Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලක් 20/20 පිටිය වර්ණවත් කළ මායාකාරී පන්දු යවන්නා – අජන්ත මෙන්ඩිස්

20/20 ක්‍රිකට් තරග රටාව වර්තමානය වන විට බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ඒ එහි ඇති ප්‍රවේගකාරී ක්‍රීඩා රටාව නිසා යි. එම නිසා ම 20/20 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවන් වන ක්‍රිස් ගේල්, බෙන්ජමින් ද විලියර්ස්, හා බ්‍රෙන්ඩන් මැකලම් වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය යි. පිතිකරුවන් එලෙස 20/20 පිටිය තුළ ජනප්‍රිය වෙද්දී ඔවුන් ව මෙල්ල කරන පන්දු යවන්නන් කෙරෙහි ද ප්‍රේක්ෂක අවධානය යොමු වන්නට වුණා. එසේ අවධානය යොමු වූ පන්දු යවන්නන් අතුරින් එක් යුගයක 20/20 පිටිය තුළ සිටි මායාකාරීම පන්දු යවන්නා පමණක් නොව, ජාත්‍යන්තර 20/20 තරගයක හොඳම පන්දු යැවීමට හිමිකම් කියන අජන්ත මෙන්ඩිස්ට සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. එසේ නම් අපි, අජන්ත 20/20 පිටියේ දී දැක්වූ සුපිරි දස්කම් ගැන නැවත ආවර්ජනයක යෙදෙමු.

මංගල 20/20 තරගාවලියේ දී ම සුපිරි දස්කම් අතරට

2008 වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකාව, පාකිස්තානය, සිම්බාබ්වේ, හා කැනඩාව යන රටවල සහභාගීත්වය ඇති ව සිව්කොන් 20/20 තරගාවලියක් කැනඩාවේ දී පැවැත්වුණා. මෙම තරගාවලියේ අවසන් තරගයේ දී පාකිස්තානය කඩුලු 5කින් පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ, තරගාවලිය පුරා ම අජන්ත මෙන්ඩිස් දැක්වූ සුපිරිම දස්කම් නිසා යි. මෙම තරගාවලිය තුළ අජන්ත සිම්බාබ්වේ, කැනඩාව, හා පාකිස්තානය සමග තරගය බැගින් ක්‍රීඩා කළ අජන්ත, එම තරග ත්‍රිත්වයේ දී ම තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ පහත ආකාරයට දස්කම් දක්වමිනුයි.

සිම්බාබ්වේට එරෙහිව  -15/4( 4 )

කැනඩාවට එරෙහිව- 17/4 ( 4 )

අවසන් තරගයේ දී පාකිස්තානයට එරෙහිව- 23/3 ( 4 )

මෙම තරගාවලිය තුළ පන්දුවාර 12 යැවූ අජන්ත මෙන්ඩිස්, එහි දී ලකුණු 55ක් ලබා දී කඩුලු 11ක් ලබාගත්තේ පන්දු යැවීමේ සාමාන්‍ය 5.00ක රඳවාගනිමින්. එහි දී ඔහු, පන්දු වාරයකට ලබා දී තිබූ ලකුණු ප්‍රමාණය 4.58ක්. සිය මංගල තරගාවලියේ ම සුපිරි දස්කම් දැක්වූ අජන්ත, අවසානයේ දී තරගාවලියේ වීරයා සම්මානය ද ලබාගත්තේ සිය 20/20 තරග දිවියට අතිසාර්ථක ආරම්භයක් ලබා ගනිමින්.

2008 කැනඩා 20/20 කුසලානය දිනූ ශ්‍රී ලංකා පිල (ESPNcricinfo)

ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලාන අවසන් තරග 2කට රැගෙන යාමට අජන්තගෙන් ලැබුණු දායකත්වය

2007 සිට 2016 දක්වා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලි 6 තුළ දී තරගාවලි 3ක දී ම ශ්‍රී ලංකා පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, එහි දී 2009 හා 2012 ලෝක කුසලාන තරගාවලි හි දී අජන්ත මෙන්ඩිස් දැක්වූ දස්කම් අතිවිශිෂ්ට යි.

2009 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය

2007 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ දස්කම් මත මෙම තරගාවලියේ කාණ්ඩවලට කණ්ඩායම් බෙදූ අතර, එහි දී ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, හා බටහිර ඉන්දීය කොදෙව් යන ප්‍රබල ම කණ්ඩායම් 3ට C කාණ්ඩය යටතේ තරගවැදීමට සිදුවුණා. එය ශ්‍රී ලංකා පිලට ප්‍රබල අභියෝගයක් බවට පත්වුවත්, අවසානයේ දී ශ්‍රී ලංකා පිල එම කණ්ඩායම් 2 ම පරාජය කළ අතර, එහි දී අජන්ත පහත ආකාරයට දස්කම් දැක්වූවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව- 20/3 (4)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව-25/2 (4)

20/20 ලෝක කුසලාන දිවියේ මුල්ම කඩුල්ල ලෙසින් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං ව දවා ගත් අවස්ථාව (gettyimages)
කොදෙව්වන්ට එරෙහිව තරගයේ අජන්තගේ පන්දුවක් හමුවේ කොදෙව් පිතිකරු චන්ද්‍රපෝල් දැවී ගිය අවස්ථාව (gettyimages)

මූලික වටයේ සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනූ ශ්‍රී ලංකා පිලට සුපිරි 8 වටයේ දී පකිස්ථානය, නවසීලන්තය, හා අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, එහි දී අජන්ත පාකිස්තානයට එරෙහිව දස්කම් දැක්වීමට අපොහොසත් වුව ද, අයර්ලන්තය හා නවසීලන්තය සමග පැවති තරගවල දී විශිෂ්ට දස්කම් දැක්වූවා.

පාකිස්තානයට එරෙහිව- 24/0 (3)

අයර්ලන්තයට එරෙහිව- 22/2 (4)

නවසීලන්තයට එරෙහිව- 9/3 (3) තරගයේ වීරයා වුණා.

අජන්තගේ පන්දුවක් හමුවේ නවසීලන්ත පිතිකරු ස්කොට් ස්ටයිරිස් දැවී ගිය ආකාරය (gettyimages)
අජන්ත නවසීලන්තයට එරෙහිව තරගයේ වීරයා සම්මානය ලබා ගත් මොහොත (gettyimages)

සුපිරි 8 වටයේ තරග 3 ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පිල කොදෙව්වන් සමග අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කළ අතර, එහි දී අජන්ත පහත දැක්වෙන පරිදි සුපිරි පන්දු යැවීමක නිරත වුණා.

කොදෙව්වන්ට එරෙහිව- 9/2 (4)

එදා පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා පිල පරාජය වූ අතර, එදා අජන්තට පන්දුවෙන් සාර්ථක වීමට අවකාශයක් ලැබුණේ ද නැහැ.

පාකිස්තානයට එරෙහිව -34/0 ( 4)

තරගාවලිය තුළ අජන්තගේ සමස්ත පන්දුයැවීමේ වාර්තාව

යැවූ පන්දුවාර ප්‍රමාණය- 26

ලබා දුන් ලකුණු ප්‍රමාණය- 143

ලබා ගත් කඩුලු ප්‍රමාණය- 12

පන්දු යැවීමේ සාමාන්‍ය- 11.91

පන්දුවාරයකට ලබා දුන් ලකුණු ප්‍රමාණය- 5.50

හොඳම පන්දු යැවීම- 9/3 නවසීලන්තයට එරෙහිව

2012 වසරේ පැවති 20/20 තරගාවලිය

2012 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව තරගය පමණක් ක්‍රීඩා කළ අජන්ත එහි දී ඔහුගේ ම වාර්තාවක් බිඳ දමමින් 20/20 ජාත්‍යන්තර තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළා.

සිම්බාබ්වේට එරෙහිව- 8/6 (4)

අජන්ත සිම්බාබ්වේ තරගයේ දී තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින් (gettyimages)

ඉන් අනතුරුව පැවති සුපිරි 8 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, හා නවසීලන්තය යන කණ්ඩායම් සමග තරග කිරීමට සිදු වූ අතර, එහි දී අජන්ත කොදෙව් තරගයේ දී පමණක් දස්කම් දැක්වූවා.

නවසීලන්තයට එරෙහිව-48/1 ( 4)

කොදෙව්වන්ට එරෙහිව-12/2  (4)

එංගලන්තයට එරෙහිව- 40/0 (4)

කොදෙව් තරගයේ දී අජන්තගේ පන්දුවක් හමුවේ දැවී ගිය පොලාඩ් (gettyimages)

අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානයට එරෙහිව හොඳින් පන්දු යැවූ අජන්ත කොදෙව්වන් සමග අවසන් තරගයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුව ද, ශ්‍රී ලංකා පිලට අවසන් තරගයේ දී අනපේක්ෂිත පරාජයක් උරුම වුණා.

පකිස්ථානයට එරෙහිව- 27/2 (4)

කොදෙව්වන්ට එරෙහිව- 12/4 (4)

අවසන් තරගයේ දී ගේල් ව දවා ගැනීමේ ප්‍රීතිය සමරමින් (gettyimages)

තරගාවලිය තුළ අජන්තගේ සමස්ත පන්දු යැවීමේ වාර්තාව

යැවූ පන්දුවාර ප්‍රමාණය- 24

ලබා දුන් ලකුණු ප්‍රමාණය- 147

ලබා ගත් කඩුලු ප්‍රමාණය- 15

පන්දු යැවීමේ සාමාන්‍ය- 9.80

පන්දුවාරයකට ලබා දුන් ලකුණු ප්‍රමාණය- 6.12

හොඳම පන්දු යැවීම- 8/6 සිම්බාබ්වේට එරෙහිව

ඔහු 20/20 ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීමේ ලෝක වාර්තාවේ උරුමකරු ය

20/20 ජාත්‍යන්තර තරගයක පන්දු යවන්නෙකු කඩුලු 6ක් ලබා ගත් අවස්ථාවන් 3ක් වාර්තා වන අතර, එහි දී 20/20 පිටියේ විශිෂ්ටතම මුල් පන්දු යැවීම් 2 ම අජන්ත මෙන්ඩිස්ගේ නම ඉදිරියේ සටහන් වීම ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්. එහි දී අජන්ත පහත ආකාරයට විශිෂ්ට පන්දු යැවීම්වල නිරත වුණා.

අජන්ත මෙන්ඩිස්- 8/6 සිම්බාබ්වේට එරෙහිව 2012 වසරේ දී

අජන්ත මෙන්ඩිස්-16/6 ඕස්ට්‍රේලියාවට එරෙහිව 2011 වසරේ දී

සිම්බාබ්වේට එරෙහිව ලෝක වාර්තාව තැබූ අවස්ථාවේ අජන්ත විසින් සිම්බාබ්වේ පිතිකරු මසකඩ්සාව දවා ගත් අයුරු (ESPNcricinfo)
අජන්ත ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දවා ගත් තරගයේ අවස්ථාවක් (ESPNcricinfo)

අජන්ත 20/20 පිලෙන් ඉවතට විසිවීම

2012 ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අසමත් වූ අජන්තට 2014 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පිලේ ස්ථානය අහිමි වූ අතර, ඉන්පසු ව එම වසරේ අජන්ත ආබාධයකට ලක්වීම නිසා මේ දක්වා ඔහුට නැවතත් ශ්‍රී ලංකා 20/20 පිලට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

2012 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ව අජන්තගේ දස්කම්

ක්‍රීඩා කළ 20/20 තරග ප්‍රමාණය- 12

යැවූ පන්දුවාර ප්‍රමාණය- 44.3

ලබා දුන් ලකුණු ප්‍රමාණය- 360

ලබා ගත් කඩුලු ප්‍රමාණය- 11

පන්දු යැවීමේ සාමාන්‍ය- 32.72

පන්දුවාරයකට ලබා දුන් ලකුණු ප්‍රමාණය- 8.08

හොඳම පන්දු යැවීම- 12/3 නෙදර්ලන්තයට එරෙහිව

අමතක කළ නොහැකි තරුවක්

වර්තමානයේ අජන්ත 20/20 පිල තුළ දක්නට නොලැබුණත් ඔහු සුපිරි දස්කම් දැක්වූ වසර කිහිපය තුළ ශ්‍රී ලංකා පිල ලබා ගත් ජයග්‍රහණය අපමණ ය. එමෙන්ම ඔහුගේ නම ඉදිරියේ තවමත් ලියැ වී ඇති වාර්තා ශ්‍රී ලංකාවේ අභිමානය ක්‍රිකට් ලොව තුළ බබළවනවා. එලෙස ම ඔහු, එදා 20/20 ක්‍රිකට් පිටිය තුළ සුපිරි දස්කම් පාමින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් කුල්මත් කළ ආකාරය කිසිදිනෙක ඔවුන්ට අමතක නොවනු ඇත.

 

කවරයේ ඡායාරූපය: 2012 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රයයන්:

ESPNcricinfo

HowStat

Related Articles