ලොව බහුලතම ඉන්ධනය නමුත්, සිහිනයක් වූ හිමායිත මීතේන්
අලුතින් යුග දිවියට එළැඹී ගෑස් කුකරයක් තෑගි ලද යුවළකගේ සිට මහා පරිමාණ කර්මාන්තශාලාවන් දක්වාම බලශක්ති අර්බුදය ලොව සෑම අස්සක් මුල්ලක් පාසාම විසිර පවතින්නකි. එයට විසඳුමක් ලෙස, ලොව පුරාම පැතිරුණු, අයිස් මැද හැංගුණු ස්වභාවික වායුවක් තිබේ.