ක්‍රිකට් ක්‍රීඩාවේ “පිත්ත” ඉතිහාසය පුරාවටම විවිධ හේතුන් මත වෙනස්කම් රාශියක් මත නිර්මාණය වූවකි. F. Gale විසින් රචිත “Echoes from old cricket fields” නම් කෘතියේ මේ පිත්ත විවිධ හේතුන් මත වෙනස් වූ අයුරු පිලිබඳ අපුරු රූපසටහනක් දක්වා ඇත. මෙම ලිපියෙන් ගෙන එන්නේ ක්‍රිකට් ඉතිහාසය තුල හඳුන්වාදුන් වෙනස්ම ආකාරයේ පිති වර්ග පිළිබඳව යි.
එක්ස්කැලිබර්
ප්‍රකට ක්‍රිකට් උපකරණ නිෂ්පාදනය කරන ආයතනයක් වන නිව්බෙරි සමාගම විසින් හඳුන්වාදුන් එක්ස්කැලිබර් පිත්ත අපුරු නිමැවුමකි. පිත්තේ දුර්වලම ස්ථානය වන පිත්තේ මිට සහ පිත්තේ මුහුණත අතර උරහිස් ප්‍රදේශය ඉවත්කොට සාදන ලද මේ පිත්ත මුල්වරට භාවිතා කලේ නවසිලන්ත ක්‍රීඩක ලාන්ස් කෙයාන්ස් (ක්‍රිස් කෙයාන්ස්ගේ පියා) ය. පිත්තේ ඝනකම ද එවකට සාමාන්‍ය පිත්තකට වඩා වැඩි විය. කෙයාන්ස් විසින් මේ පිත්ත භාවිතා කරමින් එවකට ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව එක්දින තරඟයක දී වේගවත්ම අර්ධ ශතකය පවා රැස් කළේ ය. මේ පිත්ත ට “එක්ස්කැලිබර්” ලෙස නම් කිරීමට හේතුව වුයේ එය අසිපතකට සමානකම් දැක්වීම යි. එම නිසාම මෙම පිත්තේ නිර්මාපකයින් එය ආතර් රජු විසින් භාවිතා කල අසිපත වූ “එක්ස්කැලිබර්” යන්න යොදා ඇත.කෙසේ වෙතත් මේ පිත්ත ලාන්ස් කෙයාන්ස් ගෙන් පසු භාවිතයට පැමිණියේ නැත.
මොන්ගූස් MMI3
ක්‍රිකට් හි තුන්වන ආකෘතිය වන 20යි 20 තරඟ රටාවට උචිත පිත්තක් වන මොන්ගුස් පිත්ත 2009 වසරේ දී ස්ටුවර්ට් ලෝ විසින් එංගලන්තයේ පැවති 20යි 20 තරඟයක දී භාවිතා කල නමුත් එය මුල්වරට දැඩි කතාබහකට ලක්වුයේ 2010 වසරේ දී චෙන්නායි සුපර් කිංග්ස් ආරම්භක පිතිකරු වූ මැතිව් හේඩන් මේ පිත්ත හසුරුවමින් විශාල ලකුණු කරා යෑමෙන් පසුව යි. සාමන්‍යය පිත්තක මිට ට වඩා දිගු මිටක් සහිත මෙම පිත්තේ මුහුණත/තලය කෙටි එකකි. එම නිසාම මෙම පිත්ත, සාමාන්‍යය පිත්තකට වඩා 15% කින් වේගවත් සහ 20% ක වැඩි ජවයක් සහිත වේ. මෙම පිත්ත ද මුල් අවධියේ දී ජනප්‍රිය වුවත් ක්‍රමක්‍රමයෙන් නොයෙකුත් හේතුන් මත පිතිකරුවන්ගේ ග්‍රහණයට ලක් නොවිය.
කොම්බැට් (Combat)
ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී යනු නොයෙකුත් මතභේදාත්මක ගැටුම් ඇතිකල ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිතයි. වරක් එංගලන්තයට එරෙහිව WACA (Western Australia Cricket Association) හි පැවති ටෙස්ට් තරඟයක දී ඩෙනිස් ලිලී ඇළුමිනියම් පිත්තක් ගෙන පිතිකරණය සඳහා පැමිණි අතර එයින් පිතිකරණයේ යෙදෙද්දී පන්දුවට හානි වීම හේතුවෙන් පන්දු රකින්නෝ ඊට විරෝධය පළ කළ හ. එම හේතුව නිසාම පිත්ත නිර්මිත විය යුතු අයුරු පිළිබඳව නීති රීති කිහිපයක් ද සංශෝධනය කිරීමට ක්‍රිකට් නීති රීති සම්මත කරන සුප්‍රකට මාලිබෝර්න් ක්‍රිකට් සමාජය (MCC) ට සිදුවිය. මේ ඇළුමිනියම් පිත්ත කොම්බැට් (Combat) යන නමින් හැඳින්විය. මේ පිත්තේ කණ්ඩායම් දෙකේම සාමාජිකයින්ගේ අත්සන් ද සහිතව විකිනීමට මේ පිත්තේ සම නිර්මාපකයන් වූ ඩෙනිස් ලිලී සහ ග්‍රෙහැම් මොනගන් සමත් වූහ.
කූකබුරා කහූනා සහ කූකබුරා බීස්ට්
2005 වසරේ දී ICC ය රිකි පොන්ටින් විසින් ඒ වනවිට භාවිතා කල කූකබුරා කහුනා වර්ගයේ පිත්ත තහනමට ලක් කරන බව දැනුම් දෙන ලදී. ඊට හේතුව වුයේ එම පිත්තේ පසුපස මිනිරන් තීරුවක් මගින් සම්මත පිත්තකට නොමැති අමතර ජවයක් ලබාදීම යි. මෙම තහනමට පෙර පොන්ටින් එය එක්දින තරඟ 50 කට ආසන්න ප්‍රමාණයක් සඳහා භාවිතා කළේ ය. එවකට බ්‍රිතාන්‍යයේ කූකබුරා සමාගමේ අලවි කළමනාකරු විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙම මිනිරන් තීරුව මඟින් පිත්ත මැදින් පැලීම වැලැක්වීම සිදු කරන බවයි. කෙසේ වෙතත් මෙම පිත්ත තහනම් කිරීම හේතුවෙන් මේ පිත්ත භාවිතා කල සියළුම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ට MCC නව නීතියට අනුකූල වන පරිදි පිති ලබාදීමට කූකබුරා සමාගම තීරණය කරන ලදී. මිට සමාන සිදුවීමක් කූකබුරා සමාගමේ බීස්ට් නම් පිත්ත ට ද තහනමක් සම්මත විය. එයද පිත්තේ පිට පැත්තේ මිලිමීටර 0.40 ක ඝනකමකින් යුත් තුනී විදුරු මිශ්‍රිත තන්තු (Glass-Fibre) ස්තරයකින් සමන්විත වූවත් එය එවකට පැවති MCC නීති රාමුවේ පැවතීම නිසා මුල්කාලින නිෂ්පාදනයන් සඳහා තහනමක් පල නොවී ය. නමුත් අනෙක් පිති නිෂ්පාදන ආයතන මෙයින් අනවශ්‍යය ජවයක් ලබාදෙන බව පවසමින් විරෝධය පළකිරීම නිසා “බීස්ට්” නම් අලංකාර ක්‍රිකට් පිත්ත ට ද වැඩි ආයුෂ හිමි නොවී ය. මේ බීස්ට් වර්ගයේ පිත්තක් කලක් ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් යුගලයක් වූ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර ද භාවිතා කර ඇත.
කබූම්
සුප්‍රකට ග්‍රේ-නිකල්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන කබූම් පිත්ත ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝර්නර් වැනි පිතිකරුවන් සඳහා නිර්මාණය වූවකි. ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට වඩාත්ම කැමැත්තක් දක්වන පිතිකරුවෙකුට උචිත වන මේ පිත්තේ ඝනකම සාමාන්‍යය පිත්තකට වඩා වැඩි ය. එහෙත් 2017 වසරේ දී MCC ක්‍රිකට් කමිටුවේ ඒකමතික තීරණයක් මත පිත්තක් සඳහා සම්මත ඝනකමක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව ඩේවිඩ් වෝර්නර්ගේ පිත්තේ ඝනකමින් වැඩිම කොටසේ ප්‍රමාණය මිලි මීටර 80 සිට 40-67 අතර ප්‍රමාණයක් දක්වා අඩුකරන්නට සිදුවිය.
ස්පාර්ටන් Black Bat
2016 වසරේ අග භාගයේ දී කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රෙ රසල්, ස්පාර්ටන් ආයතනය විසින් නිෂ්පාදිත කළු පැහැති පිත්තක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයේ තරඟයක ක්‍රීඩා කළේ ය. කෙසේ වෙතත් ප්‍රතිවාදී පිලේ නායක බ්‍රැඩ් හැඩින් විනිසුරුගෙන් විමසීමක් කලේ එය නිත්‍යානුකූල ද යන්නයි. එය එම තරඟයේ දී පමණක් භාවිතා කිරීමට අවසර දුන් නමුත් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරන ලදී. ඊට හේතුව වුයේ එම පිත්ත නිසා පන්දුවේ වර්ණය වෙනස් වීම යි. කිසිදු අවස්ථාවක පන්දුවේ වර්ණය වෙනස් කිරීම, පළුදු කිරීම නිත්‍යානුකුල නොවන බැවින් එම කළු පැහැති පිත්ත නැවතත් භාවිතයට පැමිණියේ නැත. කෙසේ වෙතත් ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී විවිධ වර්ණයෙන් යුත් ක්‍රිකට් පිති භාවිතයට පැමිණ ඇත. නිදසුනක් වශයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් තහනම් යුගයේ ක්‍රීඩා කල සුපිරි පිතිකරු බැරී රිචර්ඩ්ස් විසින් 1973 වසරේ දී තැඹිලි පැහැති පිත්තක් ගෙන පිතිකරණයේ යෙදුනු අතර එංගලන්ත ක්‍රීඩක ග්‍රැහැම් රූප් විසින් නිල් පැහැති පිත්තක් සමඟ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරඟයක දී ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් MCC යේ විශේෂ දැනුම්දීමක් නිසා එය භාවිතා කිරීමට නොහැකි විය. එමෙන්ම ස්පාර්ටන් ආයතනය විසින්ම ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් හට රන් ආලේපිත පිත්තක් ද ලබාදුන් අතර එය තහනමකට ලක් නොවුයේ පන්දුවේ වර්ණය වෙනස් වීම හෝ පළුඳු වීමක් සිදු නොවීම නිස යි.
Monster Bat
ක්‍රිකට් පිත්ත පිළිබඳව නීති රීති මුල්මවරට සැකසීමට බලපෑ Monster Bat ලෙස පසුකාලීනව හැඳින්වූ පිත්ත වාර්තා වෙන්නේ 1771 වසරේ දී යි. චර්ට්සී සහ හැම්බ්ල්ඩන් නගර අතර පැවති තරඟයක දී චර්ට්සී පිලේ තෝමස් වයිට් නම් පිතිකරුවා ඉතාමත් පළලැති පිත්තක් රැගෙන පැමිණියේ විකට්ටුව ආරක්ෂා කරගැනීමේ පරමාර්ථය ඇතිවයි. කෙසේ වෙතත් ප්‍රතිවාධි පිලේ විරෝධය සහ එම සිදුවීම ට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් පිත්ත සඳහා නීති රීති පද්ධතියක් ගෙන ඒමට සිදුවිය.
COVER – ක්‍රිකට් ලෝකයේ බිහිවූ අග්‍රගණයේ පිථිකරුවෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ බැරි රිචර්ඩ්ස් විසින් 1970 වසරේ දී WACA පිටියේ දී දිනක් ඇතුලත ලකුණු 325ක් රැස්කළ අවස්ථාවේ දී ඔහු විසින් භාවිතා කළ පිත්ත සහ ඩේවිඩ් වෝනර් විසින් 2015 වසරේ දී භාවිතා කළ “Kaboom” වර්ගයේ පිත්තක් ඔසවමින්. (Cricket Australia)
මූලාශ්‍ර :
- B3cricket.com
- ESPNcricinfo
- Alloutcricket.com
- Engineeringsport.co.uk