Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටිය ජයගත් විදෙස් පන්දු යවන්නෝ

පසුගිය වසර 37 පුරාවට ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරග 141ක් පවත්වා තිබෙනවා. එහි දී ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබල කණ්ඩායම් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණියා. එලෙස මෙහි පැමිණි කණ්ඩායම්වල ප්‍රබල පන්දු යවන්නන් රැසක් සිටියා. එම ප්‍රබල පන්දු යවන්නන් අතුරින් සෑම පන්දු යවන්නෙක්ම ශ්‍රී ලංකා බිමේ දී සාර්ථක නොවුණත් ඇතැම් පන්දු යවන්නන් සුපිරි දස්කම් දක්වනු ලැබුවා. එසේ නම් මේ ලිපිය වෙන්වන්නේ ශ්‍රී ලංකා බිමේ දී සුපිරි දස්කම් දැක්වූ විදෙස් පන්දු යවන්නන්ගේ දස්කම් පිළිබඳව ඇගයීමක් කිරීමට යි.

ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)- කඩුලු 26 (2004 ටෙස්ට් තරගාවලිය)

2004 වසරේ පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කරනු ලැබුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. එම තරගාවලිය යටතේ පැවති ටෙස්ට් තරග 3 දී ම පළමු ඉනිමේ වාසිය ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ දී තරගාවලිය 3-0ක් ලෙසින් පරාජයට පත් වීම අනපේක්ෂිත සිදුවීමක් වුණා. එහි දී ශ්‍රී ලංකා පරාජයේ නියමුවා වුණේ ෂේන් වෝන් නම් සුපිරි පා දඟ පන්දු යවන්නා යි. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ වෝන්, තරග 3 තුළ කඩුලු 26ක් දවාගත්තේ තරගාවලියේ වීරයා බවටත් පත් වෙමින්. ෂේන් වෝන් නම් එම සුපිරි පන්දු යවන්නා 2004 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය තුළ දැක්වූ දස්කම් මෙසේ දැක්විය හැකියි.

ගාල්ල ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 116/5 (42.4)

දෙවන ඉනිම- 43/5 (15)

සමස්ත තරගයේ පන්දු යැවීම- 159/10 (57.4) 

අස්ගිරිය ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 65/5 (20.1)

දෙවන ඉනිම- 90/5 (21.1)

සමස්ත තරගයේ පන්දු යැවීම- 155/10 (41.2) 

ssc ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 115/2 (36)

දෙවන ඉනිම- 92/4 (33)

සමස්ත තරගයේ පන්දු යැවීම- 207/6 (69) 

පන්දුවාර- 168, නිලකුණු පන්දුවාර- 37, ලකුණු- 521, කඩුලු- 26, හොඳම පන්දු යැවීම- 43/5, ඉනිමක 

කඩුලු 5 බැගින්- 4, තරගයක කඩුලු 10 බැගින්- 2, සාමාන්‍යය- 20.04, ප්‍රහාරාත්මක වේගය- 38.77

වෝන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

යසීර් ෂා (පාකිස්ථානය)- කඩුලු 24 (2015 ටෙස්ට් තරගාවලිය)

2015 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-පාකිස්ථානු ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ පාකිස්ථානු කණ්ඩායම යි. එහි දී පාකිස්ථානුවන් වසර 9කට පසුව ශ්‍රී ලංකා බිමේ දී ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා පාකිස්ථානු කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබාදුන් යසීර් ෂා, කඩුලු 24ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා බවටත් පත් වෙමින්. එලෙස යසීර් ෂා, එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ දැක්වූ දස්කම් මෙලෙසින් ඉදිරිපත් කළ හැකියි.

ගාල්ල ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 79/2 (30.3)

දෙවන ඉනිම- 76/7 (30.1)

සමස්ත තරගයේ පන්දු යැවීම- 155/9 (60.4) 

පී සරා ඕවල් ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 96/6 (41.3)

දෙවන ඉනිම- 55/2 (10.3)

සමස්ත තරගයේ පන්දු යැවීම- 151/8 (52) 

පල්ලෙකැලේ ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 78/5 (31.5)

දෙවන ඉනිම- 80/2 (32)

සමස්ත තරගයේ පන්දු යැවීම- 158/7 (63.5) 

පන්දුවාර- 176.3, නිලකුණු පන්දුවාර- 28, ලකුණු- 464, කඩුලු- 24, හොඳම පන්දු යැවීම- 76/7, ඉනිමක 

කඩුලු 5 බැගින්- 3, සාමාන්‍යය- 19.33, ප්‍රහාරාත්මක වේගය- 44.13

යසීර් ෂා පන්දු යවමින් (gettyimages)

මිචෙල් ස්ටාක් (ඕස්ට්‍රේලියාව)- කඩුලු 24 (2016 ටෙස්ට් තරගාවලිය)

2016 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 3ම පරාජය වුණත්, ඔවුන්ගේ ආරම්භක වේග පන්දු යවන්නා වුණු මිචෙල් ස්ටාක් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එම තරගාවලිය තුළ කඩුලු 24ක් දවාගත් ස්ටාක්, ශ්‍රී ලංකා බිමේ පැවති ටෙස්ට් තරගාවලියක දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් විදෙස් වේග පන්දු යවන්නා බවටත් පත් වුණා. එහි දී ස්ටාක් අතින් බිඳ වැටුණේ රිචඩ් හැඩ්ලි නම් නවසීලන්ත වේග පන්දු යවන්නා 1984 වසරේ දී පිහිටවනු ලැබුණු වාර්තාව යි.

පල්ලෙකැලේ ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 51/2 (11)

දෙවන ඉනිම- 84/4 (19)

සමස්ත තරගයේ පන්දු යැවීම- 135/6 (30) 

ගාල්ල ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 44/5 (16.1)

දෙවන ඉනිම- 50/6 (12.3)

සමස්ත තරගයේ පන්දු යැවීම- 94/10 (28.4) 

ssc ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 63/5 (25.1)

දෙවන ඉනිම- 72/2 (19.3)

සමස්ත තරගයේ පන්දු යැවීම- 135/7 (44.4) 

පන්දුවාර- 103.2, නිලකුණු පන්දුවාර- 28 ලකුණු- 364, කඩුලු- 24, හොඳම පන්දු යැවීම- 50/6, ඉනිමක 

කඩුලු 5 බැගින්- 3, තරගයක කඩුලු 10 බැගින්- 1, සාමාන්‍යය- 15.17, ප්‍රහාරාත්මක වේගය- 25.83

ස්ටාක් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

රිචඩ් හැඩ්ලි (නවසීලන්තය)- කඩුලු 23 (1984 ටෙස්ට් තරගාවලිය)

1984 වසරේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායම යි. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ රිචඩ් හැඩ්ලි, කඩුලු 23ක් දවාගත්තේ සිය කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා සවියක් වෙමින්. එදා හැඩ්ලි විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා තරගාවලියේ වීරයා සම්මානයත් පවා ඔහුට හිමි වුණා. 

අස්ගිරිය ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 35/4 (20.5)

දෙවන ඉනිම- 8/4 (7)

සමස්ත තරගයේ පන්දු යැවීම- 43/8 (27.5) 

ssc ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 27/2 (22)

දෙවන ඉනිම- 58/3 (12.3)

සමස්ත තරගයේ පන්දු යැවීම- 85/5 (34.3) 

ccc ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 73/5 (22)

දෙවන ඉනිම- 29/5 (16)

සමස්ත තරගයේ පන්දු යැවීම- 102/10 (38) 

පන්දුවාර- 117.5, නිලකුණු පන්දුවාර- 48 ලකුණු- 230, කඩුලු- 23, හොඳම පන්දු යැවීම- 29/5, ඉනිමක 

කඩුලු 5 බැගින්- 2, තරගයක කඩුලු 10 බැගින්- 1, සාමාන්‍යය- 10.00, ප්‍රහාරාත්මක වේගය- 30.74

රිච්ඩ් හැඩ්ලි  (gettyimages)

රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)- කඩුලු 21 (2015 ටෙස්ට් තරගාවලිය)

2015 වසරේ පැවැත්වුණු ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දීය  කණ්ඩායම යි. එහි දී ඉන්දියානුවන් වසර 22කට පසුව ශ්‍රී ලංකා බිමේ දී ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණයක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා ඉන්දීය කණ්ඩායම ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වුණු අශ්වින්,  කඩුලු 21ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා බවටත් පත් වෙමින්. 

ගාල්ල ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 46/6 (13.4)

දෙවන ඉනිම- 114/4 (28.2)

සමස්ත තරගයේ පන්දු යැවීම- 160/10 (42) 

පී සරා ඕවල් ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 76/2 (29)

දෙවන ඉනිම- 42/5 (16)

සමස්ත තරගයේ පන්දු යැවීම- 118/7 (45) 

ssc ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 33/0 (8)

දෙවන ඉනිම- 69/4 (20)

සමස්ත තරගයේ පන්දු යැවීම- 102/4 (28) 

පන්දුවාර- 115, නිලකුණු පන්දුවාර- 20, ලකුණු- 380, කඩුලු- 21, හොඳම පන්දු යැවීම- 46/6, ඉනිමක 

කඩුලු 5 බැගින්- 2, තරගයක කඩුලු 10 බැගින්- 1, සාමාන්‍යය- 18.10, ප්‍රහාරාත්මක වේගය- 32.86

අශ්වින් පන්දු යවමින් (gettyimages)

බ්‍රෙට් ෂූල්ට්ස් (දකුණු අප්‍රිකාව)- කඩුලු 20 (1993 ටෙස්ට් තරගාවලිය)

1993 වසරේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එහි දී දකුණු අප්‍රිකාව නියෝජනය බ්‍රෙට් ෂූල්ට්ස් නම් සුපිරි වේග පන්දු යවන්නා ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වුණා. එම නිසාම ෂූල්ට්ස් දකුණු අප්‍රිකානු කණ්ඩායම 1-0ක් ලෙස ලබාගත් තරගාවලි ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් ලබාදුන්නේ කඩුලු 20ක් දවාගනිමින්.  

මොරටුව ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 75/4 (31.2)

දෙවන ඉනිම- 82/2 (20)

සමස්ත තරගයේ පන්දු යැවීම- 157/6 (51.2)

ssc ඕවල් ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 48/5 (20)

දෙවන ඉනිම- 58/4 (16)

සමස්ත තරගයේ පන්දු යැවීම- 106/9 (36) 

පල්ලෙකැලේ ටෙස්ට් තරගය 

පළමු ඉනිම- 63/5 (36.5)

සමස්ත තරගයේ පන්දු යැවීම- 63/5 (36.5) 

පන්දුවාර- 124.1, නිලකුණු පන්දුවාර- 35, ලකුණු- 326, කඩුලු- 20, හොඳම පන්දු යැවීම- 48/5, ඉනිමක 

කඩුලු 5 බැගින්- 2, සාමාන්‍යය- 16.30, ප්‍රහාරාත්මක වේගය- 37.25

බ්‍රෙට් ෂූල්ට්ස් (gettyimages)

කවරයේ ඡායාරූප- ෂේන් වෝන් අස්ගිරිය ටෙස්ට් තරගය ජයගැනීමෙන් අනතුරුව (gettyimages)

Related Articles