Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුරු ලිය ඇසුර: ගත සිත සුවපත් කරන බලගතු ඔසුවක්

සන් බාත්, සී බාත්, ස්ටීම් බාත් වැනි වචන ඔබ මින් පෙර අසා ඇතිවාට සැකයක් නැත. ජපානයේ පවතින සිරිතක් හඳුන්වන්නේ, ⁣ෆොරස්ටි බේදිං (Forest bathing) හෙවත් වන ස්නානය යනුවෙනි. එහි සරල අදහස තුරු ලිය ඇසුරෙහි කාලය ගත කිරීමයි. මේ ලිපිය, ශරීර සෞඛ්‍යය සහ සොබා දම අතර සබැඳියාව ⁣ෆොරස්ටි බේදිං (Forest bathing) හෙවත් වන ස්නානය ඇසුරින් පැහැදිලි කරන්නකි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වල ම රැඳී සිටීමට ජනතාවට මේ වන විට සිදු වී තිබේ. එහිදී ඔවුන් මුහුණ දෙන කායික සහ මානසික පීඩනයට සොබාදහමේ චිකිත්සක ශක්තියෙන් පිළියම් සෙවීම අරමුණු කරගත් විද්‍යාත්මක පර්යේෂණ රැසක වෛද්‍යවරු සහ පර්යේෂකයෝ නව සාමාන්‍ය තත්ත්වය තුළ නිරත ව සිටිති. ඒවායින් පැහැදිලි වන ආකාරය අනුව සොබාදම ඇසුරෙහි කාලය ගත කිරීම ශරීර සෞඛ්‍යයට මෙන් ම චිර ජීවනයට ද බෙහෙවින් වැදගත් ය. සොබාදම ඇසුරෙහි කාලය ගත කිරීම යනු රථ වාහන තදබදය, කොන්ක්‍රීට් වනාන්තර ආදියෙන් මිදී; නැවුම් වාතාශ්‍රයේ, තුරුලිය සෙවණේ කල් ගත කිරීමයි.

” සොබාදහම සමඟ ගනුදෙනුව පිළිබඳ අවබෝධය ඉහළ නැංවීමේ කඩිනම් අවශ්‍යතාවක් විද්‍යාව තුළ ඉස්මතු වෙලා තියෙනවා. මේක අලුතින්ම විදාරණය වුණු ක්ෂේත්‍රයක්. “

ස්ටැන්‍ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා මහාචාර්ය ග්‍රේචන් ඩෙයිලි එසේ පවසයි.

සොබාදහම සමඟ ගනුදෙනුවේ වාසි පිළිබඳ විද්‍යාඥයන් කලක් තිස්සේ දැන සිටි නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් එහි වැදගත්කම වඩාත් ඉස්මතු වී තිබේ. වෛරසය හේතුවෙන් නාගරික සහ තුරුගොමු බහුල නොවන ප්‍රදේශවල ජනතාව මුහුණපා සිටින කායික සහ මානසික අපහසුතා, වෛද්‍යවරුන් පර්යේෂකයන් සහ වෙනත් අය සොබා දහමේ චිකිත්සක බලය විමසා බැලීම කෙරෙහි යොමු කර ඇත.

වනගත පෙදෙසක ඇවිදීමෙන් පසු මිනිස් සිරුරෙහි පිළිකා නාශක සෛල කැපීපෙනෙන ලෙස වර්ධනය වනවා – unsplash.com

වනගත පෙදෙසක ඇවිදීමෙන් පසු මිනිස් සිරුරෙහි පිළිකා නාශක සෛල කැපීපෙනෙන ලෙස වර්ධනය වන බව පර්යේෂකයන් නැවත නැවතත් තහවුරු කරගත් කරුණකි. ‘බයොලොජිකල් රෙගියුලේටර්ස් ඇන්ඩ් හෝමියෝස්ටැටික් ඒජන්ට්ස්’ ජර්නලයේ 2010 දී පළ කළ අධ්‍යයනයකට අනුව, ටෝකියෝ නගරාශ්‍රිත වනෝද්‍යානයක පැය දෙක බැගින් දින දෙකක ඇවිදීමකින් පසුව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් දොළොස් දෙනකු ගේ පිළිකා නාශක සෛල සංඛ්‍යාව සහ ඒවාහි ක්‍රියාකාරිත්වය කැපීපෙනෙන ලෙස ඉහළ ගියේ ය. නිපොන් වෛද්‍ය විද්‍යාලයේ සම මහාචාර්ය කිංග් ලි ගේ මූලිකත්වයෙන් කෙරුණු ඉහත ආකාරයේ පර්යේෂණකින් අනාවරණය වී ඇත්තේ පිළිකා වළක්වන ප්‍රෝටීන මටිටම ඉහළ නැඟුණු අතර රුධිර කෝටිසෝල් සහ මූත්‍රා ඇඩ්රිනලින් හෝමෝන මට්ටම එහිදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ය. ඇවිදීමේ ප්‍රතිඵල අවම සතියක කාලයක් පැවැති බව පර්යේෂකයනට තහවුරු විය.

නිදන්ගත රෝග සමඟ සබඳතාවක් දක්වන ශරීරය සුවපත් කර ගැනීමේ උත්සාහයක් ලෙස ආසාදන, තුවාල හා විෂ වැනි හානිකර දේවලට එරෙහිව සටන් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම ⁣සහ වනයක ගත කරන කාලය අතර ද සම්බන්ධතාවක් පවතින බව අධ්‍යයනය තහවුරු කර ඇත.

” තමන්ගේ අතේ තියෙන මේ බලගතු සෞඛ්‍ය උපාංගය පාවිච්චි කරනවද නැද්ද කියල තීරණය කිරීම ජනතාවට බාරයි.මිනිස්සු ඇවිදින්න එළියට යනව තමයි, ඒත් ඒ අවබෝධයෙන් නෙමෙයි. “

ඇවිදින පියවර සංඛ්‍යාව ගණනය කිරීම සඳහා වර්තමානයේ යොදා ගැනෙන යෙදවුම ( App ) හා සමාන යෙදවුමක් සොබා දහම සමඟ ගෙවන කාලය ගණනය කිරීම සඳහා නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසා සිටින NatureQuant හි සම ප්‍රාරම්භක සහ ප්‍රධාන විධායක ජරෙඩ් හෙන්ලේ එසේ පවසයි.

නේචර්ස් සයන්ටිෆික් රිපෝර්ට්ස් ( Nature’ scientific Reports ) හි 2019 දී පළ කෙරුණු අධ්‍යයනයකින් සොයාගෙන තිබුණේ, සතියකට විනාඩි 120 ක් හෝ වැඩි කාලයක් සොබාදම් ඇසුරෙහි ගත කළ; අධ්‍යයනයට සහභාගි කර ගත් 20 ,000 දෙනා යහපත් සෞඛ්‍ය සහ මානසික සුවතාවක් පෙන්නුම් කළ බව ය. සතියකට විනාඩි 200 සිට 300 දක්වා සොබාදම් ඇසුරෙහි ගත කළ කාලයේදී ලත් ප්‍රතිඵල බෙහෙවින් ඉහළ විය. පැය දෙකකට අඩු කාලයේ දී එම ප්‍රතිඵලවල කිසිදු වෙනසක් පෙනුණේ නැත.

අධ්‍යයනයට සහභාගි කර ගත් 20 ,000 දෙනා යහපත් සෞඛ්‍ය සහ මානසික සුවතාවක් පෙන්නුම් කළා – NatureQuant

භෞතික විද්‍යාත්මක ව, සොබාදහම සෞඛ්‍යය කෙරෙහි බලපාන්නේ කෙසේද වැනි, පර්යේෂකයන් නොදන්නා කරුණු රැසක් තවමත් තිබේ. මොළය ස්කෑන් කිරීම, ඥානන ශක්තිය කෙරෙහි විවිධ පාරිසරික තත්ත්ව බලපාන්නේ කෙසේද යන්න දැනගැනීම උදෙසා තැනැත්තන් ගෙන් ප්‍රශ්න විමසීම, වායු දූෂණය වැළැක්වීමට සහ ඇදුම රෝගය පාලනය කිරීමට කවර වන වදුල්, කවර තරමින් ඉවහල් වේ ද යන්න අධ්‍යයනය කිරීම සඳහා පාසල් පරිශ්‍රවල වැඩුණු වන වගා රෝපණය කිරීම ආදිය මගින් ඒවාට පිළිතුරු සෙවීමට ඔවුහු තරග වැද සිටිති.

නාගරික ප්‍රදේශවලින් එන රෝගීන් ගේ ජීවිතවලට සොබාදහමේ ඇසුර මඳ බව වටහා ගෙන සිටින ඔක්ලන්ඩ් හි UCSF Benioff ළමා රෝහලේ වෛද්‍යවරු ⁣⁣⁣ඖෂධ වට්ටෝරුවල දී සොබාදහමේ ඇසුර ලැබීම නිර්දේශ කරති.

” එයාලට එළිමහනක් හරිත ප්‍රදේශයක් තියෙනවද කියල අපි අහනව. උත්තරය ‘ නැහැ ‘ නම්, එයා අපේ වැඩසටහට ස්වයංක්‍රීයව ම ඇතුළත් කෙරෙනව. මාසයකට එක සෙනසුරාදාවක් අපිත් එක්ක සොබා සංචාරයකට එයාලට ආරාධනා කරනවා. ” නූෂින් රෂානි පවසයි.

මවුපියන් ගේ මානසික ආතතිය අඩු කිරීමටත්, දරුවන් ප්‍රකෘති තත්ත්වයට පත්වීම (resilience) ඉහළ නැංවීමටත් උද්‍යාන චාරිකා ඉවහල් වන බව වෛද්‍ය රෂානිට අවබෝධ වී තිබේ. චන්ද්‍රිකා උෂ්ණත්ව සිතියම්, භූවිද්‍යා සිතියම්කරණ විධි, දූෂ්‍යවීම් සහ සංගණන දත්ත සහ ස්වයං ධාවන ( Self- driving ) රථවල රිමෝට් සෙන්සින් තාක්ෂණය ( Lidar ) පවා යොදා ගනිමින් ඉංජිනේරුවන් හරිත ප්‍රදේශවල සෞඛ්‍යමය ප්‍රතිලාභ ගණනය කරමින් සිටියි.

වෛද්‍ය නුෂින් රසානි සහ ඇගේ පුත් අවුරුදු 6 ක් වයසැති කයිහාන් මෝර්ෂෙඩ් එක් උද්‍යාන සංචාරයකදී – Noah Berger/UCSF

පදිංචි ස්ථානය තෙක් ඇති ප්‍රදේශයේ ස්ථාන අවට පාරිසරික සාධක යහපත් සෞඛ්‍ය තත්ත්වයකට දක්වන සම්බන්ධතාව පදනම් කරගෙන “Nature Deficient ( ඌණ පාරිසරික )” තත්වයක සිට ” Nature Rich ( පූර්ණ පාරිසරික ) ” තත්වයක් දක්වා වර්ගීකරණය කරන මෙවලමක් NatureQuant සැලසුම් කර තිබේ.

සොබා දහමේ වටිනාකම බොහෝ අය හොඳින් දනිති. එනමුදු සැලකිය යුතු කාලයක් එය සමඟ ගත නො කරති. නීල්සන් දත්ත අනුව 2019 දී වැඩිහිටියකු දිනකට පැය එකොළහමාරක් මාධ්‍ය ඇසුරෙහි ගෙවා ඇත. Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ 2017 වර්ෂයේ සමීක්ෂණයකට අනුව වයස 18 – 29 කාණ්ඩයේ පිරිසෙන් හරි අඩක් ම ගත කර ඇත්තේ නිරන්තර ඔන්ලයින් ඇසුරේ ය. ෆෙඩරල් වනජීවී සහ උද්‍යාන ඒජන්සිය සඳහා 2017 දී කළ සංගණනයකින් හෙළි වන ආකාරයට නිවසින් බැහැර වීම් කෙට් වීම දිගින් දිගට ම සාමාන්‍යකරණය වෙමින් පවතී.

 බොහෝ අය සැලකිය යුතු කාලයක් සොබා දහම සමඟ ගත නොකරති – unsplash.com

ස්ටැන්ෆර්ඩ් හි ග්‍රේචන් ඩෙයිලි කියන්නේ, පරිසර ඇසුර අසමසම ප්‍රතිලාභයක් බවයි. පර්යේෂිකාවක වන ඇය කණ්ඩායම් දෙකක් විනාඩි 45 ක පාගමනක යෙදවූවාය. එක් පිරිසක් කඳු මත ය. අනෙක් පිරිස කඳු බැවුමේ ය. තුරු ගොමුවේ ය. ” ඇත්තෙන් ම මං විස්මයට පත් වුණා ” ඇය කියන්නී ය.

” පසුව කෙරුණු මානසික පරීක්ෂාවේ දී දකින්නට තිබුණේ බරපතළ වෙනසක්. කඳු නගින්නන් වැඩියෙන් කැපී පෙනුණා. පරිසරය ආශ්‍රයේ විනාඩි 45 ක පා ගමනකින් නිර්මාණාත්මකභාවයේ, මතකය ක්‍රියාකාරී ව යෙදවීමේ හැකියාවේ, මානසික තත්ත්වයේ විශාල වෙනසක් කරන්න පුළුවනි. “

ඇය සම ප්‍රාරම්භකත්වය දරන ගෝලීය සහයෝගීතාවක් වන නැචුරල් කැපිටාල් ප්‍රොජෙක්ට්හි සොබාදම සඳහා කරන ආයෝජනවල ප්‍රතිලාභ සිතියම් ගත කෙරෙන මෘදුකාංග මෙවලමක් තිබේ. නාගරික හරිත ඉඩකඩවල ප්‍රතිලාභ ද නුදුරේ දී ම ඊට ඇතුළත් කෙරෙනු ඇත.

හයිපේ ඩිසයිනින් ලැබොරටරි හි සමාරම්භක බ්‍රෙන්⁣ට් බක්නම් තවත් විද්‍යාඥයන් සමඟ එක් ව, අව⁣ට වන ගහනයන්හි ජීව භෞතික විද්‍යාව අධ්‍යයනය කරමින් සිටියි. එහිදී නාගරික හරිත මංකඩ නව ඖෂධීය මානයකින් පරීක්ෂා කෙරෙනු ඇත. එහි එක් අවස්ථාවකදී, ශාඛ 8, 000 ක් රෝපණය කිරීමට පෙර සහ පසුව පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය – ඇදුම, හෘදය රෝග, ඩිමෙන්ෂියා – කෙරෙහි කරන සෘජු බලපෑම මැන බලනු ඇත.

‘’චන්ද්‍රිකා සහ ඩ්‍රෝන දත්ත එම මැනීමට හෝ සාමාන්‍ය සම්බන්ධතාව ගොඩනැගීමට තරමට විශ්වසනීය නැත. පර්යේෂණය සූක්ෂ්මයි පිරිවැය අධිකයි “ඔහු පවසයි.

සිය සොයා ගැනීම් ඔස්සේ සමාගමක් ආරම්භ කිරීමටත් ඔහුගේ සැලසුමක් තිබේ.

” මිනිසුන් වෙනුවෙන් දේවල් සරල කිරීම වැදගත් නමුත් අපි ගැටලුව දකින්නේ සංකීර්ණ සංරචක ජාලයක් විදිහටයි. ගෙවතු දෙකක් අතර පවතින පුංචි පාරිසරික වෙනස්කමකින් වුණත් ඒවායේ වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ විශාල වෙනසක් සිදු වෙන්න පුළුවනි .ඒවගේ බරපතළ පර්යේෂණයකට දිග කාලයක් වැය වෙනවා. මේ වෙද්දි සොබා දහම ගැන, සෞඛ්‍යය ගැන විද්‍යාඥයන්ට දරාගන්න බැරි තරමේ මහජන උනන්දුවක් තියෙනවා. මං හිතන්නේ අප එය ඔසවා තැබිය යුතුයි “

බ්‍රෙන්⁣ට් බක්නම් කියන්නේ එසේ ය.

කවරයේ ඡායාරූපය: වන ස්නානය - unsplash.com 

මූලාශ්‍ර:
www.wsj.com 
pubmed.ncbi.nlm.nih.gov 

Related Articles