සමාජයන් ත්‍රිත්වය

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙසින් හැඳින්වෙන පාපන්දු ක්‍රීඩාව බොහෝ රටවල් ප්‍රමාණයක් තුළ සක්‍රියව ක්‍රියාත්මක වනවා. එසේම පාපන්දු ක්‍රීඩා සමාජ වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන බොහෝ සුපිරි ක්‍රීඩකයන්ට මිලියන ගණනින් මුදල් ලැබෙනවා. එලෙස ක්‍රීඩකයන්ට විශාල වශයෙන් මුදල් ගෙවීමට මෙන්ම වෙනත් ක්‍රීඩා සමාජවලින් සුපිරි ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා පාපන්දු ක්‍රීඩා සමාජවලට විශාල වත්කමක් අවශ්‍ය වනවා. ඒ අනුව වර්තමානය වන විට ෆෝබ්ස් සඟරාව සඳහන් කරන පරිදි ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩා සමාජ බවට පත්ව තිබෙන්නේ මෙම පාපන්දු ක්‍රීඩා සමාජ ත්‍රිත්වය යි.

රියල් මැඩ්රිඩ් (ස්පාඤ්ඤය) – ඩොලර් මිලියන 4,239

1902 වසරේ දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරය ආශ්‍රිතව ආරම්භ වුණු මෙම ක්‍රීඩා සමාජය මුලින්ම හඳුන්වනු ලැබුවේ මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය ලෙස යි. නමුත් 1920 වසරේ දී 13 වැනි අල්ෆොන්සෝ රජතුමා විසින් මැඩ්රිඩ් පාපන්දු සමාජයට රාජකීය අනුග්‍රහය ලබාදීමට කටයුතු කළා. එතැන් සිට මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ නම රියල් මැඩ්රිඩ් ලෙසින් වෙනස් කරනු ලැබුවා. Real යනු ස්පාඤ්ඤ බසින් රාජකීය යන අරුත දීමට භාවිතා කරන වචනය යි. අතීතයේ සිටම ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් හිඟයක් නොතිබුණු රියල් මැඩ්රිඩ් කණ්ඩායම යුරෝපා ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින්නේ 13 වතාවක් ශූරතාවය දිනාගනිමින්. එසේම ස්පාඤ්ඤයේ ජනප්‍රියම පාපන්දු ලීගය වන La Liga පාපන්දු තරගාවලිය තුළ වඩාත් සාර්ථකම කණ්ඩායම වුණු රියල් මැඩ්රිඩ් එය 33 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. එලෙස අඛණ්ඩව දක්ෂතා දැක්වීමට නම් පාපන්දු ක්‍රීඩා සමාජය සඳහා සුපිරි තරු මිල දී ගැනීමට සිදුවනවා. ඒ අනුව අවසන් දශක 2ක තුළ සිනේඩින් සිඩෑන්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සහ ගැරත් බේල් යන ක්‍රීඩකයන් මිල දී ගැනීමට රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජය වැය කළ මුදල් ප්‍රමාණය එම යුගවල ක්‍රීඩකයෙකු මිල දී ගැනීම සඳහා යම් පාපන්දු සමාජයක් වියදම් කළ ඉහළම මුදල් ප්‍රමාණයන් ලෙසින් සටහන් වුණා. පහත දැක්වෙන්නේ එම ක්‍රීඩකයන් තිදෙනා මිල දී ගැනීම සඳහා රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය වැය කළ මුදල් ප්‍රමාණ යි.

1) සිනේඩින් සිඩෑන් 2001 වසරේ දී යුවෙන්ටස් ක්‍රීඩා සමාජයේ සිට රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 77.5ක මුදලකට යි. එය එම යුගයේ ක්‍රීඩකයෙකු පාපන්දු සමාජයකින් පාපන්දු සමාජයකට හුවමාරු වුණු ඉහළම මුදල බවට පත් වුණා. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2000 වසරේ දී රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය විසින්ම යුරෝ මිලියන 60ක් වැනි විශාල මුදලකට මිලට ගත් ලුයිස් ෆිගෝ නම් ක්‍රීඩකයා යි.

සිනේඩීන් සිඩානේ (gettyimages)

2) ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  2009 වසරේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සිට රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 94ක මුදලකට යි. එය එම යුගයේ ක්‍රීඩකයෙකු පාපන්දු සමාජයකින් පාපන්දු සමාජයකට හුවමාරු වුණු ඉහළම මුදල බවට පත් වුණා. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2001 වසරේ දී රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය විසින්ම යුරෝ මිලියන 77.5ක් වැනි විශාල මුදලකට මිලට ගත්    සිනේඩින් සිඩෑන් නම් ක්‍රීඩකයා යි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (gettyimages)

3) ගැරත් බේල්  2013 වසරේ දී ටොටෙන්හැම් හොට්ස්පර් ක්‍රීඩා සමාජයේ සිට රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 100.8ක මුදලකට යි. එය එම යුගයේ ක්‍රීඩකයෙකු පාපන්දු සමාජයකින් පාපන්දු සමාජයකට හුවමාරු වුණු ඉහළම මුදල බවට පත් වුණා. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2009 වසරේ දී රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය විසින්ම යුරෝ මිලියන 94ක් වැනි විශාල මුදලකට මිලට ගත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් සුපිරි තරුව යි.

ගැරත් බේල් (gettyimages)

බාර්සිලෝනා (ස්පාඤ්ඤය) – ඩොලර් මිලියන 4,021

1899 වසරේ දී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය ආශ්‍රිතව ආරම්භ වුණු මෙම පාපන්දු ක්‍රීඩා සමාජය පසුගිය දශක දෙක තුළ ධනවත්ම ක්‍රීඩා සමාජ කිහිපය අතරට එකතු වුණා. රියල් මැඩ්රිඩ් කණ්ඩායම මෙන්ම සුපිරි පාපන්දු තරුවලින් අඩුවක් නැති බාර්සිලෝනා කණ්ඩායම 5 වරක් යුරෝපා ශූරයන්ගේ කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා. එසේම ස්පාඤ්ඤයේ ජනප්‍රියම පාපන්දු ලීගය වන La Liga පාපන්දු තරගාවලිය තුළ අතීතයේ සිටම දස්කම් දැක්වූ බාර්සිලෝනා කණ්ඩායම එය 26 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාල සමයේ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය විසින් ඉහළම මුදලක් වැය කර මිලට ගත් ක්‍රීඩකයන් පිළිබඳව පහත දැක්වෙනවා. 

1) පිලිප් කෝටින්හෝ 2018 වසරේ දී ලිවර්පූල්  ක්‍රීඩා සමාජයේ සිට බාර්සිලෝනා කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 120ක මුදලකට යි.

2) අන්තෝනියෝ ග්‍රීස්මාන් 2019 වසරේ දී ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ සිට බාර්සිලෝනා කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 120ක මුදලකට යි.

3) ඔස්මන් ඩෙම්බෙලේ 2017 වසරේ දී බොරුසියා ඩෝර්ට්මන්ඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ සිට බාර්සිලෝනා කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 105ක මුදලකට යි.

පිලිප් කෝටින්හෝ (gettyimages)

මැන්චෙස්ටර් යුනයිටඩ් (එංගලන්තය) – ඩොලර් මිලියන 3,808

1878 වසරේ දී නිව් ටවුන්හීත් නමින් පාපන්දු සමාජයක් මැංචෙස්ටර් නගරය ආශ්‍රිතව පිහිටවනු ලැබුවා. එලෙස ආරම්භ කළ ක්‍රීඩා සමාජයේ නම 1902 වසරේ දී මැංචෙස්ටර් යුනයිටඩ් ලෙසින් වෙනස් කරනු ලැබුවා. මීට දශක දෙකකට පමණ පෙර එංගලන්තයේ තිබුණු වඩාත්ම සාර්ථක පාපන්දු ක්‍රීඩා සමාජය වුණු මැංචෙස්ටර් යුනයිටඩ් වර්තමානයේ දී එංගලන්තයේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරගාවලිය 13 වතාවක් ජයග්‍රහණය කර තිබෙන්නේ තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත්වෙමින්. එසේම යුරෝපා ශූරයන්ගේ කුසලානය ද තෙවරක් ජයග්‍රහණය කළ මෙම පාපන්දු සමාජය කලක් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩා සමාජය ලෙසින් වැජඹුණා. පසුගිය කාල සමයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය විසින් ඉහළම මුදලක් වැය කර මිලට ගත් ක්‍රීඩකයන් පිළිබඳව පහත දැක්වෙනවා.

1) රියෝ ෆර්ඩිනැන්ඩ් 2002 වසරේ දී ලීඩ්ස් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සිට මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 46ක මුදලකට යි. එය එම යුගයේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වුණා. 

2) පෝල් පෝග්බා 2016 වසරේ දී යුවෙන්ටස් පාපන්දු ක්‍රීඩා සමාජයේ සිට මැංචෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට එක් වුණේ යුරෝ මිලියන 105ක මුදලකට යි.

පෝල් පෝග්බා (gettyimages)

කවරයේ ඡායාරූපය- රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ නිල ලාංඡනය (gettyimages)

මූලාශ්‍රයයන්- forbes.com

Related Articles