Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 පාපන්දු ලෝක කුසලානය – G කාණ්ඩය​

පාපන්දු ලෝක කුසලානයේ පළමු වටයේ G කාණ්ඩය යටතේ බෙල්ජියම​, එංගලන්තය, පැනමාව, සහ ටියුනීසියාව තරග වැදුණා. මෙවර බෙල්ජියම් කණ්ඩායම තරගාවලියේ හොඳම කණ්ඩායමක් වන අතර එංගලන්තය ද සැලකිය යුතු බලාපොරොත්තු දැල්වූ කණ්ඩායමක් වුණා. පැනමාව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වතාවට යි.

මෙම කාණ්ඩය යටතේ පළමුවෙන් ම තරග වැදුණේ බෙල්ජියම සහ පැනමාව යි. ජූනි 18 වනදා සෝචි නගරයේ පැවැත්වුණු මෙම තරගයේ දී බෙල්ජියම ලකුණු 3-0ක් ලෙස ජය ගත්තා. රොමේලු ලුකාකු ගෝල දෙකක් ද ඩ්‍රීස් මාර්ටෙන්ස් එක් ගෝලයක් ද වාර්තා කළා.

බෙල්ජියමේ යනික් කරස්කෝ (Reuters)

මේ අතර ජූනි 18 වනදාම ටියුනීසියාව සහ එංගලන්තය තරග වැදුණේ වොල්ග්‍රොගාද් නගරයේ දී යි. ප්‍රබල බෙල්ජියම සමග තරගය ජය ගැනීම ප්‍රබල අභියෝගයක් විය හැකිව තිබුණ හෙයින්, මෙය දෙපිළටම වැදගත් තරගයක් වුණා. තරගයේ 11 වන මිනිත්තුවේ දී එංගලන්ත නායක හැරී කේන් ගෝලයක් වාර්තා කරමින් එංගලන්ත පිලේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් වුණා. නමුත් තරගයේ 35 වන මිනිත්තුවේ දී ෆර්ජාන් සැස්සි ලබාගත් දඬුවම් පහරක් මගින් ලකුණු සංඛ්‍යාව සම වුණා.

මේ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු පහළ වූ නමුත් තරගයේ 90+1 වන විනාඩියේ දී හෙඩර් පහරක් එල්ල කරමින් කේන් සිය පිලට ජයග්‍රහණය ගෙන ආවා.

ගෝල හතේ තරග​

මොස්කව් හි ඔක්ට්‍රිකියේ (ස්පාර්ටක් මොස්කව්) ක්‍රීඩාංගණයේ දී බෙල්ජියම සහ ටියුනීසියාව තරග වැදුණේ ජූනි 23 වන දා යි. මෙම තරගය ජය ගැනීම ටියුනීසියාවට ඉතාම වැදගත් වුණා. නමුත් තරගයේ 6 වන මිනිත්තුවේම දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත්තේ බෙල්ජියමේ ඊඩන් හැසාර්ඩ් විසින්.

බෙල්ජියමේ රොමුලෝ ලුකාකු 16 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු සංඛ්‍යාව 2-0ක් බවට පත් කළා.

කහ ජර්සියෙන් සැරසුණ බෙල්ජියමේ ඇක්සල් විට්සල් ටියුනීසියාවට එරෙහිව (AP)

කෙසේ වෙතත් 18 වන මිනිත්තුවේ දී ඩිලන් බ්‍රොන් සිය පළමු ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් ටියුනීසියාවට තරගයේ පළමු ගෝලය සමග යම් බලාපොරොත්තුවක් ද ලබා දුන්නා.

තරගයේ 45+3 වන මිනිත්තුවේ දී ලුකාකු තවත් මනරම් ගෝලයක් වාර්තා කළේ ලකුණු සංඛ්‍යාව 3-1 ක් ලෙස බෙල්ජියම ඉදිරියට ගෙන යමින්.

දෙවන අර්ධයේ දී 51 වන මිනිත්තුවේ දී හැසාර්ඩ් තවත් ගෝලයක් ලබා ගනිමින් ටියුනීසියාවට තරගය ජය ගැනීම දැවැන්ත අභියෝගයක් බවට පත් කළා. දිගටම බෙල්ජියමෙන් අභියෝගයක් එල්ල වූ අතර 90 වන විනාඩියේදී මිචී බට්‍ෂුවායි පස්වන ගෝලය ද බෙල්ජියම වෙනුවෙන් ලබා ගත්තා. ඊට විනාඩි තුනකට පසු වහබි කස්රි ටියුනීසියාව වෙනුවෙන් ගෝලයක් ලබාගත්ත ද එයින් තරගයේ ප්‍රතිඵලය වෙනසක් වූයේ නැහැ. මේ අනුව ටියුනීසියාව පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වුණා.

පැනමාවට එරෙහිව හැරී කේන් (Goal.com)

ජූනි 24 වනදා පැනමාව සහ එංගලන්තය තරග වැදුණේ නිෂ්නි නොව්ගොරොද් නගරයේ දී යි. මෙම තරගයේ 8 වන විනාඩියේ ජෝන් ස්ටෝන්ස් ගෝලයක් වාර්තා කළ අතර 22 වන විනාඩියේ දී දඬුවම් පහරකින් හැරී කේන් ද ගෝලයක් ලබා ගත්තා. ජෙසී ලිඞාර්ඩ් සහ ජෝන් ස්ටෝන්ස් තවත් ගෝල දෙකක් ද කේන් නැවතත් දඬුවම් පහරකින් ගෝලයක් ද ලබා ගත්තෙන් පළමු අර්ධය නිම වනවිට එංගලන්තය 5-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වුණා.

දෙවන අර්ධයේදී හැරී කේන් සිය ගෝල ත්‍රිත්වය වාර්තා කළේ 62 වන මිනිත්තුවේ දී ලබාගත් ගෝලයක් සමගින්. ඉන් අනතුරුව එංගලන්තයට ගෝල වාර්තා කළ නොහැකි වූ අතර 78 වන විනාඩියේ දී ෆෙලීපේ බැලෝයි පැනමාව වෙනුවෙන් පළමු ලෝක කුසලාන ගෝලය වාර්තා කළා. තරගයේ ලකුණු සංඛ්‍යාව වූයේ 6-1ක්.

වෙනස්කම් 17ක්

බෙල්ජියම සහ එංගලන්තය සිය තරගය සඳහා කලිනින්ග්‍රාද් නගරයෙදී මුණගැසෙන විට දෙපිලම ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබා තිබුණා. මේ අතර කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගැනීම වාසිදායක වේය යන අදහසක් ද මතුව තිබුණා. දෙපිලම කලින් තරගවලට සහභාගී වූ කණ්ඩායම්වල විශාල වෙනස්කම් සිදු කළ අතර සම්පූර්ණ වෙනස්කම් සංඛ්‍යාව 17ක් වුණා. මේ අතර බෙල්ජියමේ නායකත්වයට ගෝල රකින තිබෝ කෝටුවා ද එංගලන්තයේ නායකත්වයට එරික් ඩයර් ද නම් කෙරුණා.

බෙල්ජියම සහ එංගලන්තය අතර තරගය අවසානයේදී (AP)

මෙම තරගය අවසන් වූයේ 1-0ක් ලෙස බෙල්ජියම ජය ගැනීමෙන්. බෙල්ජියම වෙනුවෙන් අඩ්නාන් ජනසායි 51 වන මිතිත්තුවේ දී ගෝලයක් වාර්තා කළා.

මේ අතර ටියුනීසියාව සහ පැනමාව අතර තරගය අවසන් වූයේ 2-1ක් ලෙස ටියුනීසියාවට ජයග්‍රහණයක් ගෙන දෙමින්.

G කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා.

Cover Image: එංගලන්ත – ටියුනීසියා තරගය (Goal.com)

Related Articles