Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම

සුපිරි නළු Keanu Reeves රඟපාන Fantasy සහ Sci-fi Genresවලට අයිති වන The Matrix, Matrix Reloaded, Matrix Revolutions නම් අතිශය ජනප්‍රිය චිත්‍රපට ත්‍රිත්වය පිළිබඳව වගේම එහි අන්තර්ගතයන් ගැනත් මේ දිනවල බොහෝ විට කතාබහ කෙරෙනවා. ඒ, 2021 වසරේ එළිදැක්වීමට නියමිත එහි සිව්වැනි චිත්‍රපටය නිසාවෙන් පමණක්ම නොවෙයි. ඔබට මතක නම් The Matrix පළමු චිත්‍රපටය, එහි ප්‍රධාන චරිතය වන Neoගේ මොළය යම් පරිගණක යන්ත්‍රයක් වෙත විවිධ සම්බන්ධ කර මෘදුකාංගයක් ඔස්සේ training programmes ගණනාවක් ඔහුගේ මොළය වෙත ඇතුළත් කරනවා. 1999 වසරේ තිරගත වූ මේ චිත්‍රපටයේ අඩංගු මොළය වෙත දත්ත ඇතුළත් කිරීමේ සංකල්පය, අද වෙද්දී සැබෑවක් බවට පත් වී තිබෙන බව ඔබ දන්නවා ද? මේ ලිපිය දිගහැරෙන්නේ ඒ පිළිබඳව යි. ලිපිය කියවන්න කලින් මේ කෙටි වීඩියෝ පටය බලලා ඔබේ මතකයන් අලුත් කරගන්න අපි ඔබට ආරාධනා කරනවා.

පර්යේෂකයන්ට අනුව පුද්ගල මොළය වෙත දැනුම පෝෂණය කිරීම ඉතාම පහසු කටයුත්තක් වන අතර, මේ වෙද්දීත් මොළය වෙත දැනුම ඇතුළත් කළ හැකි simulator එකක් නිර්මාණය කරමින් තිබෙන බව වාර්තා වෙනවා. මේ හරහා ඉතාම කෙටි කාලයක් තුළ පුද්ගලයින් වෙත යම් කුසලතාවයක් පුරුදු කිරීමට හැකියාව තිබෙන බව ඔවුන් telegraph.co.uk වෙත සඳහන් කර තිබුණා. මේ simulator එක Matrix චිත්‍රපටයේ මොළය වෙත දැනුම පෝෂණය කරන යන්ත්‍රය සහ මෘදුකාංගය වැනි උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් සහ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ පළමු පියවර බවට පත් වනු ඇතැ යි ඔවුන් විශ්වාස කරනවා. 

Science Fiction චිත්‍රපට දෙකක සහ සැබෑ ලෝකයේ මොළය පරිගණක වෙත සම්බන්ධ කර ඇති අයුරු- Nerdreactor.com 

චිත්‍රපටයේ Neo වෙත kung fu වැනි සටන් කලාවන් ඉගෙන ගන්නට ගත වුණේ තත්පර කිහිපයක් පමණයි. සාමාන්‍යයයෙන් එවනි සටන් කලාවක් ඉගෙන ගන්නට වසර ගණනාවක පුහුණුවක් වගේම කැපවීමක් අත්‍යවශ්‍ය යි. කැලිෆෝනියාවේ පිහිටි HRL Laboratories පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ simulator එක ඔස්සේ පුද්ගලයන්ගේ ඉගැනුම් හැකියාවන් පුළුල් කිරීමට හැකි බව අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් පවසන අන්දමට එය චිත්‍රපටයේ සංකල්පය තරම් තවමත් දියුණු මට්ටමක නැති අතර, මෙය හුදෙක් පළමු පියවරක් බව යි ඔවුන් සඳහන් කරන්නේ. ඔවුන් මේ ක්‍රමවේදය අත්හදා බැලීම සඳහා පුහුණුව ලැබූ ගුවන් නියමුවන් යොදාගෙන පර්යේෂණයක් සිදුකර තිබෙනවා. (මිනිස් මොළයේ දත්ත ගලාගෙන යාමට උපකාරී වන විද්‍යුත් සංඥාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමක් මෙහි දී සිදුව තිබෙනවා.) පුහුණුව ලැබූ ගුවන් නියමුවන් කිහිපදෙනෙකු පර්යේෂණ ආයතන තුළ ඇති realistic flight simulator එකක් වෙත යොමු කර, ඔවුන් එහි අතත්‍ය ගුවන් යානය පාලනය කිරීමේ දී ඔවුන්ගේ මොළය තුළ සංඥාවන් ගලා යන ආකාරය නිරීක්ෂණය කර, ඒ හා සමාන විද්‍යුත් සංඥාවන් වෙන වෙනම ඔවුන් තරම් පුහුණුවක් නොලැබූ ආධුනික කිහිපදෙනෙක්ගේ මොළය වෙත කෘත්‍රීම ව ලබාදෙමින් සම්පුර්ණ පර්යේෂණය සිදුකර තිබෙනවා. ආධුනික ගුවන් නියමුවන්ගේ පියාසර හැකියාවන් 33% පමණ ඉහළ දැමීමට මේ හරහා ඔවුන්ට හැකි වී තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් HRL හි පර්යේෂකයන් සඳහන් කරන්නේ දැනට මෙවැනි simulator මඟින් පුද්ගල මනසේ ඉගැනුම් ක්‍රියාවලිය වෙත Boost එකක් පමණක් ලබාදිය හැකි බව යි. 

පර්යේෂණය සඳහා යොදාගන්නා HRL Laboratories විශේෂ හිස්වැස්ම- elitereaders.com 

වැඩිදුරටත් Dr. Matthew Phillips සඳහන් කරන්නේ ඔවුන්ගේ මේ simulator එක සාර්ථකව මොළය වෙත උත්තේජන සපයන පළමු යන්ත්‍රය බව යි. මේ ක්‍රමවේදය ඔස්සේ අනාගතයේ රිය පැදවීම වැනි ක්‍රියාවලි ඉතා ඉක්මනින් පුහුණු කරවීමට හැකියාව ලැබෙනු ඇතැ යි ඔහු විශ්වාස කරනවා. ඔවුන් මේ කරගෙන යන පර්යේෂණය වර්තමාන සමාජය වෙත අලුත් එකක් වුවත්, මෙහි මූලික සංකල්පයන් වසර 4000ක් තරම් අතීතයට දිවයන බව යි ඔහු සඳහන් කරන්නේ. පුරාණ ඊජිප්තුවේ විද්‍යුතය නිපදවන මාළුන් යොදාගෙන විවිධාකාර වේදනාවන් සමනය කිරීමේ ක්‍රමවේදයන් පැවතුණු බව ඔහු සඳහන් කරනවා. 

ඔබට මතක නම් Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Muskගේ නවතම තාක්ෂණික ව්‍යාපෘතිය ලෙස ඔහු ආරම්භ කළ Neuralink ආයතනය සිදුකරන පර්යේෂණ පිළිබඳව අප පෙර ලිපියක ඔබ වෙත ගෙන ආවා. කෙසේ වෙතත්, උපාංග ඔස්සේ පුද්ගල මොළය පරිගණකය වෙත සම්බන්ධ කිරීම මඟින් මොළය Hackerවරුන් වෙත විවෘත කිරීමක් ලෙසත් ඇතැමුන්ගේ මතයක් පවතිනවා. එමෙන්ම මේවා ආශ්‍රයෙන් මිනිසුන් විවිධ දේ සඳහා යොමු කිරීමත් සිදුවිය හැකි බව යි ඔවුන්ගේ මත ය. මෙවැනි සමාජීය මත සමග මේ තාක්ෂණයන් කොයි ආකාරයෙන් පෑහේවි ද යන්න නුදුරු අනාගතයේ දී මේ පර්යේෂකයන් වෙත මතු වන ප්‍රධාන ගැටළුවක් බවට පත් වේවි.

සබැඳි ලිපි: 

මිනිසුන් වෙනුවෙන් කැපවෙන කලාකරුවා – කියෝනූ රීව්ස් 

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

මූලාශ්‍රයයන්: 

Telegraph.co.uk 

Looktothestars.org 

Youtube.com 

Hrl.com 

Nerdreactor.com 

Elitereaders.com 

කවරය- Nerdreactor.com 

Related Articles