Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේ “ශූරයන්ගේ ශාපය”

දකුණු කොරියාවත් සමඟ පැවති තරගයෙන් 2-0 ක් ලෙසින් පරාජය වීම නිසා පසුගියවර ලෝක ශූරයන් වූ ජර්මනියට මෙවර ලෝක කුසලානයේ පළමුවැනි වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. රුසියාවේ කසාන් නුවර කසාන් අංගනයේ දී පැවැත්වූ මෙම තරඟයේ දී බොහෝ දෑ ජර්මනියේ අවාසියටම සිදුවිය. ඒ අවසරයෙන් දකුණු කොරියානුවන් අවසාන මොහොතේදී ගෝල දෙකක් වාර්තා කල අතර ඒ අනුව ජර්මනිය E කාණ්ඩයේ අවසාන ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවත්විය.

පෙර පැවති ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්, ඉන්පසු පැවති ලෝක කුසලානයේ දී පළමු වටයෙන්ම ඉවත් වූ පළමු අවස්ථාව​ මෙය නොවන අතර විශේෂයෙන්ම පසුගිය ලෝක කුසලාන කිහිපයේදී ම එලෙස සිදුවිය. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද ගෙන එන්නේ අවසන් වරට පැවති ලෝක කුසලාන 5 දී ශාපයට ලක්වූ ශූරයන් පිළිබඳවයි.

2002 – ප්‍රංශය

“2002 ලෝක කුසලානයේ දී මූලික වටයෙන්ම ප්‍රංශය ඉවත්වූ අවස්ථාවේ සිනෙඩින් සිඩාන්. නමුත් ආබාධයක් නිසා මුල් තරග දෙක සිඩාන්හට අහිමිවිය”  (thesefootballtimes.co)

සිය මව් රටේ පැවති 1998 ලෝක ශූරයන් වූයේ සිනෙඩින් සිඩාන් ප්‍රමුඛ ප්‍රංශයයි. අවසාන මහා තරඟයේ දී 3-0 ක් ලෙසින් ප්‍රංශය හමුවේ පරාජය වූයේ බ්‍රසීලයයි. ඉන්පසු 2000 වසරේ දී පැවති යුරෝ ශූරතාවයද හිමිකරගැනීමට ප්‍රබල ප්‍රංශයට හැකිවිය. ඒ අනුව 2002 ලෝක කුසලානයේදී ද ප්‍රංශ කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි බොහෝ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු විය. නමුත් සිදුවූයේ අනෙකකි. 2002 ලෝක කුසලානයේ මූලික වටයේ A කාණ්ඩයෙන් තරග​ වැදී ප්‍රංශය මූලික වටයේ අවසාන ස්ථානයට පත්වූයේ ප්‍රසාද ලකුණු 1 ක් පමණක් හිමිකරගනිමිනි. ඩෙන්මාර්කය, සෙනගාලය සහ උරුගුවේ දේශය A කාණ්ඩයෙන් තරග​ වැදුන අනෙකුත් රටවල් වූ අතර මූලික වටයේ ප්‍රංශය සහභාගී වූ තරග 3 දී එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ප්‍රංශයට නොහැකි වීමද විශේෂයකි.

2006 – බ්‍රසීලය

“බ්‍රසීලය සහ ප්‍රංශය අතර තරඟයෙන් අනතුරුව. සිනෙඩින් සිඩාන් සහ බ්‍රසීලයේ සී රොබර්ටෝ” (Getty Images)

2006 බ්‍රසීලයේ තත්ත්වය මදක් වෙනස් වූවත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක​ තරගාවලියෙන් ඉවත්වීමට බ්‍රසීලයට ද සිදුවිය. ජපානයේ සහ දකුණු කොරියාවේ සම සත්කාරකත්වයෙන් පැවති 2002 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ දී 2-0 ක් ලෙසින් ජර්මනිය පරාජය කරමින් ලෝක ශූරයින් බවට පත්වූ බ්‍රසීලය 2005 වසරේ පැවති කන්ෆෙඩරේෂන්ස් ශූරතාවයද ජයග්‍රහණය කරමින් 2006 ලෝක කුසලානයට සහභාගී වූයේ ශූරතාවය දිනාගැනීමට ඉදිරියෙන්ම සිටි කණ්ඩායම ලෙසින්ය. ඔවුන් පළමු වටයෙන් ඉදිරියට ගිය නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී නැවතත් සිනෙඩින් සිඩාන් ප්‍රමුඛ ප්‍රංශය හමුවේ පරාජය වී තරගාවලියෙන් ඉවත්වීමට බ්‍රසීලයට සිදුවිය. තරගයේ ප්‍රතිඵලය​​ වූයේ 1-0 ක් ලෙසිනි. රොනාල්ඩෝ, රොනාල්ඩීනියෝ, අද්‍රියානෝ, කකා ඇතුළු බොහෝ විශිෂ්ට ක්‍රීඩකයින් සිටියද එම සමස්ථ​ තරගයේදී ම බ්‍රසීලය විසින් ගෝල සීමාව දෙසට එල්ල කර තිබුනේ (Shots on target) එකම එක පහරකි.

2010 – ඉතාලිය

“ස්ලෝවැකියාව හමුවේ පරාජය වීමෙන් පසු ඉතාලියට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අවස්තාවේ ඉතාලිය නායක ෆැබියෝ කැන්නවාරෝ” (Gallo/Getty Images)

ජර්මනියේ පැවති 2006 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී දඬුවම් පහර මඟින් ප්‍රංශය පරාජය කරමින් 2006 ලෝක ශූරයින් ලෙසින් අභිෂේක ලැබුවේ ඉතාලියයි. නමුත් 2010 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ඉතාලියට සිදුවිය. මූලික වටයේ F කාණ්ඩයෙන් තරග වැදී ඉතාලිය එහිදී හිමිකරගත්තේ අවසාන ස්ථානයයි. පැරගුවේ රාජ්‍යයට සහ නවසීලන්තයට එරෙහිව පැවති තරග ජයපරාජයෙන් තොරවීම සහ ස්ලෝවැකියාවට එරෙහිව පැවති තරගයෙන් 2-3 ක් ලෙසින් පරාජය වීම නිසා ඉතාලියට 2010 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. 2006 ලෝක කුසලානයේ අනුශූරයින් බවට පත්වූ ප්‍රංශය ද 2010 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්විය.

2014 – ස්පාඤ්ඤය

“ස්පාඤ්ඤය සහ චිලී දේශය අතර පැවති තරගයේදී ස්පාඤ්ඤයේ සර්ජියෝ බුස්කෙට්ස් හට ගෝලයක් ලබාගැනීමට තිබූ අවස්තාවක් මඟහැරුණ විට” (Sportskeeda)

2008 යුරෝ ශූරතාවය දිනූ ස්පාඤ්ඤය දකුණු අප්‍රිකාවේ පැවති 2010 ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත්විය. අවසාන මහා තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය අතරය. එහිදී 1-0 ක් ලෙසින් අවසාන මහා තරගය ජයග්‍රහණය කල ප්‍රබල ස්පාඤ්ඤය ලෝක ශූරයින් බවට පත්විය. එතැනින්ද නොනැවතුන ස්පාඤ්ඤය 2012 වසරේ පැවති යුරෝ ශූරතාවයද ජයගැනීමට සමත්විය. ඒ අනුව 2014 ලෝක කුසලාන තරගාවලියේ දී ස්පාඤ්ඤය පිළිබඳ බොහෝ ක්‍රීඩාලෝලීන් විසින් බලාපොරොත්තු තැබීය. නමුත් එම බලාපොරොත්තු ඉටුවූයේ නැත. B කාණ්ඩය යටතේ ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, චිලී දේශය සහ ඕස්ට්‍රේලියාව තරග වැදුණි. එහිදී නෙදර්ලන්තයට සහ චිලී දේශයට එරෙහිව පැවති තරගවලින් පරාජය වූ ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයෙන් පමණක් ජයගැනීමට සමත්විය. ඒ අනුව 2014 පාපන්දු ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම ඉවත්වීමට ස්පාඤ්ඤයට සිදුවිය.

2018 – ජර්මනිය

“දකුණු කොරියාවට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව ජර්මනියේ තෝමස් මුලර්” (Getty Images)

බ්‍රසීලයේ පැවති පසුගිය ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී 1-0 ක් ලෙසින් ලියනල් මෙස්සි ඇතුළු ආර්ජෙන්ටිනාව පරාජය කල ජර්මනිය 2014 ලෝක ශූරයින් අභිෂේක ලැබීය. පසුගිය වසරේ පැවති කන්ෆෙඩරේෂන්ස් ශූරතාවය ද ජයග්‍රහණය කරමින් ඉතා හොඳ මානසිකත්වයකින් මෙවර ලෝක කුසලානයට සහභාගීවීමට ජර්මනියට හැකිවිය. මෙවර ලෝක කුසලානයේ මෙක්සිකෝවට එරෙහිව පැවති පළමු තරගයෙන් 1-0 ක් ලෙසින් පරාජය වූ ජර්මනිය ස්වීඩනයට එරෙහිව පැවති තරගයෙන් 2-1 ක් ලෙසින් ජයගත්තද කිසිවෙකු නොසිතූ ආකාරයට දකුණු කොරියාවට එරෙහිව 2-0 ක් ලෙසින් පරාජය වීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට ජර්මනියට සිදුවිය. 1938 වසරෙන් පසුව පළමුවරට ජර්මනිය මූලික වටයෙන් ඉවත්වූ පළමු අවස්ථාව​ මෙය වන අතර ජර්මනිය මූලික වටයක දී කාණ්ඩයේ අවසාන ස්ථානයට පත්වූ පළමු අවස්ථාවද මෙය විය. ඒ අනුව “ශූරයන්ගේ ශාපය” නැවත වරක් ක්‍රියාත්මක විය.

Cover – Kevin C. Cox

Related Articles