තොරණ හදන වෙදැදුරා

වෛද්‍ය පුණ්‍යසිරි වරුසවිතානට වෙසක් තොරණ කෙරෙහි ඇල්ම ඇති වූයේ ඔහු අම්බලන්ගොඩ හැදී වැඩෙන අවදියේදී ය. එහෙත් වෛද්‍යවරයෙක් වීමේ සිහිනය සපුරා ගැනීම සඳහා ඔහුට විදේශයන්හි පුහුණුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය. පුහුණුව නිම වී ශ්‍රී ලංකාවට ආපසු පැමිණි ඔහු නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස වෛද්‍ය වෘත්තියට අවතීර්ණ වූ ඔහු වෙසක් තොරණ සෑදීම කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය.

Image: Roar Media/Nazly Ahmed

1982 දී කළුබෝවිල තම නිවසේ පදිංචි වූ පසු තොරණ සෑදීමට කාලය කැප කිරීමට ඔහුට හැකි වූයේ නැත. ඔහු  බැල්කනියේ කුඩාවට තොරණක් සෑදී ය. වසර 37 කට පසු, ඔහුගේ තොරණ අඩි 25 ක් උස, විදුලි පහන් සහ සජීවිකරණ රාශියකින් සමන්විත වූවක් බවට පත්ව ඇත.

 “සෑම වසරකම, මං මගේ නිර්මාණය වැඩිදියුණු කිරීමට උත්සාහ කළා, මම නිර්මාණයට අලුත් දේ එකතු කිරීම  දිගටම කරගෙන ගියා,” ඔහු පැවසීය. 

Image: Roar Media/Nazly Ahmed

“මං මෙය ඉදි කරන්නට සෑම වසරක ම විවේකයක් නොමැතිව වැඩ කළා. වසංගතයට පවා මාව නවත්වන්න පුළුවන් වුණේ නෑ. ”

වරුසවිතාන සිය තොරණේ සෑම අංගයක්ම හසුරුවයි. විද්‍යුත් උපාංග සැලසුම් කිරීම සහ කළමනාකරණය කිරීමේ සිට අවසානයේ සියල්ල එකට එකතු කිරීම දක්වායි ඒ. ඔහු වෛද්‍යවරයෙක් වුවත්, ඔහු ඉංජිනේරු සහ විද්‍යුත් උපාංග පිළිබඳ ද දක්ෂයෙකි.ඒ නිසා ඔහුට තොරණේ විවිධ සංරචක සමඟ වැඩ කිරීමට පහසු වේ.

Image: Roar Media/Nazly Ahmed

වසර ගණනාවක් පුරා මේ සඳහා ඔහුට කලාකරුවන් අතලොස්සක් සහායවිය. ඔවුහු තොරණ සඳහා සිතුවම් නිර්මාණය කළහ. ඒවා පින්තාරු කිරීම, ඔහුගේ එකම දුර්වලකම බව ඔහු කියා සිටියේ ය. ඔහුගේ වත්මන් කලාකරු සගයා වන සෙනරත් රණසිංහ පසුගිය දශකය පුරා තොරණ සඳහා කලාකෘති නිර්මාණය කළ අයෙකි.

වරුසවිතාන, මේ වන විට තොරණ 37ක් ඉදිකර ඇති අතර, ජාතක කතා 37ක්, බුදුරදුන්ගේ අතීත ජීවිත විස්තර කෙරෙන බෞද්ධ සදාචාර කතාන්දර විස්තරත් ඒවායේ ඇතුළත් ය. මෙම වසරේ තොරණෙහි කිසා ගෝතමී කතාව ඇතුළත් වූ අතර චලනය වන කොටස් කතාවේ ඇගේ ක්‍රියා කිහිපයක් නිරූපණය කරයි.

Image: Roar Media/Nazly Ahmed

තොරණ වරුසවිතානගේ ප්‍රදේශයේ අසල්වැසියන් අතර මහත් අපේක්‍ෂා ගෙන දෙන්නක් බවට පත් ව ඇත. ඔහු එය නරඹන මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රතිචාර ලිවීමට පොතක් ද ඒ අසළ තබා ඇත. ඔහු පසුගිය වසර 37 තුළ ඉදිකළ සෑම තොරණක ම ඡායාරූප ද ඔහු සතුව ඇත.

වරුසවිතාන ඔහුගේ තොරණ සෑදීමෙන් සහ එය නරඹන්නට එන අය දැකීමෙන් ප්‍රීතියක් මෙන් ම මහත් ආඩම්බරයක් ද අක්විඳි යි. එය ඔහුගේ කැපවීම, නිර්මාණශීලිත්වය සහ කලාව සඳහා ඇති ආසාව පිළිබඳ සාක්ෂියකි. නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස වසර 35ක් කළ සේවයෙන් පසු 2005 වසරේ දී විශ්‍රාම ගත් ඔහු තොරණ සෑදීම සඳහා සිය විශ්‍රාම දිවිය කැප කර ඇත.

Image: Roar Media/Nazly Ahmed

Related Articles

Exit mobile version