Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ තෙවන තරගය කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් පිටියේ දී ශ්‍රී ලංකාව  සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් නැරඹීමට බලා සිටින තරගයක්. එම  නිසා ම මෙම තරගය පිළිබඳ ව පෙර විමසුමක් අප, මෙලෙස ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-නවසීලන්ත ගැටුම්

1979 ලෝක කුසලාන තරගාවලියේ දී මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමුවුණු අවස්ථාවේ නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකාව- 189/10 (56.5)

නවසීලන්තය- 190/1 (47.4)

නවසීලන්තයට කඩුලු 9ක ජයක්

නවසීලන්ත පිතිකරු ග්ලේන් ටර්නර් පන්දුවට පහර දෙමින් (gettyimages)

ඉන්පසුව 1983 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී මෙම කණ්ඩායම් දෙක දෙවරක් තරග වැදුණු අතර, එහි දී කණ්ඩායම් 2ම තරගය බැගින් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාව- 206/10 (56.1)

නවසීලන්තය- 209/5 (39.2)

නවසීලන්තයට කඩුලු 5ක ජයක්

නවසීලන්තය- 181/10 (58.2)

ශ්‍රී ලංකාව- 184/7 (52.5)

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකාව- 206/9 (50)

නවසීලන්තය- 210/4 (48.2)

නවසීලන්තයට කඩුලු 6ක ජයක්

ගුරුසිංහ නවසීලන්තයට එරෙහිව පන්දුවට පහර දෙමින් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ දී සනත් ජයසූරිය, කිවියන් හමුවේ ලබාගත් අගනා ලකුණු 120 නිසා ශ්‍රී ලංකාවට එම තරගයෙන් පහසු ජයක් ලබාගන්නට හැකි වුණා.

ශ්‍රී ලංකාව – 272/7 (50)

නවසීලන්තය – 225/10 (45.3)

ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක්

 2003 තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙන්ම අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ කිවියන් පරාජයට පත්වුණා.

සුපිරි 8 වටයේ තරගය

නවසීලන්තය- 219/7 (50)

ශ්‍රී ලංකාව- 222/4 (45.1)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

අවසන් පූර්ව තරගය

ශ්‍රී ලංකාව- 289/5 (50)

නවසීලන්තය- 208/10 (41.4)

ශ්‍රී ලංකාවට ලකුණු 81ක ජයක්

2007 තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් මූලික වටයේ තරගයක දී මෙන්ම අවසන් පූර්ව තරගයේදීත් කිවියන්, ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයක්.

මූලික  වටයේ තරගය

ශ්‍රී ලංකාව- 265/9 (50)

නවසීලන්තය- 153/10 (35)

ශ්‍රී ලංකාවට ලකුණු 112ක ජයක්

අවසන් පූර්ව තරගය

නවසීලන්තය- 217/10 (48.5)

ශ්‍රී ලංකාව- 220/5 (47.5)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

2011 තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට පැවති 2015 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේ ජයග්‍රහණය නවසීලන්ත කණ්ඩායමට හිමිවුණා.

නවසීලන්තය- 331/6 (50)

ශ්‍රී ලංකාව- 233/10 (46.1)

නවසීලන්තයට ලකුණු 98ක ජයක්

2003 තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

කාඩිෆ්  නුවර සොෆියා ගාඩ්න්ස්  පිටිය පිළිබඳ ව දත්තයන්

මෙම තරගය පැවැත්වෙන සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩා පිටිය මුල් යුගයේ පිතිකරුවන්ට එතරම් යෝග්‍ය පිටියක් නොවුණත්, පසුව පසුගිය වසර කිහිපය තුළ එම තත්ත්වය වෙනස් වුණා. අවසන් වරට මෙහි පැවති එක්දින තරගයේ දී මෙන්ම ඉන්දියා-බංගලාදේශ පුහුණු තරගයේදීත් මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 340 සීමාව ඉක්මවා තිබීම කැපී පෙනෙන කරුණක්. එලෙසම අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 270.2ක් බවට පත්ව තිබුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

සොෆියා ගාඩ්න්ස් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම  පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර ඇත. එම නිසා කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩි යි.

සොෆියා ගාඩ්න්ස්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේ දී තරග 4කට සහභාගී වුණත්, ඉන් කිසිම තරගයක් ජයග්‍රහණය කිරීමට  ඔවුන්ට හැකි වුණේ නැහැ. නමුත්, නවසීලන්ත කණ්ඩායම මෙම පිටියේ දී තරග 6කට සහභාගි වී ඉන් 3ක් ජයග්‍රහණය කර තිබුණත්, ඔවුන් අවසන් වරට මෙම පිටියේ දී සහභාගී වුණු එක්දින තරග තුනේ දී ම පරාජය උරුමකර ගත්තා.

සොෆියා ගාඩ්න්ස් පිටියේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ගැටුම්වල දී නවසීලන්තය ඉදිරියෙන්

සොෆියා ගාඩ්න්ස් පිටියේ දී මෙම කණ්ඩායමක් 2ක මුණගැසී ඇත්තේ 2013 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී පමණයි. එදා ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති එම තරගය කඩුලු 1කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.

ශ්‍රී ලංකාව- 138 (37.5)

නවසීලන්තය- 139/9 (36.3)

නවසීලන්තයට කඩුලු 1ක ජයක්

නවසීලන්තය කඩුලු 1කින් ජයගත් එම තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය පිළිබඳ ව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2019 වසරේ පැවති එක්දින තරගාවලියක දී එකිනෙකා හමුවුණු අවස්ථාවේ නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙසින් ජයගත්තා. නමුත් නොසිතූ අවස්ථාවල එක්වර ම නැගී සිටින කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, තරගයට පෙර නවසීලන්ත කණ්ඩායමට වඩා පිටුපසින් සිටියත් ගප්ටිල්, විලියම්සන්, සහ ටේලර් වැනි පිතිකරුවන් වේලාසනින් ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්වීය නොහැකියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles