Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රී රෝද රථ ගෙදර යවන්න ලංකාවට එන අමුත්තා- Bajaj Qute පිලිබඳ සමබර විවරණයක්

පසුගිය දා ඉහල ගිය ත්‍රී රෝද රථ මිලත් සමගම කාගේත් කතා බහට ලක් වූයේ අලුතින් එන බවට අනාවැකි කියවෙන ඉන්දියානු නිෂ්පාදනයක් වන සිව්රෝද රථයක් පිළිබඳව යි. විවිධ මතභේදාත්මක අදහස් රාශියක්, සමාජ ජාල සහ විවිධ මාධ්‍ය ඔස්සේ පලවන අතරවාරයේ, Roar එකේ අපි මේ ගැන සොයා බලන්න කල්පනා කළා.

ත්‍රී රෝද රථයෙන් ගෙදර යනවද? ත්‍රී රෝද රථයටත් ගෙදර යන්න වෙයි ද?

කුලී රථ ගාලක පොරොත්තුවන වෛවර්ණ ත්‍රී රෝද රථ. (www.dailynation.lk)

කුලී රථ ගාලක පොරොත්තුවන වෛවර්ණ ත්‍රී රෝද රථ. (www.dailynation.lk)

මූලිකවම මේ සිව්රෝද රථය ශ්‍රී ලංකාවට ආණයනය කෙරෙන්නේ ත්‍රීරෝද රථවලට ආදේශකයක් හැටියට බවයි කියවුනේ. ත්‍රී රෝද රථයක පවතින (අ)සමබරතාව, වැසි කාලගුණයක ධාවනය කිරීමේදී පවතින දුෂ්කරතා ආදී ගැටළු නිසා වගේම, මාර්ගය අවහිර වීම වැනි වලක්වාගත හැකි ගැටලුවලට පිලියමක් ලෙස මෙම සිව්රෝද රථය හඳුන්වා දෙන බවක් සඳහන් වුණා. කෙසේවෙතත් මෙම රථය අප රට වෙත පැමිණි පසු  කාලයාගේ අවෑමෙන් ඔබට හුරුපුරුදු ‘ටුක් ටුක්’ යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ත්‍රී රෝද රථය ඉතිහාසයට එකතුවන බව පැහැදිලි කරුණකි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට කෙමින් කෙමින් කා වැදුන ‘ටුක් ටුක් රුවන් වැකි’ සහ ඒ සම්බන්ධ ගීත ද විවිධ විකට කතා ද මේ සමඟින් ඔබට මතක් වනවා ඇති. යම්හෙයකින් මේ අලුත් අමුත්තාට ත්‍රී රෝද රථයේ තැන අත්පත් කරගත හැකි වේවි  ද?

ඇත්තටම කවුද මේ Bajaj Qute?

‘Bajaj Qute’ (www.bajajauto.com)

‘Bajaj Qute’ (www.bajajauto.com)

ඉන්දියාවේ බජාජ් සමාගමේ නිෂ්පාදනයක් වන මෙය  “ක්වඩ්‍රිසයිකල්” (චතුර්-රෝද පැදිය) නැමැති වාහන ඝණයට අයත් ය. යුරෝපා කළාපයේ ඇතැම් රටවල මෙවැනි රථවාහන ලියාපදිංචිය සිදු වන්නේ බල අධික යතුරු පැදි කාණ්ඩයේ හෝ ස්කූටර කාණ්ඩයේ ය. ඉන්දීය මංමාවත්වල දල ප්‍රවාහන වේගය සීග්‍ර ලෙස පහල හෙලීමට හේතු වූ ත්‍රී රෝද රථවලට සමුදීම අරමුණු කරගනිමින් මෙම රථය නිෂ්පාදිත ය. ශ්‍රී ලංකාව වෙත ද මෙම රථය ආණයනය කිරීමට තීරණය වන්නේ එවන් පසුබිමක් තුල ය.

අලුත් අමුත්තා ‘මෝටර් කාර්’  එකක්  ද?

මෙම රථය ශ්‍රී ලංකාව වෙත ආණයනය කෙරෙන්නේ මෝටර් රථයක් වශයෙන් නොව ත්‍රී රෝද රථවලට ආදේශයක් ලෙස බව බලධාරීන් ද අදහස් දක්වයි. 200 CC එන්ජින් ධාරිතාවයක් පමණක් පවතින මෙය මෝටර් රථයක් බවට පැවසීමට ප්‍රායෝගික අපහසුතා රැසක් ඇතත් ත්‍රී රෝද රථයක ඇති නොයෙකුත් අපහසුතා රාශියක් මග හරවා නිෂ්පාදනය කර ඇති බව නම් කිව යුතු ය. මගීන් ගමන් ගන්නා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබීමෙන් වැසි සහිත කාලගුණ තත්ත්ව යටතේ ධාවනය යම් තරමකින් පහසුදායි බවක් පෙන්නුම් කරන අතර රෝද තුනක් වෙනුවෙට හතරක ආගමනයක් සිදුව ඇති බැවින් සමබරතාව සහ පාලනය සම්බන්ධයෙන් ද සුබ ලකුණු පෙන්වා ඇත. කෙසේ වෙතත් අඩු එන්ජින් ධාරිතාවයක් පැවතීම යන කාරණය මත වායුසමීකරණ පහසුකම් වලින් මෙය තොර වන අතර සියලු දෙසින් ආවරණය වී තිබීම හේතුවෙන් එය වඩාත් අවාසි දායක තත්ත්වයක් උදා කරනු ඇති බවට ද සැක පල කෙරෙයි.

යොදාගෙන තියෙන තාක්‍ෂනය මොන වගේද?

එන්ජින් පද්ධතිය. (www.bajajauto.com)

එන්ජින් පද්ධතිය. (www.bajajauto.com)

රියදුරු සහ මගීන් තිදෙනෙකුට ගමන් ගත හැකි මෙහි මගී-ධාරිතාවය ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථයක නීත්‍යානුකූලව  ගමන් ගත හැකි සාමාන්‍ය මගී ප්‍රමාණයට සමාන වනවා. මෙහි උපරිම වේගය ලෙස දැක්වෙන පැයට කිලෝ මීටර 70ක වේගයද ත්‍රී රෝද රථයකට සමානකම් දරන බව පෙනී යනවා.  කිලෝ ග්රෑම් 450ක පමණ බරකින් යුක්ත මෙහි ඉන්ධන පරිභෝජනය ලීටරයට කිලෝ මීටර 36ක් ලෙස පැවසෙනවා. මෙයට ගියර 5 කින් සමන්විතවන ගියර පද්ධතියක් පවතින බවයි නිෂ්පාදකයන් සඳහන් කරන්නේ. ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන අයුරින් මෙහි අනෙකුත් අංග පහත පරිදී වනවා.

දිග-පළල ආශ්‍රිත විස්තර කිහිපයක්

Bajaj Qute හී පරිමාණය. (www.bajajauto.com)

Bajaj Qute හී පරිමාණය. (www.bajajauto.com)

දිග – 2752mm

පළල – 1312mm

උස – 1652mm

ඉදිරිපස/පසුපස රෝද අතර දුර – 1925mm

Wheel track – 1143mm

සම්පුර්ණ හැරවුම් වපසරිය – 3.5m

ආරක්ෂාව

Bajaj Qute හි ඝට්ටන පරීක්ෂණය. (auto.economictimes.indiatimes.com)

Bajaj Qute හි ඝට්ටන පරීක්ෂණය. (auto.economictimes.indiatimes.com)

සමාජ ජාල ඔස්සේ මෙම රථය පිලිබඳ වැඩියෙන්ම කතා බහට බඳුන් වූ මාතෘකාවක් වන්නේ මෙම රථයේ ආරක්ෂාව පිළිබඳව ය. එහි ඝට්ටන පරීක්ෂණයක් පහත වීඩියෝ පටන් දැක්වෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට සාපේක්ෂව එහි ආරක්ෂාව ඉතාමත් අවම බවක් පෙනී යන බව ද සඳහන් නොකරම බැරි අතර, මෙය නරඹන ඔබටම එය පසක්වනු ඇත. කෙසේ නමුදු, පෙර සඳහන් කල පරිදී ත්‍රී රෝද රථ ආදේශකයක් පමණක් වන මෙහි ආරක්ෂක තත්ත්වය ත්‍රී රෝද රථයකට වඩා යහපත් බවත් අනෙක් අතට වැටහී යයි.

ශ්‍රී ලංකාවට වෙනත් විකල්ප නැති ද?

සැබෑම කරුණ නම් මෙම රථයට සාපේක්ෂව ඉහල ගුණාත්මක බවින් යුතු රථයක් ශ්‍රී ලංකාවේ ද නිපදවිය හැකි පහසුකම් අප සතු වීමයි. දේශීය වශයෙන් මෙවැනි රථ සහ විදුලි මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමු කල ව්‍යවසායකයන් සහ උනන්දු සහගත කාර්මික ශිෂ්‍යයන්ගෙන් අප රටට අඩුවක් නැත. නමුත් ඔවුන් හමුවේ ඇති ප්‍රධාන ගැටලුව නම් එවැනි කටයුතු සහ පර්යේෂණවල නියැලීම සඳහා ප්‍රමාණවත් මූල්‍යමය පහසුකම් කෙසේ හෝ සපයා ගත්තද එවැනි පර්යේෂණ අවසානයේ ලබන සාර්ථකත්වයෙන් පසු  රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් මට්ටමින් නොලැබී යාම ය.

ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රයේ නවමු පියවරක් ඔසවමින් ත්‍රී රෝද රථ සමුගන්වා වඩා ආරක්ෂාකාරී සහ ඉක්මන් සිව්රෝද රියක විකල්පයක් වෙත යොමු වීම පැසසිය යුතු කරුණක් වූව ද, එහිදී දේශීය නිෂ්පාදකයා වෙත ද මනා අවධානයක් යොමු කරවීමට රජයක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ද Roar හි අපි අවධාරණය කර සිටිමු.

කවරයේ පින්තුරය: kolesa.ru

Related Articles