ඔලිම්පික් වරම් ලද ශ්‍රී ලාංකීය බොක්සිං විනිසුරුවරිය

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග විනිශ්චය කිරීම සඳහා ලාංකීය විනිසුරුවරියක් එක්ව සිටිනවා. ඇය නෙල්කා ශිරෝමාලා.  ආධුනික පොලිස් පරීක්ෂකවරියක් ලෙසින් 1997දී පොලිස් සේවයට එක්වුණු නෙල්කා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික බොක්සිං තරගාවලි රැසකට සහභාගි වුණා. ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවරියක් බවට 2011දී පත්වුණු ඇය ජාත්‍යන්තර බොක්සිං තරගයක් විනිශ්චය කළ මුල්ම ලාංකීය විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වුණා. ආසියාවේ හොඳම බොක්සිං විනිසුරුවරිය ලෙසින් ඇය 2017දී සම්මාන හිමි කර ගත්තා. බොක්සිං විනිසුරුවරියක ලෙසින් පෑ හපන්කම් නිසා ම නෙල්කා ශිරෝමාලාට මෙවර ඔලිම්පික් විනිසුරු වරම් හිමි වුණා.

 ඒ පිළිබඳව වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.

Related Articles

Exit mobile version