Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ කෙස් කළඹ අලංකාර කරගන්නට Sunsilk වෙතින් විලාසිතා ක්‍රම හතක්

මේ දවස්වල නම් තියෙන ඩෙඩ්ලයින් තොගයයි, ට්‍රැෆික් එකේ නාස්ති කරන කාලයයි එහෙමත් නැත්නම් තියෙන busy කම හින්දා තමන්ගේ හිතට සරිලන විදියට අඳින්න පළදින්න තියා කොටින්ම ඇඳගෙන ඉන්න දේ අගේ කරන්නවත් වෙලාවක් නැති තරම්. ආසාව නම් තියෙනවා, එත් ඉතින් කොහෙන්ද style වලට වෙන් කරන්න කාල වෙලාවක් හොයන්නේ?

හැබැයි මෙහෙම කිව්වට මේකට කවුරුත් හිතන්නේ නැති පොඩි පිළියමකුත් නැතුවම නෙමෙයි- ඒ තමයි ඔබේ කෙස් කළඹ සහ ඔබ එය සරසන්නට තෝරාගන්න ක්‍රමවේදය. අපි හිතන දේ හරිනම් දැනටමත් ඔබ හිතනවා ඇති ‘කියන්න නම් පුළුවන් එත් ඔයා දන්නවද මගේ කොන්ඩේ වැඩ ටික කරගන්න යන කාලය?’ කියලා.

ඉතින් එහෙමත් හිතන්න එපා, වැඩේ කොහොමහරි කරගන්නත් එපැයි. මේ list එකේ දක්වලා තියෙන්නේ ඉතින් ලංකාවට සුප්‍රකට කොන්ඩා මොස්තරකරණයේ ඉහලින්ම ඉන්න රමණි ප්‍රනාන්දු මහත්මියත්, කොණ්ඩය ගැන  සුවිශේෂී සන්සිල්ක් වෙලන්දනාමයත් එකතුවෙලා සකස්කරපු, විනාඩි කිහිපයකින් ඔබටත් අත්හදාබැලියහැකි කොණ්ඩාමෝස්‌තර කිහිපයක්.

සති අන්තයට අලංකාර Fishtail Braid එකක් 

මේකට කියන්නේ සති අන්තයකට සුදුසු කොන්ඩ ගෙතුමක්, එහෙමත් නැත්නම් Friday Evening Fishtail කියලා. මුලින් දැක්කම පොඩ්ඩක් වැඩ වැඩි style එකක් වගේ පෙනුනත්, පටන්ගත්තයින් පස්සේ තමයි තේරෙන්නේ මේක කරන එක කොතරම් ලේසිද කියල. අවසාන ප්‍රතිපලය නම් ඉතින් ඉතා අලංකාර වගේම කොණ්ඩයට වැඩි අපහසුවක් එහෙම නැති පෙනුමක්. ඔබේ කොණ්ඩය දිගින් වැඩි වන තරමට මේ විලාසිතාව ඔබේ කොණ්ඩයට ගැලපෙනු ඇත.

Date Night එකට ප්‍රේමාන්විත Roll-up එකක් 

කලින් වීඩියෝ එක දැකපු ගමන් ‘අපෝ මගේ කොන්ඩේ නම් මේ style එකට curly වැඩියි’ කියල ඔබට හිතුනානම් මේක try කරලා බලන්න. මේ මෝස්තරය දාල තියෙන්නේ ස්වාභාවිකවම රැලි සහිත කොන්ඩයකින් යුත් නිරුපිකාවකට. මේකටනම් ඇත්තටම ඉතින් පොඩ්ඩක් වැඩ වැඩියි, ඒවුනාට බලන්නකෝ අවසාන ප්‍රතිපලය කොච්චර දකුම්කළුද කියල.

Party එකකට සරිලන නියම High-Ponytail එක 

ස්වාභාවිකවම කොන්ඩය කෙලින් ගතියක් තියෙන නිරුපිකාවක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මේ style එකනම් දාන එක බොහොම ලේසියි. ඒවගේම තමයි මේ විලාසිතාව ඕනෑම තැනකට ඕනෑම වෙලාවකට සුදුසු වීම.

Movie Night එකට Top Knot එකක් 

ඔබේ කොණ්ඩය ඉතා රැලිසහිත හෝ ඉතා කෙලින් නොවන එකක් නම් මේ වගේ style එකකින් ඉතා හොඳ පෙනුමක් කෙටි කාලයක් ගතකරලා ඔබට ලබාගන්න පුළුවන්.

වැඩට යනකොට දාන්න හොඳ Professional Perfect 

හොඳ තියුණු පෙනුමක් සහිත කොණ්ඩ මෝස්තරයකට නම් මේ style එක ඉතාම සුදුසුයි. තවත් කියන්න ඕනේ, මේ වගේ style හෝ මිට ඉහතින් දාල තිබ්බ style එක ලංකාව වගේ රටක කාලගුණයට උනත් වඩාත් සුදුසුයි කියන එක, මොකද ගෙල පෙදෙස නිරාවරණය වෙන හින්ද වැඩිය දාඩිය දාන්නෙත් නෑ  ඒවගේම රස්නය දැනෙන එකත් සැහෙන්න අඩුයි.

Night Out එකකට Side Twist එකක් 

තරමක් රැලි සහිත කොණ්ඩයක් තියෙන නිරුපිකාවක් තමයි මේ style එක පෙන්වන්නට යොදාගෙන තියෙන්නේ- කොහොමද කොණ්ඩයේ පෙනුම? මේකනම් ඉතින් try කරලා බලන්නත් වැඩි අමාරුවක් නැහැ.

Office එකට සරිලන Sophisticated ට්විස්ට් එකක් 

කොණ්ඩය ගොතන්න කැමති ඔබට තමයි මේක වඩාත්ම සුදුසු, කලින් දක්වපු උඩු ගැටයට (Top Knot) වඩානම් මේක ටිකක් තරුණ පාටයි කියල නම් කියන්න ඕන.

ඉතින් ඔබ නම් දැනටමත් දන්නවා ඇති youtube එකේ තියන මේවගේ වීඩියෝ වලින් බොහෝ දේ මේ දවස්වල ඉගෙනගන්න පුළුවන් බව. මේ වීඩියෝ පෙළ නම් හදලා තියෙන්නෙම කොන්ඩයෙන් එක එක මෝස්‌තර කරන්න කැමැත්තක් දක්වන ලාංකික කාන්තාවන් ගැනම හිතාගෙන තමයි. හැබැයි මතකයේ තියාගන්න ඕන කරුණක් තමයි හැමදාම ඕනවට වඩා වැඩ දාන්න ගියත් කොන්ඩේ සෞඛ්යයට එයින් බලපෑම් ඇතිවියහැකි බව.

ඔබේ කොණ්ඩය ඝනකම වැඩි තරමට ඊට වෙන්න පුළුවන් හානිය අඩු වෙනවා. තවත්, මේ වීඩියෝ වලින් කියන වැදගත් කරුණක් තමයි යෝගට් ප්‍රෝටීන් වලින් කොණ්ඩයේ පැවැත්ම දික්ගස්සගන්න පුළුවන් ආකාරය. සන්සිල්ක් හඳුන්වලා දෙන අලුත්ම නිෂ්පාදනය තමයි මේ ‘ඝනකම් සහ දිග කොණ්ඩය’ සඳහා වන ෂැම්පු කන්ඩිෂනර් එක- මේකේ අඩංගු විශේෂ දේ තමයි අර කලින් සඳහන් කරපු යෝගට් ප්‍රෝටීන්.

දවස අතිමේදී මතක තියාගන්න ඕනේ කරුණ තමයි ඔබේ කෙස් කළඹ ඝනකමින් වැඩි වන තරමට එයින් try කරන්න පුළුවන් විලාසිතා ප්‍රමාණය වැඩිවෙනවා මෙන්ම කොන්ඩේ තියෙන සෞඛ්යමත් බවත් වැඩි වෙන බව.

Cover image credit/කවරයේ පින්තුරය : superzena.b92.net

Related Articles