
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ වනවිට කටාරයේ ආරම්භ ව තිබේ. ලොව පුරා සිටින ක්‍රීඩාලෝලීන් ගේ දෑස් දල්වා එ වෙත යොමු ව තිබෙයි. මේ සඳහා තරග වදින පාපන්දු කණ්ඩායම් හා ඒවා නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගේ වෙවර්ණ ක්‍රීඩා නිල ඇඳුම් ද දැන් එළි දැක තිබෙයි. ඉන් කිහිපයක් පහතින් දැක්වේ.
ආර්ජන්ටිනාව
ඇඩීඩාස් සමාගම මේ වසරේ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම් නිල ඇඳුම් සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් ව සිටියි. ආර්ජන්ටිනාව ඔවුන්ගේ සුදු නිල ඇඳුමට, සාම්ප්‍රදායික නිල් සහ වර්ණවලට ගැළපෙන පරිසර හිතකාමී සාගර තේමාවක් යොදාගෙන ඇත. මෙම නිල ඇඳුමින් සාගර ජලයේ 50% ක් ප්ලාස්ටික් අඩංගු වන බව ද නිරූපණය වෙයි.
බ්‍රසීලය
නයික් සමාගම නිර්මාණය කළ බ්‍රසීල පාපන්දු කණ්ඩායම් නිල ඇඳුම මෙවර ද සංකේතාත්මක කහ වර්ණයෙන් සමන්විත වෙයි. ජාතික අභිමානය සහ තරුණ සංස්කෘතියේ සමතුලිතතාව එමඟින් නිරූපණය වෙයි. ගෙතුම් රටා මඟින් එම ජර්සියේ ජගුවාර් සත්ත්වයා ඉස්මතු කර ඇත.
ජර්සිය ඉදිරිපස බ්‍රසීලියානු ධජයේ සැඟවුණු සංකේතයක් ද ඇඳුමේ පිටුපස නිර්මාණයෙන් ජාතියේ දැඩි බව සහ ඔරොත්තු දීමේ හැකියාව සංකේතවත් වෙයි.
එංගලන්තය
එංගලන්ත පාපන්දු කණ්ඩායම් ජර්සිය සාම්ප්‍රදායික සුදු සහ නිල් වර්ණ සමඟ සම්බන්ධ කර ඇත. නයික් සමාඟම එය නිර්මාණය කර ඇති අතර, විවිධ රටා සමඟ මූලිකව ම නිල් වර්ණය එහි ඉස්මතු කර ඇත.
ප්‍රංශය
පසුගිය ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රංශ කණ්ඩායම සඳහා ද නයික් සමාගම ජර්සිය නිර්මාණය කර ඇත. ”නව ප්‍රංශය” ලෙස මෙම ජර්සිය අර්ථ දක්වා ඇති අතර එමඟින් එරටේ අතීත සහ අනාගත මිශ්‍රණයක් පෙන්නුම් කෙරේ.
ජර්මනිය
මෙම ජර්සිය ඇඩීඩාස් සමාගම නිෂ්පාදනය කර ඇත. එය එරටේ පළමු ජාතික පාපන්දු නිල ඇඳුමේ ආභාසය ලබා ගෙන තිබෙනවා. ඇඩිඩාස් පවසන පරිදි, “ජර්සිය, ජර්මානු ජාතික ධජයේ වර්ණ භාවිත කරමින් ජර්මන් සංචිතය පාපන්දු ක්‍රීඩා කරන ගතික ස්වභාවය ද පිළිබිඹු කරයි.
මෙක්සිකෝව
ඇඩිඩාස් නිර්මාණය කළ මෙක්සිකෝ පාපන්දු කණ්ඩායම් ජර්සිය, ස්පාඤ්ඤ යටත් විජිතය යටතේ එරට පාලනය කළ ඇස්ටෙක් ජනයාගේ දේවතාවිය වන Quetzalcoatl ගේ හිස නිරූපණය කරයි. මෙමඟින් ආත්මික ශක්තිය කැඳවන බව පැවසෙයි. ජර්සිය සියයට සියයක් ම ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍යවලින් සාදා ඇත.
ස්පාඤ්ඤය
ඇඩිඩාස් නිර්මාණය කළ ස්පාඤ්ඤ පාපන්දු ජර්සිය, කණ්ඩායමේ සුප්‍රසිද්ධ තද රතු පැහැය සමඟ ගමන් කරන අතර කරපටි සහ එහි බැඳීම් එරට ජාතික ධජය සංකේතවත් කරයි.
වේල්සය
වේල්සය, 1958 න් පසු ඔවුන්ගේ පළමු ලෝක කුසලානයට සහභාගී වේ. ඇඩිඩාස් නිර්මාණය කළ 2022 ලෝක කුසලාන වේල්ස ජර්සිය රතු වර්ණ මෝස්තරයකින් සහ උරහිස මත සුදු ඉරිවලින් සමන්විත වෙයි. දැනටමත් එය පාපන්දු ලෝලීන් අතර ජනප්‍රිය වී ඇත.
පෘතුගාලය
පෘතුගාල පාපන්දු ජර්සිය ද නයික් සමාගම නිර්මාණය කර ඇති අතර, ශරීරය වටා කොඩියක් ඔතා ඇති ආකාරය පෙන්නුම් කිරීමට විකර්ණ රේඛාවක් ද එයට භාවිත කර ඇත.
දකුණු කොරියාව
නයික් සමාගම පැවසුවේ දකුණු කොරියා ජර්සිය නිර්මාණය සඳහා, රටේ සංස්කෘතියෙන් ආභාසය ලැබූ බවත්, රතු පැහැයෙන් “ආඩම්බර ජාතියක ක්‍රීඩාශීලී මානසිකත්වය” නියෝජනය කරන බවත් ය.
බෙල්ජියම
රතු සහ රන් ගිනිදැල් ආකාරයට ඇඩිඩාස් සමාගම නිර්මාණය කළ බෙල්ජියම් ජර්සිය, කණ්ඩායමේ සුපුරුදු කළු – කහ මෝස්තරයට වඩා වෙනස් වේ. ‘රතු යක්ෂයන්’ බෙල්ජියම කණ්ඩායමේ අන්වර්ථ නාමය යි.
නෙදර්ලන්තය
නයික් සමාගම නිර්මාණය කළ නෙදර්ලන්ත ජර්සියේ තද වර්ණ, ලන්දේසි සම්ප්‍රදාය නියෝජනය කරන අතර, ක්‍රීඩාව හා බැඳුණු ලන්දේසි සංස්කෘතිය ද ඉන් විදහා දක්වයි.
උරුගුවේ
උරුගුවේ ජර්සිය සුදු කොලරයක් සහ නිල් වර්ණය ද ඇතුළත් සරල මෝස්තරයකි. පූමා සමාගම එය නිර්මාණය කර ඇත.
කැනඩාව
කැනඩාව පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා නව ජර්සි කට්ටලයක් වෙත නොයෑමට තීරණය කර ඇත. කැනඩාවේ වර්තමාන ජර්සි මෝස්තරය සම්ප්‍රදායික රතු සහ සුදු වර්ණයන්ගෙන් සමන්විත වන අතර, ජර්සියේ නැම්ම මේපල් පත්‍රයකින් සමන්විත වේ.
ඕස්ට්‍රේලියාව
නයික් සමාගම ඕස්ට්‍රේලියා ජර්සිය නිර්මාණය කර ඇති අතර,තිරසාරත්වය එහි හරය වෙයි. ජර්සිය 100%ක් ප්‍රතිචක්‍රීකරණය කළ පොලියෙස්ටර්වලින් නිමවා ඇත.













