Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි 12 වටය ගැන විමසුමක්

2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පසුගිය සඳුදා රාත්‍රියේ දී නිමාවට පත්වුණා. එහි ප්‍රතිඵලවලට අනුව එංගලන්තය, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එහි දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම අහිමි වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඒ අයුරින් නිමාවට පත්වුණු සුපිරි 12 වටයේ තරග තොරතුරු සහ අවසන් පූර්ව වටය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

පළමු කාණ්ඩයේ ජයග්‍රහණය එංගලන්තයට 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දී වඩාත් තරගකාරී කාණ්ඩය බවට පත්වුණේ පළමු කාණ්ඩය යි. ඒ ටෙස්ට් වරම් හිමි කර ගත් කණ්ඩායම් 6ක් එම කාණ්ඩය යටතේ තරග වැදුණු නිසා යි. එම කාණ්ඩය යටතේ පැවති තරගවල දී විශිෂ්ට දස්කම් දැක්වූ එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් ත්‍රිත්වය තරග 4 බැගින් ජයග්‍රහණය කළා.

දල ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම හිමි වුණේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් ද්විත්වයට යි. පහතින් දක්වා තිබෙන්නේ පළමු කාණ්ඩය යටතේ පැවති තරගවල ප්‍රතිඵල යි.

1) ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව- ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්- තරගයේ වීරයා: ජෝස් හේසල්වුඩ් 

2) එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්- එංගලන්තයට කඩුලු 6ක ජයක්- තරගයේ වීරයා: මොයින් අලී 

3) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය- ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්- තරගයේ වීරයා: චරිත් අසලංක 

4) දකුණු අප්‍රිකාව සහ කොදෙව්- දකුණු අප්‍රිකාවට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: අන්රිච් නොකියා 

5) එංගලන්තය සහ බංග්ලාදේශය- එංගලන්තයට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ජේසන් රෝයි 

එංගලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

6) ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව- ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්- තරගයේ වීරයා: ඇඩම් සැම්පා 

7) කොදෙව් සහ බංග්ලාදේශය- කොදෙව්වන්ට ලකුණු 3ක ජයක්- තරගයේ වීරයා: නිකොලස් පූරන් 

8) දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව- දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්- තරගයේ වීරයා: ටබ්‍රේස් ෂම්සි 

9) එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව- එංගලන්තයට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ක්‍රිස් ජෝර්ඩන් 

10) එංගලන්තය සහ ශ්‍රී ලංකාව- එංගලන්තයට ලකුණු 26ක ජයක්- තරගයේ වීරයා: ජෝස් බට්ලර් 

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

11) දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය- දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්- තරගයේ වීරයා: කගීසෝ රබාඩා 

12) ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය- ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ඇඩම් සැම්පා 

13) ශ්‍රී ලංකාව සහ කොදෙව්- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්- තරගයේ වීරයා: චරිත් අසලංක 

14) ඕස්ට්‍රේලියාව සහ කොදෙව්- ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ඩේවිඩ් වෝනර් 

15) දකුණු අප්‍රිකාව සහ එංගලන්තය- දකුණු අප්‍රිකාවට ලකුණු 10ක ජයක්- තරගයේ වීරයා: වෑන් ඩූසන් 

එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

දෙවන කාණ්ඩයේ ජයග්‍රහණය පාකිස්තානුවන්ට 

සුපිරි 12 තරග වටයේ දී දෙවන කාණ්ඩය තුළ එතරම් තරගකාරීත්වයක් පැවතුණේ නැහැ. ඒ පාකිස්තානය, ඉන්දියාව සහ නවසීලන්තය යන ප්‍රබල රටවල් ත්‍රිත්වය පමණක් එම කාණ්ඩයට ඇතුළත්ව සිටි නිසා යි. එහි දී එම රටවල් ත්‍රිත්වය අතර පැවති තුන්කොන් සටනින් ජය ගත් පාකිස්තානය ඔවුන් සහභාගි වුණු තරග පහෙන් ම ජයග්‍රහණය හිමි කර ගත්තා. පාකිස්තානයට පමණක් දෙවනි වුණු නවසීලන්තය තරග 4ක් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. පාකිස්තානය සහ නවසීලන්ත ඒ අයුරින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගනිද්දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට වසර 9කට පසුව 20/20 ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි ව ගියා. පහතින් දක්වා තිබෙන්නේ 2 වන කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල යි.

1) පාකිස්තානය සහ ඉන්දියාව- පාකිස්තානයට කඩුලු 10ක ජයක්- තරගයේ වීරයා: ෂහීන් අෆ්රීඩි 

2) ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය- ඇෆ්ගනිස්ථානයට ලකුණු 130ක ජයක්- තරගයේ වීරයා: මුජීබ්  

3) පාකිස්තානය සහ නවසීලන්තය- පාකිස්තානයට කඩුලු 5ක ජයක්- තරගයේ වීරයා: හැරිස් රවුෆ්  

4) නැමීබියාව සහ ස්කොට්ලන්තය- නැමීබියාවට කඩුලු 4ක ජයක්- තරගයේ වීරයා: රූබන් ට්‍රම්පල්මන් 

5) පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය- පාකිස්තානයට කඩුලු 5ක ජයක්- තරගයේ වීරයා: අසීෆ් අලී  

ඉන්දු-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක්  – gettyimages.com

 

6) ඇෆ්ගනිස්ථානය සහ නැමීබියාව- ඇෆ්ගනිස්ථානයට ලකුණු 62ක ජයක්- තරගයේ වීරයා: නවීන් උල් හක්  

7) නවසීලන්තය සහ ඉන්දියාව- නවසීලන්තයට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ඉෂ් සෝඩි  

8) පාකිස්තානය සහ නැමීබියාව- පාකිස්තානයට ලකුණු 45ක ජයක්- තරගයේ වීරයා: මොහොමඩ් රිස්වාන්   

9) නවසීලන්තය සහ ස්කොට්ලන්තය- නවසීලන්තයට ලකුණු 16ක ජයක්- තරගයේ වීරයා: මාටින් ගප්ටිල්  

10) ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය- ඉන්දියාවට ලකුණු 66ක ජයක්- තරගයේ වීරයා: රෝහිත් ෂර්මා 

ඉන්දු-නවසීලන්ත තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

11) නවසීලන්තය සහ නැමීබියාව- ඇෆ්ගනිස්ථානයට ලකුණු 52ක ජයක්- තරගයේ වීරයා: ජිමී නීෂම් 

12) ඉන්දියාව සහ ස්කොට්ලන්තය- ඉන්දියාවට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: රවීන්ද්‍ර ජඩේජා   

13) නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය- නවසීලන්තයට කඩුලු 8ක ජයක්- තරගයේ වීරයා: ට්‍රෙන්ට් බෝල්ට්    

14) පාකිස්තානය සහ ස්කොට්ලන්තය- පාකිස්තානයට ලකුණු 72ක ජයක්- තරගයේ වීරයා: ෂොයිබ් මලික්   

10) ඉන්දියාව සහ නැමීබියාව- ඉන්දියාවට කඩුලු 9ක ජයක්- තරගයේ වීරයා: රවීන්ද්‍ර ජඩේජා

නවසීලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

සුපිරි 12 තරග වටයේ සුවිශේෂී සිදුවීම් 

සුපිරි 12 තරග වටය යටතේ පැවති තරගවල දී සුවිශේෂී සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. එහි දී 20/20 ලෝක කුසලාන තරගාවලි වාර්තා 2ක් බිඳ වැටුණා. පහතින් දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි.

20/20 ලෝක කුසලාන තරගවල දී වනිඳු හසරංග සිය 16 වන කඩුල්ල ගබා ගත්  මොහොත – gettyimages.com

1) මෙවර 20/20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග නිමාවට පත්වෙද්දී වැඩිම කඩුලු ලාභියා බවට පත් ව සිටින වනිඳු හසරංග කඩුලු 16ක් බිඳ දමා තිබෙනවා. එය තනි 20/20 තරගාවලියක පන්දු යවන්නකු දවා ගත් වැඩි ම කඩුලු ප්‍රමාණය යි. 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගත් අජන්ත මෙන්ඩිස් එම වාර්තාව ඊට පෙර හිමි කර ගෙන සිටියා.

 

2) සුපිරි 12 වටය යටතේ පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ දී බංගලිදේශයේ ශකීබ් අල් හසන් 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. එහි දී ඔහු අභිබවා ගියේ පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩී කඩුලු 39ක් බිඳ දමා තබා තිබුණු වාර්තාව යි.

ශකීබ් වාර්තාව පිහිටවූ මොහොත  – gettyimages.com

 

3) සුපිරි 12 තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේ දී වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පන්දු හමුවේ ඒඩන් මාක්‍රම්, ටෙම්බා බවුමා සහ ඩ්වේන් ප්‍රිටෝරියස් යන පිතිකරුවන් ත්‍රිත්වය දැවී ගියා.

එය 20/20 ලෝක කුසලානයේ වාර්තා වුණු තෙවන කඩුලු ත්‍රිත්වය ලෙසින් සටහන් වුණා. ඊට පෙර ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී සහ අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් එම දස්කම දක්වා තිබුණා.

හසරංග කඩුලු ත්‍රිත්වය දවාගත් අවස්ථාව – gettyimages.com

 

4) මෙවර 20/20 ලෝක කුසලානයේ සුපිරි 12 තරග වටය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් පාකිස්තානයට කඩුලු 10ක ජයක් හිමි වුණා.

එය 20/20 හෝ එක්දින ලෝක කුසලාන තරගයක දී පාකිස්තාන කණ්ඩායමක් ඉන්දියාව හමුවේ ලබාගත් මුල් ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා.

පාකිස්ථානය තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව- gettyimages.com

 තරගාවලියේ වැඩිම ලකුණු ලාභීහු 

සුපිරි 12 වටයේ තරග නිමාවට පත්වෙද්දී පාකිස්තානයේ බාබර් අසාම් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ තරගාවලිය තුළ වැඩි ම ලකුණු ප්‍රමාණයක් ලබා සිටින පිතිකරුවන් හය දෙනා පිළිබඳව යි.

1) බාබර් අසාම් (පාකිස්තානය)- ලකුණු 264 (ඉනිම්- 5)

2) ජෝස් බට්ලර් (එංගලන්තය)- ලකුණු 240 (ඉනිම්- 5)

3) චරිත් අසලංක (ශ්‍රී ලංකාව)- ලකුණු 231 (ඉනිම්- 6)

4) ඩේවිඩ් වීසේ (නැමීබියාව)- ලකුණු 227 (ඉනිම්- 8)

5) පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)- ලකුණු 221 (ඉනිම් 8)

6) මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)- ලකුණු 214 (ඉනිම් 5)

බාබර් අසාම් – gettyimages.com

 

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභීහු

සුපිරි 12 වටයේ තරග නිමාවට පත්වෙද්දී ශ්‍රී ලංකාවේ  වනිඳු හසරංග තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ තරගාවලිය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන සිටින පන්දු යවන්නන් හය දෙනා පිළිබඳව යි.

1) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)- කඩුලු 16 (ඉනිම්- 8)

2) ඇඩම් සැම්පා (ඕස්ට්‍රේලියාව)- කඩුලු 11 (ඉනිම්- 5)

3) ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)- කඩුලු 11 (ඉනිම්- 5)

4) ශකීබ් අල් හසන් (බංග්ලාදේශය)- කඩුලු 11 (ඉනිම්- 6)

5) ඩ්වේන් ප්‍රිටෝරියස් (දකුණු අප්‍රිකාව )- කඩුලු 9 (ඉනිම්- 5)

6) අන්රිච් නොකියා (දකුණු අප්‍රිකාව )- කඩුලු 9 (ඉනිම්- 5)

වනිඳු හසරංග – gettyimages.com

 

අවසන් පූර්ව තරග වටය 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 10 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එහි දී පළමු අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා හමුවනවා. දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් උරෙනුර ගැටීමට සූදානමින් සිටිනවා. ඒ පිළිබඳ විස්තර පහතින් දක්වා තිබෙනවා. 

එංගලන්ත-නවසීලන්ත අවසන් පූර්ව තරගය 

මෙම කණ්ඩායම් යුගළය 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයක දී එකිනෙකා හමු ව තිබෙන්නේ එක් වතාවක දී පමණ යි. ඒ 2016 තරගාවලිය යටතේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී යි. එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමිවුණේ එංගලන්ත කණ්ඩායමට යි. මෙවර එංගලන්ත-නවසීලන්ත අවසන් පූර්ව තරගය අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත යි. සුපිරි 12 තරග වටය යටතේ  මෙම පිටියේ අවසන් වරට පැවති දිවා/රාත්‍රී තරග 3 දී ම පිතිකරුවන් වැඩි දස්කම් පෙන්වීමට සමත් වුණා. 

එම තරග 3ම ජයග්‍රහණය කළේ මුලින් ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එහි දී මුලින් ම පන්දුවට පහරදුන් කණ්ඩායම් ලකුණු 189 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්. එම අවස්ථා තුනේ දී ම කාසියේ වාසිය දිනා ගත් නායකයා මුලින් ම පන්දු යැවීම තෝරා ගෙන තිබුණා. ඒ තරගයේ දෙවන භාගයේ දී ක්‍රිඩා පිටියට අධික පින්න පතිත වනු ඇති බව උපකල්පනය කිරීම නිසා යි.

ඒ අනුව මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගන්නා නායකයා ද බොහෝ විට මුලින් ම පන්දු යැවීම තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. පසුගිය තරග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ දී පෙනීයන්නේ මෙම පිටියේ පැවැත්වෙන දිවා/රාත්‍රී තරගවල ප්‍රතිඵලයට කාසියේ වාසියෙන් විශාල බලපෑමක් එල්ල නොවන බව යි. 

මෙම තරගයේ දී උරෙනුර ගැටෙන එංගලන්තය සහ නවසීලන්තය තරගාවලිය සඳහා සහභාගි වී සිටින වඩාත් සමබර කණ්ඩායම් දෙකක්. සුපිරි 12 වටයේ දී පෙන්වූ දස්කම් සන්සන්දනය කරද්දී එංගලන්ත කණ්ඩායම නවසීලන්තයට වඩා තරමක් ඉදිරියෙන් සිටින බව කිව හැකි යි. උපක්‍රමශීලී නායකයකු වන විලියම්සන්, මෙවර නවසීලන්තය 20/20 ලෝක කුසලාන අවසන් සටනට ගෙන යාමට උපරිම උත්සාහයක් දරනු ඇති. 

එංගලන්ත කණ්ඩායම (gettyimages)

 

පාකිස්තාන-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය 

මෙම කණ්ඩායම් යුගළය ද 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයක දී එකිනෙකා හමු ව තිබෙන්නේ එක් වතාවක දී පමණ යි. ඒ 2010 තරගාවලිය යටතේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී යි.

එම තරගයෙන් කඩුලු 3ක ජයක් හිමි වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි. මෙවර පාකිස්තාන-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය ඩුබායි හි දී පැවැත්වීමට නියමිත යි. සුපිරි 12 තරග වටය යටතේ මෙම පිටියේ පැවති   දිවා/රාත්‍රී තරගවල දී  පන්දු යවන්නන් වැඩි දස්කම් පෙන්වීමට සමත් වුණා. 

පාකිස්තාන කණ්ඩායම – gettyimages.com

මෙහි පැවති දිවා/රාත්‍රී  තරග 8 ම ජයග්‍රහණය කළේ දෙවනුව  පන්දුවට පහර දුන් කණ්ඩායම යි. එහි දී මුලින් ම පන්දුවට පහර දුන් කිසිම කණ්ඩායමකට  ලකුණු 160 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණේ නැහැ. එම අවස්ථා 8 දී ම කාසියේ වාසිය දිනා ගත් නායකයා පන්දු යැවීම මුලින් ම තෝරාගෙන තිබුණා. මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගන්නා නායකයාත් මුලින් ම පන්දු යැවීම තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනවා. 

සුපිරි 12 වටයේ දී අපරාජිත කණ්ඩායමක් ලෙසින් වැජඹුණු පාකිස්තානයට මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. කලින් තරගවල දී ඩුබායි තණතීරුවේ හැසිරීම නිරීක්ෂණය කරන විට පැහැදිලිව ම පෙනී යන්නේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායමට සැලකිය යුතු තරම් වාසියක් හිමිව තිබෙන බව යි. එනිසා මෙය දක්ෂතාව සහ වාසනාව අතර දෝලනය වන තරගයක් බවට පත්වනු ඇති.

කවරයේ ඡායාරූපය- ප්‍රබල සටනක් ලබා දී අවසන් පූර්ව වටයට පිවිසි නවසීලන්තය - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com 

t20worldcup.com 

howstat.com

Related Articles