Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙන්නායි කණ්ඩායමට IPL අවසන් සටනට වරම්

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආශ්‍රිත ව පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා. එම තරග වටයේ ප්‍රතිඵලවලට අනුව දිල්ලි, චෙන්නායි, බැංගලෝර් සහ කොල්කටා යන කණ්ඩායම් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ පසුගිය වසර දෙකේ දී IPL ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වීම යි. එම තරගාවලියේ තොරතුරු ද සමඟින්  ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් ඇසුණු පුවත් සමුදායයයි මේ.  

IPL තරගාවලියේ තොරතුරු

පසුගිය සතිය අවසන් වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 49ක් නිමාවට පත් ව තිබුණා. ඒ වන විට පෙරමුණේ පසුවුණු චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් යුගළය තරග 9 බැගින් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 18 බැගින් ලබා ගෙන තිබුණා. මෙම සතිය ආරම්භ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් කණ්ඩායම ලකුණු ලබාගෙන තිබුණු ආකාරයයි මේ.

  • 1) චෙන්නායි සුපර් කිංග්ස්- 18  (තරග- 12)
  • 2) දිල්ලි කැපිටල්ස්- 18 (තරග- 12)
  • 3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 16 (තරග- 12)
  • 4) කොල්කටා නයිට් රයිඩර්ස්- 12  (තරග- 13) 
  • 5) පංජාබ් කිංග්ස්- 10  (තරග- 13)
  • 6) රාජස්තාන් රෝයල්ස්- 10  (තරග- 12)
  • 7) මුම්බායි ඉන්දියන්ස්- 10 (තරග- 12)
  • 8) සන්රයිසස් හයිද්‍රාබාද්- 4  (තරග- 12)  
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම – The Quint

 

ගෙවුණු සතියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමේ තරග 7ක් පැවැත්වුණා. එම තරගවල ප්‍රතිඵල සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.  

  • 50 වන තරගය- දිල්ලි සහ චෙන්නායි- දිල්ලි කණ්ඩායමට කඩුලු 3ක ජයක් 
  • 51 වන තරගය- මුම්බායි සහ රාජස්තාන්- මුම්බායි කණ්ඩායමට කඩුලු 8ක ජයක් 
  • 52 වන තරගය- හයිද්‍රාබාද් සහ බැංගලෝර්- හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 4ක ජයක් 
  • 53 වන තරගය- පන්ජාබ් සහ චෙන්නායි- පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක් 
  • 54 වන තරගය- කොල්කටා සහරාජස්තාන්- කොල්කටා කණ්ඩායමට ලකුණු 86ක ජයක් 
  • 55 වන තරගය- මුම්බායි සහ හයිද්‍රාබාද්- මුම්බායි කණ්ඩායමට ලකුණු 42ක ජයක් 
  • 56 වන තරගය- බැංගලෝර් සහ දිල්ලි- බැංගලෝර් කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

ඒ අනුව තරගාවලියේ මූලික වටය නිමාව දකින විට ප්‍රසාද ලකුණු පුවරුව පහත ආකාරයට දැක්වුණා.

  • 1) දිල්ලි කැපිටල්ස්- 20    (ලකුණු ලබාගැනීමේ වේගය +0.481)
  • 2) චෙන්නායි සුපර් කිංග්ස්- 18    (ලකුණු ලබාගැනීමේ වේගය +0.455)  
  • 3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්- 18    (ලකුණු ලබාගැනීමේ වේගය -0.140)   
  • 4) කොල්කටා නයිට් රයිඩර්ස්- 14    (ලකුණු ලබාගැනීමේ වේගය +0.587)  
  • 5) මුම්බායි ඉන්දියන්ස්- 14    (ලකුණු ලබාගැනීමේ වේගය +0.116)   
  • 6) පන්ජාබ් කිංග්ස්- 12    (ලකුණු ලබාගැනීමේ වේගය -0.001)   
  • 7) රාජස්තාන් රෝයල්ස්- 10    (ලකුණු ලබාගැනීමේ වේගය -0.993)
  • 8) සන්රයිසස් හයිද්‍රාබාද්- 6    (ලකුණු ලබාගැනීමේ වේගය -0.545) 
 දිල්ලි කණ්ඩායම – India Tv News

 

දිල්ලි කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනියි

IPL තරගාවලියේ අවසන් වටය යටතේ තරග 4ක් පැවැත්වෙනවා. පහතින් දක්වා තිබෙන්නේ එම තරග හතර පැවැත්වෙන ආකාරය පිළිබඳව යි.

  • Qualifier 1- ප්‍රසාද ලකුණු සටහනේ 1 සහ 2 ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර 
  • Eliminator- ප්‍රසාද ලකුණු සටහනේ 3 සහ 4 ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර 
  • Qualifier 2- Qualifier 1  තරගයේ පරාජිත කණ්ඩායම සහ Eliminator තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අතර
  • Final- Qualifier 1  සහ  Qualifier 2 තරගවල ජයග්‍රාහකයන් අතර 

මෙවර IPL තරගාවලියේ අවසන් වටය ආරම්භ කරමින්  Qualifier 1  ඩුබායි පිටියේ තරගය ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයෙන් කඩුලු 4ක  ජයක් හිමිකරගත්තේ ප්‍රබල චෙන්නායි කණ්ඩායම යි. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

  • දිල්ලි කැපිටල්ස්- 172/5 (20), (ෂෝව්- 60, පාන්ට්- 51*, හෙට්මායර්- 37, හේසල්වුඩ්- 29/2, ජඩේජා- 23/1)
  • චෙන්නායි සුපර් කිංග්ස්- 173/6 (19.4), (ගයික්වාඩ්- 70, උතප්පා- 63, කරන්- 29/3, නොකියා- 31/1)

චෙන්නායි කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- රුතුරාජ් ගයික්වාඩ් 

ගයික්වාඩ්ගේ ඉනිමේ අවස්ථාවක් – opoyi

 

ශ්‍රී ලංකා-ඕමාන 20/20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට 

පසුගිය දිනවල ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 20/20 පුහුණු තරග 2ක් ක්‍රියාත්මක වුණා. එම තරග ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. නමුත් එහි දී ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාවට ප්‍රබල සටනක් ලබාදීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. එම තරගාවලිය යටතේ පැවති තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

පළමු තරගය 

ශ්‍රී ලංකාව- 162/4 (20), (අවිශ්ක ප්‍රනාන්දු- 83*, දසුන් ශානක- 51*, ෆයියාස් බට්- 42/2)

ඕමානය- 143/8 (20), (නසීම් කුෂි- 40, ළහිරු කුමාර- 30/4, නුවන් ප්‍රදීප්- 7/2, චාමික කරුණාරත්න- 28/2)

ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් 

දෙවන තරගය 

ඕමානය- 159/8 (20), (අකිබ් ඉල්යාස්- 60, ළහිරු කුමාර- 20/2, චාමික කරුණාරත්න- 39/2)

ශ්‍රී ලංකාව- 163/5 (17.3), (චාමික කරුණාරත්න- 35*, භානුක රාජපක්ෂ- 35*, මොහොමඩ් නදීම්- 22/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ අවිශ්ක ප්‍රනාන්දු – Cricinfo

20/20 ලෝක කුසලානයට යන අවසන් 15 දෙනා නම් කරයි 

පසුගිය සැප්තැම්බර් මාසයේ දී 20/20 ලෝක කුසලාන සඳහා ක්‍රීඩකයන් 19 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කළා. ඒ සඳහා අතිරේක ක්‍රීඩකයන් සිවු දෙනකු ඇතුළත් ව සිටියා. එම සංචිතයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල් ලබා දී තිබුණා. ඒ අනුව ඊයේ දිනයේ  20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන නව සංචිතය ප්‍රකාශයට පත් කළා. එහි දී පැරණි සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුසංක, සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන්ට සිය ස්ථාන අහිමි ව තිබුණා. ඒ වෙනුවට පැතුම් නිස්සංක, ළහිරු කුමාර, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් සංචිතයට එක් කර තිබුණා. 

පහතින් දක්වා තිබෙන්නේ මෙවර 20/20 ලෝක කුසලානය සඳහා සහභාගි වන නව ශ්‍රී ලංකා කණ්ඩායම යි. 

1) දසුන් ශානක (නායක)

2) ධනංජය ද සිල්වා (උප නායක)

3) කුසල් පෙරේරා

4) දිනේෂ් චන්දිමාල් 

5) භානුක රාජපක්ෂ

6) අවිශ්ක ප්‍රනාන්දු  

7) චරිත් අසලංක 

8) වනිඳු හසරංග 

9) පැතුම් නිස්සංක  

10) චාමික කරුණාරත්න 

11) ළහිරු කුමාර 

12) දුෂ්මන්ත චමීර 

13) අකිල ධනංජය  

14) මහීෂ් තීක්ෂණ

15) බිනුර ප්‍රනාන්දු 

20/20 ලෝක කුසලානය – getty images

 

ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් ඉවතට 

2021 දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මේ දිනවල මාලදිවයිනේ දී පැවැත්වෙනවා. එම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම අවාසනාවන්ත සිදුවීමක් වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගය 0-0 ලෙසින් අවසන් කිරීම අමතක නොවන සිදුවීමක් වුණා. ඊයේ දිනය වන විට තරගාවලියේ යටතේ පැවති තරගවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

1) බංග්ලාදේශය 1-0 ශ්‍රී ලංකාව 

2) නේපාලය 1-0 මාලදිවයින

3) ඉන්දියාව 1-1 බංග්ලාදේශය

4) නේපාලය 3-2 ශ්‍රී ලංකාව 

5) ඉන්දියාව 0-0 ශ්‍රී ලංකාව 

6) මාලදිවයින 2-0 බංග්ලාදේශය

7) මාලදිවයින 1-0 ශ්‍රී ලංකාව

8)  ඉන්දියාව 1-0 නේපාලය 

තරගාවලිය සඳහා සහභාගි වී සිටින කණ්ඩායම් මේ වන විට ලබාගෙන තිබෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණයන් පහතින් දක්වා තිබෙනවා 

1) මාලදිවයින- 6   (තරග 3)

2) නේපාලය- 6   (තරග 3)

3) ඉන්දියාව- 5  (තරග 3)

4) බංග්ලාදේශය- 4 (තරග 3)

5) ශ්‍රී ලංකාව- 1   (තරග 4)

ඉන්දු-ශ්‍රී ලංකා තරගයේ අවස්ථාවක් – Papare

 

චමරි අතපත්තු පර්ත් ස්කොචර්ස් කණ්ඩායමට 

2021/22 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 14 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එම තරගාවලියට  පර්ත් ස්කොචර්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාව ලෙසින් සහභාගි වන්නට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරා ගෙන තිබෙනවා.

චමරිට අමතර ව නවසීලන්තයේ සොෆී ඩේවින් සහ දකුණු අප්‍රිකාවේ මැරිසේන් කැප් පර්ත් ස්කොචර්ස් කණ්ඩාමට විදෙස් ක්‍රීඩිකාවන් ලෙසින් එක් ව සිටිනවා. පසුගිය බිග් බෑෂ් තරගාවලිවල දී මෙල්බෝන් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කළ චමරි තරග 15කට සහභාගි වෙමින් පිත්තෙන් ලකුණු 196ක් සහ පන්දුවෙන් කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා. 

 චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් – Sky Sports

කවරයේ ඡායාරූපය: 2021 IPL Qualifier 1 තරගයේ නිමාව - CSK

මූලාශ්‍ර:

cricinfoipl.com

Sri Lanka Cricket 

Related Articles