Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 4කට පසුව රග්බි වසන්තය යළි ඇරඹෙයි

ලොව පුරා විසිරී සිටින රග්බි ක්‍රීඩා ලෝලීන්ගේ වසන්ත සමය උදාවන්නේ 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයත් සමගින්. මෙවරත් රටවල් 20ක සහභාගිත්වයෙන් දින 43ක් තුළ තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේ ක්‍රීඩාංගනයන් 12ක යි. මෙවර ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලිය සුවිශේෂී එකක් වන්නේ ආසියානු රටකට මුල්ම වරට එහි සත්කාරකත්වය හිමිවීම නිසා යි. 

තරගාවලිය සඳහා සහභාගි වන රටවල් 

මෙවර තරගාවලිය සඳහා සහභාගි වන රටවල් 20ම මීට පෙර පැවති රග්බි ලෝක කුසලාන තරගාවලීන් සඳහා සහභාගි වී තිබෙනවා. නමුත් පසුගිය රග්බි ලෝක කුසලාන තරගාවලි 8 සඳහාම සහභාගි වුණු රුමේනියාව මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා නොගැනීම සුවිශේෂී සිදුවීමක්. තරගාවලිය සඳහා එක්වන රටවල් 20 මෙසේ දැක්විය හැකියි.

1) ආජන්ටිනාව             2) ඕස්ට්‍රේලියාව 

3) කැනඩාව                 4) එංගලන්තය

5) ෆිජී                         6) ප්‍රංශය

7) ජෝජියාව                8) අයර්ලන්තය

9) ඉතාලිය                  10) ජපානය 

11) නැම්බියාව             12) නවසීලන්තය

13) රුසියාව                14) සැමෝවා 

15) ස්කොට්ලන්තය      16) දකුණු අප්‍රිකාව 

17) ටොංගා                 18) ඇමරිකාව 

19) උරුගුවේ               20) වේල්ස් 

තරගාවලිය පැවැත්වෙන ආකාරය 

තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 20 රටවල් 5 බැගින් කාණ්ඩ 4කට බෙදා තිබෙනවා. මූලික වටයේ දී යම් රටකට තම කාණ්ඩයේ සිටින සෙසු රටවල් 4 සමග ක්‍රීඩා කිරීමට නියමිත යි. මූලික වටයේ තරග අවසානයේ දී සෑම කාණ්ඩයකම ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2ක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇති. ඉන් අනතුරුව තරගාවලිය පැවැත්වෙන්නේ පිළිමළුන් පිටු දැකීමේ (Knockout) ක්‍රමය යටතේ යි. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිත යි. අවසන් පූර්ව වටය යටතේ පැවැත්වෙන තරග දෙකේ ජයග්‍රාහකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන අතර, ඉන් පසුව පැවැත්වෙන අවසන් තරගයේ ජයග්‍රාහකයින්ට කුසලානය හිමිවනු ඇති.

එක් එක් කාණ්ඩයට අයත්වන රටවල් 

තරගාවලිය සඳහා එක්වුණු රටවල් 20 පහත දැක්වෙන ආකාරයට කාණ්ඩ 5කට බෙදා තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලියේ දී  B කාණ්ඩය හැර සෙසු කාණ්ඩ 3ම උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

A කාණ්ඩය 

මෙවර තරගාවලිය යටතේ A කාණ්ඩයෙන් තරග කරන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ජපානය, රුසියාව, සහ සැමෝවා යන කණ්ඩායම් 5 යි. මෙම කාණ්ඩයේ සිටින ප්‍රබලම කණ්ඩායම් 2ක වන්නේ අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යි. ඒ අතුරින් අයර්ලන්තය මේ වන විට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින විට ස්කොට්ලන්තයට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානය යි. එම කණ්ඩායම් 2කට අමතරව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ රැඳී සිටින සත්කාරක ජපානය මෙවර තරගාවලියේ දී පෙරළියක් කිරීමට හැකි කණ්ඩායමක් ලෙස නම් කළ හැකි යි. මෙම කාණ්ඩයට අයත්වන රටවලින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම දස්කම පෙන්වා ඇත්තේ ස්කොට්ලන්තය යි. ඒ 1991 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී සිව්වන ස්ථානය ලබාගනිමින් 

අයර්ලන්ත රග්බි කණ්ඩායම (gettyimages)

B කාණ්ඩය 

B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, කැනඩාව, සහ නැමීබියාව යන රටවල් 5යි. ඒ අතුරින් ප්‍රබලම කණ්ඩායම් දෙක වන්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යි. ඔවුන් පිළිවෙලින් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 2 සහ 4 ස්ථානවල රැඳී සිටිනවා. එම කණ්ඩායම් 2ට සාපේක්ෂව සෙසු කණ්ඩායම් තුනම එතරම් ප්‍රබල මට්ටමක නොමැති නිසා නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව බොහෝවිට මෙම කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට එක්වනු ඇති . අතීතයේ සිටම පැවති රග්බි ලෝක කුසලාන තරගාවලිවල දී සුපිරි දස්කම් දැක්වූ නවසීලන්තය 1987, 2011, සහ 2015 වසරවල දී රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එසේම දකුණු අප්‍රිකාවත් 1995 සහ 2007 වසරවල පැවති රග්බි ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කළේ ඉහළ දස්කම් දක්වමින්

නවසීලන්ත රග්බි කණ්ඩායම (gettyimages)

C කාණ්ඩය 

මෙවර තරගාවලියේ උණුසුම්ම කාණ්ඩය වන C කාණ්ඩය සඳහා එංගලන්තය, ප්‍රංශය, ආජන්ටිනාව, ටොංගා, සහ ඇමරිකාව යන රටවල් සහභාගි වනවා. ඒ අතුරින් ප්‍රබලම කණ්ඩායම් දෙක වන්නේ එංගලන්තය සහ ප්‍රංශය යි. ඔවුන් ලෝක රග්බි ශ්‍රේණිගතකිරීම්වල 3 සහ 8 ස්ථානයන්හි රැඳී සිටිනවා. එම කණ්ඩායම් 2ට අමතරව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන ආජන්ටිනාවත් තරගකාරී කණ්ඩායමක් ලෙස නම් කළ හැකියි. ඒ අනුව මෙම කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රංශය එංගලන්තය සහ ආජන්ටිනාව තුන්කොන් සටනක නිරතවනු ඇති. මෙම කාණ්ඩයෙන් තරග කරන රටවල් අතුරින් රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්තය පමණ යි. ඔවුන් 2003 වසරේ දී එම දස්කම කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින්.

එංගලන්ත රග්බි කණ්ඩායම (gettyimages)

D කාණ්ඩය 

මෙවර තරගාවලිය යටතේ D කාණ්ඩයෙන් තරග කරන්නේ ඕස්ට්‍රේලියාව, ජෝජියාව, උරුගුවේ, වේල්සය, සහ ෆිජී යන කණ්ඩායම් 5 යි. ඒ අතුරින් ප්‍රබලම කණ්ඩායම් දෙක වන්නේ ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල 5 සහ 6 ස්ථානයන්හි රැඳී සිටින වේල්සය සහ ඕස්ට්‍රේලියාව යි. එසේම මෙම කාණ්ඩය යටතේ තරග කරන  ෆිජී කණ්ඩායමත් ප්‍රබල කණ්ඩායම්වලට හොඳ සටනක් එල්ල කරනු ඇති. මෙම කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම් අතුරින් රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාව පමණ යි. ඔවුන් 1991 සහ 1999 වසරවල දී එම දස්කම් දක්වනු ලැබුවා.

 ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම (gettyimages)

මෙවර රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් පෙරමුණේ සිටිනවා. නමුත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පිට පිටම තෙවැනි වරටත් මෙවර රග්බි ලෝක කුසලාන දිනාගනු ඇතැයි විචාරකයන් අනාවැනි පල කරනවා. විචාරකයන්ගේ එම අනාවැකි සත්‍ය කරමින් නවසීලන්තයට මෙවර රග්බි ලෝක කුසලානය දිනාගැනීමට හැකිවුණොත් ඔවුන්ගේ නම රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇති.

කවරයේ ඡායාරූපය - රග්බි ලෝක කුසලානය (gettyimages)

Related Articles