Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වේගවත්ම ක්‍රීඩාව – අයිස් හොකී

ලෝකයේ විවිධ ක්‍රීඩාවන් රාශියක් පවතී. එම ක්‍රීඩා සියල්ලක්ම පාහේ එකිනෙකින් වෙනස් ක්‍රීඩා ලෙස දැක්විය හැක. ඇතැම්විට එම ක්‍රීඩා පවත්වන ස්ථානවල පවා වෙනසක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ක්‍රිකට්, පාපන්දු, දැල් පන්දු වැනි ක්‍රීඩා භුමිය මත පවත්වන අතර පිහිනීම, බෝට්ටු පැදීම වැනි ක්‍රීඩා පවත්වන්නේ ජලය ආශ්‍රිතවයි. අයිස් හොකී යනු හිම ආශ්‍රිතව පවත්නා ක්‍රීඩාවකි. උෂ්ණ කාලගුණයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටවලට අයිස් හොකී යනු නුපුරුදු ක්‍රීඩාවක් වුවත් නිරන්තර හිම පතනයක් ඇති රටවල් වල මෙම ක්‍රීඩාවට ඉහළ පිළිගැනීමක් පවතී. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ අයිස් හොකී ක්‍රීඩාව පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

ආරම්භය

wikimedia.org

අයිස් හොකී නමැති ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ වර්ෂ 1800 යේ මැද භාගයේදී පමණය. එය ආරම්භ වී ඇති රට ලෙස සැලකෙන්නේ කැනඩාවයි. ආරම්භක කාලයේ සංවිධානාත්මක හොකී තරඟ සංවිධානය කිරීමේ ගෞරවය හිමි වන්නේ Creighton නැමැත්තෙකුටයි. 1875 මාර්තු මස 03 වන දින පුහුණුකාර Creightonගේ කණ්ඩායම පුහුණුකාර Fred ගේ කණ්ඩායම පරාජයට පත් කරන ලදී. මෙය ඉතිහාසයේ පුර්ව  දැනුම්දීමක් කර, නම් කරන ලද කණ්ඩායම දෙකක් විසින්, සිමා කරන ලද අයිස් සහිත ප්‍රදේශයක පැවැත් වූ ප්‍රථම තරඟය බවට පත් විය. මෙහිදී තරඟයට සහභාගී වූ සියලුම ක්‍රීඩකයන්ගේ නම් වාර්තාගත කරන ලදී.

පසුව 1877 ජනවාරි 31 වන දින මොන්ට්‍රියල් වල ඇති McGill විශ්වවිද්‍යාලය මඟින් ප්‍රථම සංවිධානාත්මක හොකී කණ්ඩායම පිහිටුවන ලදී. එම වසරේම පෙබරවාරි මස 27 වන දින මොන්ට්‍රියල් ගැසට්පත්‍රය මඟින් ප්‍රථම හොකී නීති මාලාව පළ කරන ලදී. යුරෝපයේ පළමු අයිස් හොකී තරඟය පවත්වන ලද්දේ 1902 වසරේදීය. ඒ එංගලන්තයේ prince’s staking නමැති සමාජ ශාලාවෙහිය. පසුව 1905 වසරේදී ප්‍රංශය හා බෙල්ජියම විසින් ජාත්‍යන්තර තරඟ දෙකක් පවත්වන ලදී.

තරඟයේ නීති රීතී

theaihl.com

අයිස් හොකී තරංගය පවත්වන්නේ සෘජුකෝණාශ්‍ර අයිස් පිට්ටනියක් තුළයි. මෙහි දිග අඩි 184 සිට 200 දක්වා වෙනස් විය හැකි අතර පළල 85 සිට 98 දක්වා වෙනස් වේ. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6ක් සිටී. මේ ක්‍රීඩකයින් 6 දෙනා ගෝල් රකින්නෙක්, පිටියේ මැද සිටින්නෙක්, පන්දු රකින්නන් දෙදෙනෙක්, ඉදිරි පෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් ලෙස බෙදී යයි. ඔවුන් සෑම දෙනා අතේම ක්‍රීඩා පිත්තක් පවතී. බෝලය යැවිය යුතු ඉල්ලකය පිහිටුවා ඇත්තේ පිටියට අඩි 10ක් දුරිනි. මෙය උස අඩි 4ක් වන අතර පළල අඩි 6ක් වේ. මෙහි පහර දෙන පන්දුව මුලින් සකසා ඇත්තේ රබර් වලින් වූ අතර වර්තමානයේ සකසන්නේ වෙනත් අමුද්‍රව්‍ය වලිනි. පන්දුවට පහර දීමට යොදා ගන්නා පිත්තේ බර, ප්‍රමාණය හා හැඩය සඳහා සම්මත ප්‍රමාණයන් පවතී. තරඟය විනාඩි 20 කොටස් තුනකට බෙදා දක්වයි.

මෙම තරඟයෙදී ක්‍රීඩකයින් තමාගේ ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක උපකරණ භාවිත කරයි. තරඟය පැවැත්වීමට ක්‍රීඩකයින්ට අමතරව, විනුසුරුවරයෙක්, පන්දුව පිටියෙන් ඉවතට යන්නේදැයි බලන්නෙක් (සහය විනිසුරුවරයෙක්) හා වෙලා සටහන් තබන්නෙක් සිටි.

අයිස් හොකී උපකරණ

uncrate.com

රෝලර් සපත්තු – මෙම සපත්තු වලට අයිස් මත වේගයෙන් චලනය වීමේ හැකියාව ඇත.

දණ්ඩ – මෙය සාමාන්‍යයෙන් ලී වලින් සදා ඇත. නමුත් මෙය ප්ලාස්ටික් හෝ වෙනත් ද්‍රව්‍ය වලින්ද සැකසිය හැක.

ෂින් ගාඩ්ස්, දණහිස හා ඇලට් පෑඩ් – වැටීම් වලදී දණහිස හා සංවේදී කොටස් ආරක්ෂා කිරීමට මේවා පවතී.

අත් හා හිස් වැසුම් – පන්දු අසාමාන්‍ය ලෙස පන්දු රකින්නා වෙත පැමිණීමට ඉඩ ඇති නිසා ඉන් වන හානිය වැලක්වීමට මේවා යොදා ගනී.

ජාතික හොකී සංවිධානය

thefluidathlete.com

හොකී සඳහා දැනට ලොව ඇති වැදගත්ම සංවිධානය වන්නේ ජාතික හොකී සංවිධානයයි(National Hockey League).  මෙය කෙටියෙන් NHL ලෙස හඳුන්වයි. මෙම සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ හොකී කණ්ඩායම් වලින් සමන්විත වේ. නමුත් බොහෝ කාලයක් යනතුරු මෙහි සියලු ක්‍රීඩකයින් කැනේඩියානුවන් විය.  මෙමගින් පවත්වන අයිස් හොකී තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට Stanley කුසලානය පිරිනමනු ලැබේ.

මුල් කාලයේ පිරිනැමූ  Stanley කුසලානයේ උස සෙන්ටි මීටර් 22කි. දිනුම ලබන කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම් මෙහි සඳහන්ව ඇති නිසා මෙහි උස වැඩි කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. වර්තමානයේ පිරිනමන Stanley කුසලානයේ උස සෙන්ටි මීටර් 80ක් පමණ වේ. මේ වන විට Stanley කුසලාන වැඩිම ප්‍රමාණයක් දිනාගෙන ඇත්තේ Montreal කැනේඩියානු කණ්ඩායමයි. මෙය දිනා ඇති Stanley කුසලාන ප්‍රමාණය 23කි. දෙවනුවට මෙම සම්මාන වැඩිම ප්‍රමාණයක් දිනාගෙන ඇත්තේ Toronto Maple Leafs කණ්ඩායමයි. එම සම්මාන ගණන 13කි.  මේ තුළින් Montreal කැනේඩියානු කණ්ඩායමේ හැකියාව හොඳින් නිරූපණය වේ.

අන්තර්ජාතික අයිස් හොකී

pittsburghmagazine.com

වර්තමානය වන විට අයිස් හොකී ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත්වී ඇත. මෙය මුල් වරට ඔලිම්පික් තරඟයක් බවට පත්වුයේ 1920 වසරේදීය. මෙයට අමතරව අයිස් හොකී ශිත ඔලිම්පික් තරඟාවලියට නැතුවම බැරි ක්‍රීඩාවකි.

පළමු ලෝක යුද්ධයෙන් පසු

පළමු ලෝක යුද්ධය නිසා ජීවිත මිලියන ගණනින් විනාශ විය. මේ අතර හොකී ක්‍රීඩකයන්ද විය. කැනඩාව යුද්ධයට අවතීර්ණ වීම සමඟ හොකී කණ්ඩායම් බොහොමයක් සම්පුර්ණයෙන් විනාශ විය. නමුත් ක්‍රීඩාව විනාශ නොවුණි. පසුව නව ක්‍රිඩා කණ්ඩායම් රාශියක් නැගී ආ අතර ඒ සියල්ලම හමුදා හොකී කණ්ඩායම් විය. මෙය ඔවුන්ට අමතර අදායම් උපයා ගැනීමට කදිම අවස්ථාවක් උදාකර දෙන ලදී. මිට අමතරව දෙවන ලෝක යුද්ධ සමයේදී ද හමුදා හොකී කණ්ඩායම් රාශියක් බිහිවිය.

කවරයේ පින්තූරය – olympicchannel.com

Related Articles