
අද අපි ඔබට විස්තර ගේන්න යන්නේ මෑතකදී ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වූ කලාවක් පිළිබඳවයි. ඒ ප්‍රෝජෙක්ටර් මැපින් පිළිබඳවයි. ප්‍රෝජෙක්ටර් මැපින් තරමක් වෙනස් කලාවක් වෙනවා සේම එය තාක්‍ෂණය හා සම්බන්ධ කලාවක් ද වෙනවා. ඉතින් ලෝකය පුරා වේගයෙන් පැතිර යන මේ අලුත් කලාව පිලිබඳ තොරතුරු කිහිපයක් මේ.

www.creativeapplications.net
මොකක්ද මේ ප්‍රෝජෙක්ශන් මැපින් ?
අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරන්නේ presentation එකක් වගේ දෙයක් පෙන්වන්න. ඒ අවස්ථාවේදී තිරයක් හෝ බිත්තියක් වැනි පැතලි පෘෂ්ඨයක් භාවිතා කරනවා. නමුත් මේ ප්‍රෝජෙක්ශන් මැපින් එකක් සාමාන්‍යයෙන් ඕනෑම හැඩයේ පෘෂ්ඨයක, අපිට කරන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් ප්‍රෝජෙක්ශන් මැපින් කියන්නේ “යම් කිසි රූපයක් පැතලි හෝ සුදු නොවන පෘෂ්ඨයක ප්‍රදර්ශනය කිරීමයි”.
( “the display of an image on a non-flat or non-white surface”.) මෙම කලාව අධ්‍යයනයේදී හැඳින්වීමට “spatial augmented reality” සහ “video mapping.” යන නම් යොදා ගනු ලබනවා. මෙම තාක්ෂණය වෙළඳ ප්‍රචාරණයට, සජීවී ප්‍රසංග, වේදිකා නාට්‍ය හා සැරසිලි වැනි අවස්ථා වලට යොදා ගනු ලබනවා.

ytimg.com
ඉතිහාසය
මෙම කලාව මෑතකදී මෙසේ කලාකරුවන් හා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය පුරා පැතිර ගියත් එයට ඔබ හිතනවාට වඩා දිගු අතීතයක් තිබෙනවා.ඔබ මීට වසර තුනකට පෙර google සෙවුම ලෙස “Projection Mapping” ඇතුලත් කලා නම් ඔබට ඒ හා අදාල කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති. ඒ එහි නම වෙනස් ආකාරයකට ඇකඩමියාව ( අධ්‍යනය ) තුල හැසිරුණු නිසයි.
මෙම කතාව පටන් ගන්නේ වර්ෂ 1969 දි යි. ඒ ඩිස්නිලන්තයේ Haunted Mansion ride නම් ස්ථානයේ ආරම්භක උත්සවය තුළදී යි. එහි තේමා ගීතය මෙසේ වීඩියෝ මැපින් කර තිබුණේ 16mm සිනමා පටයක් ලෙස පටිගත කර පසුව ඔවුන්ගේ උඩුකය මුහුණකට එම ප්‍රක්‍ෂේපනය කිරීමෙනුයි. මෙහිදී උඩුකය මුහුණු 5ක් යොදාගෙන තිබුණා.

projection-mapping.org
ඊළඟ ප්‍රෝජෙක්ශන් මැපින් උදාහරණය හමුවෙන්නේ වර්ෂ 1980 දි යි. ඒ මයිකල් නයිමාර්ක් ගේ සිනමා පටයක් තුළදී යි. එහිදී නිරූපණය කරන අය දෙදෙනෙක් කාමරය තුළ කරන නිරූපණය කෙරෙන කැමරාවක් තුලින් පටිගත කරනවා. ඉන් පසුව එම කැමරාව වෙනුවට ප්‍රක්‍ෂේපන යන්ත්‍රයක් එම ස්ථානයේ තබනවා. ඉන් පසුව rotating projection mapping ක්‍රමයට එම කාමරය තුල නැවත කලින් ගත් රූප පටය ප්‍රතිනිර්මාණයක් සිදු වෙනවා.
එසේ ආරම්භ වූ මේ කලාව අද වන විට ලෝ පුරා වේගයෙන් පැතිරෙමින් තිබෙනවා.
ප්‍රෝජෙක්ශන් මැපින් වර්ග
01 – Architectural video mapping
මෙහිදී සිදුවන්නේ ත්‍රිමාණ ප්‍රක්‍ෂේපනයක් යම් කිසි මතුපිටකට, ගොඩනැගිල්ලකට යොමු කර එහි රූප මැවීමයි.

pinimg.com
02. Object Video Mapping
මෙහිදී සිදුවන්නේ ජ්‍යාමිතික හැඩතල වලට රූපරාමු ස්ථාන ගත කිරීමයි. ඝනක,පිරමීඩ,ප්‍රිස්ම, රථ වාහන, ශාක වැනි ස්වභාවධර්මයේ ඇති ඕනෑම වස්තුවක රූප මැවීමේ හැකියාවක් පවතිනවා.

akamai.coub.com
03. Interior projection mapping
මෙයත් අද වනවිට ඉතාම ප්‍රචලිත ක්‍රමයක්. ගෘහ අභ්‍යන්තර වල මෙසේ රූප ස්ථාන ගත කරන අතර සමහරක් අවස්ථා වල අංශක 360ටම රූප මැවීමේ හැකියාවක් පවතිනවා.

panasonic.com
04. Full Dome projections
යම්කිසි උත්සවයක් තිබෙන අවස්තාවක එහි අභ්‍යන්තරයේ සියලුම මතුපිටවල් මෙය හරහා ප්‍රක්‍ෂේපණය කිරීමේ හැකියාවක් පවතිනවා. බිත්ති, පොලොව, සිවිලිම වැනි ඕනෑම මතුපිටක් එයට අයිති වෙනවා.

vimeocdn.com
ලොව පුරා ජනප්‍රිය වූ හැටි
ප්‍රෝජෙක්ශන් මැපින් මුලින්ම ලෝකයට එන්නේ ගරිල්ලා අලෙවිකරණ ක්‍රමයක් ලෙසයි. එමෙන්ම එය ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පීන් තමන්ගේ ප්‍රසංග වෙනුවෙන්ද භාවිතා කරන්නට ගත්තා. පසුව Nokia, Samsung, Unilever Pakistan, Pakistan Tobacco company, Bank Alfalah, Brighto Paints, Benson & Hedges, John Players Gold Leaf සහ BMW වැනි සමාගම් ලොව පුරා ප්‍රධාන නගර වල මෙම ක්‍රමය භාවිතා කරමින් වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් දියත් කරනු ලැබුවා. මේවා සාමාන්‍යයෙන් විශාල ගොඩනැගිලිවල බිත්තිවල ඔවුන් විසින් නිර්මාණය කරනු ලැබ තිබුණා. එමෙන්ම ප්‍රංශයේ ලියොන් නුවර නිර්මල දේව මාතාවන් උදෙසා උදෙසා පවත්වන ආලෝක මංගල්‍ය වෙනුවෙන්ද මෙම තාක්ෂණය යොදා ගැනුණා. එමෙන්ම බොහෝ EDM කලාශිල්පීන් මෙය ඔවුන්ගේ ප්‍රසංග වෙනුවෙන් භාවිතා කරනු ලැබුවා.

bittorrent.com
එමෙන්ම අද වන විට දෘශ්‍ය කලාකරුවන් තමන්ගේ නිර්මාණ එළි දැක්වීමේ ක්‍රමයක් ලෙසත් මෙය භාවිතා කරනු ලබනවා. ඔවුන් තමන්ගේ නිර්මාණ ත්‍රිමාන අයුරින් තම ප්‍රේක්ෂකයා වෙත ගෙනයාම මෙහිදී සිදු වෙනවා. නියෝක් හා ලන්ඩන් වැනි නගර වල එසේ කිසිදු අවසරයකින් තොරව කලාකරුවන් හිටි හැටියේ තම නිර්මාණ මහ ජනතාවට පෙන්වන අයුරු දකින්නට හැකියාවක් තිබෙනවා. මෙය බොහෝ කලාකරුවන් ඔවුන්ගේ කැන්වසය ලෙස භාවිතා කරන අතර එහි ඇති විශේෂය්ත්වය වන්නේ එම කැන්වසය ඕනෑම තැනක ප්‍රදර්ශනය කල හැකි වීමයි.
කවරය – srushtiimx.com