Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුංචි සන්දියේ කියවපු අමතක නොවන පරිවර්තන කතා පොත් 5ක්

පරිවර්තන වල, මුල් කෘතියට සාපේක්ෂව ඊට ආවේණික වූ රසයක් තියෙනවා කිව්වොත් ඔබත් අවිවාදයෙන්ම ඊට එකඟ වෙයි කියල අපි හිතනවා. දක්ෂ පරිවර්තයකුට පාඨකයාව ලෝකයේ වෙනත් තැනකට පහසුවෙන් ගෙනියන්න පුළුවන්. ශබ්ධ හා අර්ථ රසයෙන් සපිරි, සරල සුගම බසකින්, ප්‍රබල චිත්ත රූප මවන්නටත්, බටහිර ලෝකයේ වටාපිටාවන් ජීවමානව කියවන්නාගේ මනසේ තිරගත කරන්නටත් ඔවුන්ට හැකියාවක් තිබෙනවා. කුඩා කලදී අපි කියවපු ගොඩක් පොත් දැන් කියවනකොටනම් රසය තවත් වැඩියි. මනසට කා වැදුණු සමහර චරිත පිටු අතරින් නැවත හමුවෙනකොට හිතට ලැබෙන සතුට කොහොමද?

ග්‍රන්ථ පරිවර්තකයෙක් කියන්නේ සුවිශේෂි ගණයේ ලේඛකයෙක්. මුල් කෘතියට සහ එහි අර්ථයට හානියක් නොවන අයුරින් දේශීය භාෂා ශෛලියකින් හා රිද්මයකින් කතාව පරිවර්තනය කරන එක හිතන තරම් ලේසි කාරියක් නෙවේ. ඔබත් පොඩි සන්දියේ අනන්තවත් පරිවර්තන කියවලා ඇති. පාසලේ මිතුරි මිතුරියන් සමඟ එවා හුවමාරු කරගන්නටත් ඇති. අපි ඒ කාලේ උපන්දිනේ එනකම් බලන් හිටියේ අම්මට කියල අලුත් පොතක් ගන්න. චන්දන මෙන්ඩිස් ගේ ශර්ලොක් හෝම්ස් පරිවර්තන මාලවලින්, ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ පොත් වලින් අපේ පුංචි පුස්තකාලේ පිරුණා. සෑම වසරකම සාහිත්‍ය මාසයේ පැවැත්වෙන කොළඹ අන්තර්ජාතික පොත් ප්රදර්ශනයට අපි තාමත් පිය නගන්නේ සුන්දර ළමා කාලයේ මතකයන් ආවර්ජනය කරන පරිවර්තන පොත් මිලදී ගන්න. දශක ගණනක් ගෙවී ගියත් සදා අමරණීය සෝවියට් සාහිත්‍යයේ චරිත තවමත් අපට සමීපයි. ග්‍රීෂ්ම පරිසරයක හැඳෙන වැඩුණු ලක් දරුවන්ව සිව්ට්සර්ලට්න්තයේ ඇල්ප්ස් කඳුකරයට රැගෙන ගියේ, ඒ දේවදාර ගස් අතරේ නැවුම් සුළඟ මනසින් ස්පර්ෂ කරන්නට අවස්ථාව ලබා දුන්නේ අපේම වාසනාවකට බිහිවූ අනර්ඝ පරිවතකයින් විසිනුයි.

(1) චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කල ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කතා

ෂර්ලොක් හෝම්ස් කතා

ෂර්ලොක් හෝම්ස් කතා

BBC නාලිකාව හරහා තිරගත වන SHERLOCK ටෙලි නාට්ය මාලාව දැන් ගොඩක් හෝම්ස් ලෝලින් අතර ප්‍රසිද්ධයි. බෙනඩික්ට් කම්බබැච් නැවුම් මුහුණුවරකින් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්නේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද ගන්නා සුළු අන්දමකින්. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සූරින් අතින් ෂර්ලොක් හෝම්ස් කථා නිර්මාණය වුණේ මීට අවුරුදි 100 කට කලින්. එදා මෙදා කාලය පුරාවට ලෝකයේ විවිධ පෙදෙස් වලින් ෂර්ලොක් හෝම්ස් ගේ රහස් පරීක්ෂක කතා පසුබිම් කරගෙන පරිවර්තන හා චිත්‍රපට දහසකුත් නිම වී තිබෙනවා.  ශ්‍රී ලංකාවේ යොවුන් නව කතා පාඨකයන්ට ෂර්ලොක් හෝම්ස් චරිතය සමීප වන්නේ 90 ගණන් වලදීයි. ඒ චන්දන මෙන්ඩිස් නම් පරිවර්තකයා Hound of the Baskervilles යන දීර්ඝ කතා මාලාව පසුබිම් කර ගෙන පලමුවෙන්ම එළි දක්වපු “සුනඛ ශාපය” නම් සිංහල පරිවර්තනයෙන් පසුවයි. මින් ඇරඹුණු හෝම්ස් උමතුව අදටත් දරුවන් අතර තියෙනවා.

පාඨකයාව ඇද බැඳ තියාගන්නට සමත් සරල බසකින් හා ආකර්ෂණීය නාම වලින් සැරසුනු පිටපත් වලින් මුද්‍රණය වූ චන්දන මෙන්ඩිස් ගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා බොහෝ දෙනාගේ සුන්දර මතකයන් අවුස්සනු නොඅනුමානයි. බේකර් වීදියේ අංක 221B දරන  නිවාසය, කාමරයේ තම  පුටුවේ හිඳ දුම් පයිප්පය උරමින් කල්පනාවේ බරව සිටින හෝම්ස්, අශ්ව කරත්ත වලින් හා වීදි ලාම්පු වලින් ආලෝකමත් වූ ලන්ඩන් නුවර වැනි දර්ශන ජීවමානව පාඨකයා වෙත ඉදිපත් කරන්නට චන්දන මෙන්ඩිස් නම් ශ්‍රේෂ්ඨ පරිවර්තකයා සමත් වුණා.

පහත දැක්වෙන්නේ චන්දම මෙන්ඩිස් විසින් පරිවර්තනය කල සිව් රහස් සලකුණ හා තවත් කතා මාලවෙන් උපුටා ගත් කොටසකි.

“ඔබ නිරීක්ෂණය හා නිගමන ගැන කතා කළා. මේ දෙකම බොහෝ දුරට එකක් නේද?”

“අපොයි නෑ.” පුටුවේ පිටිපසට හේත්තු වුණු ඔහු පයිප්පයෙන් දුම් ගුළි පිට කලේය.

උදාහරණයක් වශයෙන් බලන්න; මට නිරීක්ෂණයෙන් කිව හැකියි ඔබ අද උදේ විග්මෝ තැපැල් කන්තෝරුවට ගොස් ඇති බව. නමුත් තර්කානුකූලව නිගමනයකට එලැඹීමෙන් තමයි මට කියන්න පුළුවන් ඔබ එහිදී විදුලි පුවතක් යැවූ බව”

(2) ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කල ලොරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ Little House කතා මාලාව

ලොරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ Little House කතා මාලාව

ලොරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ Little House කතා මාලාව

19වන සියවසේදි ඇමරිකාවේ උපන් ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ ළමා කාලයේ අත්දැකීම් පසුබිම් කරගෙන ග්‍රාමීය නව කතා මාලාවක් එළි දැක්වූවා. ‘වන අරණක කුඩා නිවස’ යන ග්රන්ථයෙන් ලෝරාගේ ජිවීතයර ආරම්හ වෙනවා. ඇමරිකාවේ විස්කොන්සින්හි, පෙපින් ග්‍රාමයේ පිහිටි කුඩා නිවසෙක වෙසෙන ඉන්ගල්ස් පවුලේ දෙවැනි දුව ලෙස ලෝරා පාඨකයන් වෙත පැමිණෙනවා. ගොවිපලේ කටයුතු වල නියැලිමෙන්, වස්සන් රැක බලා ගනිමින් ලෝරා තම පුංචි පවුල ගොඩ නැගීමට දිරි දෙන්නීය. හේමන්ත කාලය සඳහා ඉන්ගල්ස් පවුල ලකලැහැස්ති වන හැටි ඉතා සිත් ගන්නා සුලු අන්දමට ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද පරිවර්තනය කොට තිබෙනවා.

  1. වන අරණක කුඩා නිවස
  2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස
  3. මිදී ඔය අසබඩ
  4. රිදී විල් තෙර
  5. සීතලෙන් සීත වුනු සීත සමය
  6. තැනිතලාවේ පිහිටි කුඩා නගරය
  7. මේ මිහිරැති සොඳුරු සමය
  8. පළමු සිවු වසර

වසර දහසයක් පුරාවට දිග හැරෙන ඉන්ගල්ස් පවුලේ පුරාවෘත වලින් මෙම කතා සමන්විත වී තිබෙනවා. කැන්සාස් මිසූරි, විස්කොන්සින්, මිනෙසෝටා සිට අයෝවා ප්‍රාන්ත වලට සංක්‍රමණය කරන සමයන් හිදී ඔවුන් මුහුණ දුන් අත්දැකීම් අලලා රචිත ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගේ කතන්දරවල සමහර පරිච්ඡේද හා චරිත ඔබට කවදාවත් අමතක කල නොහැකියි. සති ගණනක් කඳු හෙල් තරණය කරමින්, වන ලැහැබේ ගිමන් හරිමින්, ගමනාන්තය කරා සංචාරය කරන ආකාරය ඔබට ඔබේ මනසින් අපූරුවට මැවී පෙනේවි.

(3) උපාලි උබයසේකර විසින් පරිවර්තනය කල රෝල්ඩ් ඩාල් ගේ මැටිල්ඩා

රෝල්ඩ් ඩාල් ගේ මැටිල්ඩා

රෝල්ඩ් ඩාල් ගේ මැටිල්ඩා

රෝල්ඩ් ඩාල් මහත්තයා ලියපු කතා කුඩා දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය උනේ ඔහු තුල නිසැඟයෙන්ම තිබූ හාස්‍යෝත්පාදක ලේඛන ශෛල්‍යය නිසයි. ළමයින්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ හරිම වෙනස් විදිහට. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ නිකං නෙමෙයි. රෝල්ඩ් ඩාල්ගේ අරුම පුදුම කතා සාගරයට ලොකු පොඩි කවුරුත් වහ වැටුණා. ඒ කතා වලින් දරුවන් හොඳ නරක ඉගෙන ගත්තා. සමාජයේ කලු සුදු චරිත වගේම කල නොකල යුතු දේ ඉතා සියුම් ව විනෝදකාමි චරිත උපයෝගි කරගෙන පුංචි මනසට කාවද්දන්න රෝල්ඩ් ඩාල් ට හැකියාව තිබුණා.

චාලි සහ චොක්ලට් ෆැක්ටරි, අරුම පුදුම පීච් ගෙඩිය, මැටිල්ඩා වගේ පරිවර්තන අති විශිෂ්ට සිනමා කෘතීන් ලෙසද එළි දැක්වුණා. ඒ අතරින් උපාලි උබයසේකර විසින් පරිවර්තනය වූ මැටිල්ඩා කතාව සුවිශේෂි තැනක් ගන්නවා. පොත්පත් වලට අසීමිතව ආදරය කරන මැටිල්ඩා නම් අසාමාන්ය දස්කම් ඇති පාසල් දැරියක් වටා මෙම කතාව ගෙතී ඇති අතර ට්රන්චිබුල්, මිස් හනී, මචෙල්, චර්ම්වුඩ් වැනි චරිත ඇයගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. රෝල්ඩ් ඩාල් ගේ පෑනෙන් උපන් සුන්දරම වස්තුව මැටිල්ඩා කියලයි මේ පොතට ආදරේ ගොඩක් දෙනා පවසන්නේ.

(4) ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කල ටෙට්සුකෝ කුරොයානගී ගේ “හරි පුදුම ඉස්කෝලේ”

හරි පුදුම ඉස්කෝලේ

හරි පුදුම ඉස්කෝලේ

“ටොට්ටෝ චං ගේ ප්‍රියතම විනෝදාංශය වූයේ පිටස්තරයන් ගේ වතුවලට සහ හිස් ඉඩම් වලට වැටවලින් රිංගා යාමයි. ඇඳුම් ගැන කරදර නොවීම නිසා ඇයට හොඳින්ම ගැළැපිණ…..

“වැඩුණු පසු තමා කවරකු විය යුතු දැයි මෑතකට සිට ටොට්ටෝ චං සිතන්නට වූවා ය. ඇත්තටම ඔව් ! මම කවුරු වෙනවා දැයි තීරණය කරලා ඉවරයි. මද්ය දාහකය දල්වමින් සිටි තායි චං වෙත දිව ගිය ඇය මෙසේ කීවාය. “මම ඔත්තු කාරියක් වෙන්න හිතුවා.” ඇය අබිමන් පෙනුමක් දැක්වූවා ය.”

ජපන් ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කතා පොතක් තමා “හරි පුදුම ඉස්කෝලේ” කියන්නේ. දෙවන ලෝක යුද්ධ කාලයේදි, ජපානයේ ටෝක්යෝ නගරය අසල පිහිටා තිබූ අසිරිමත් පාසලක තොරතුරු, එහි සිසුවියක් ලෙස ඉගෙන ගත් කතුවරියකගේ මතක සටහන් මෙහි ඉදිරිපත් කෙරෙනවා. නිදහස් නිවහල් පරිසරයක ඉගෙනුම් අත්දැකීම් ලබා ගන්නා ටොට්ටෝ චං නම් දඟකාර දැරිවිය සොසාකු කොබයාෂි ගුරුතුමා විසින් පවත්වාගෙන ගිය පාසලක සිප් සතර හදාරන්නීය. කොබයාෂි මහතාගේ අධ්‍යාපන ක්‍රම වලින් ගුරුවරුන්ට උගත හැකි දෑ බොහෝමයි. සියලුම ළමයින් සහජයෙන් යහපත් ගුණාංග උරුම කොට උපදින අතර පරිසරය හා වැඩිහිටියන්ගේ වැරදි බලපෑම් නිසා විනාශ වන බව ඔහු විශ්වාස කලේය. ස්වභාවිකත්වය නිරන්තරයෙන් අගය කල එතුමා හැකි පමණ දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු වන සේ ඔවුන්ගේ චරිතාංග වර්ධනය කරන්නට උත්සාහ ගත්තා. පියකරු පිටකවරයකින් සැරසුණු සිංහල පරිවර්තනය වන හරි පුදුම ඉස්කෝලේ කියන පොත අපිට හරි හුරු පුරුදුයි. යුධමය වාතාවරණයක් තුල දරුවාට නිර්මාණාත්මකව හා නිදහස්ව සිතන්නට පුරුදු කරවීම අභියෝගකි. දහසකුත් ශ්‍රී ලාංකික පාඨකයින් මේ පොත මහත් සෙනෙහසින් වැලඳ ගත්තේ එහි ගැබ්ව ඇති සංවේදී පණිවිඩ හා පාඩම් නිසාවෙනි.

(5) ලස්සන වසිලිස්සා සහ වෙනත් රුසියානු සුරංගනා කතා

ලස්සන වසිලිස්සා

ලස්සන වසිලිස්සා

ලස්සන වසිලීස්සා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන රුසියානු සුරංගනා කතා පොතක්. සෝවියට් සාහිත්‍යයට ආදරේ කරපු පාඨකයින් ලංකාවේ බහුලයි. ඔවුන් තවමත් කොළඹ පොත් ප්‍රදර්ශනේට යන්නේ පොඩි කාලේ කියවපු ඒ ලස්සන ඝන පිටකවර සහිත පොත් තම දරුවන්ට අරන් දෙන්න. මනහර කාව්‍යමය බසකින් හා දැකුම්කළු සිතුවම් වලින් හැඩවුණු සෝව්යට් සාහිත්‍ය කෘතීන් වල එන වාන් කුමාරයා,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා වගේ චරිත ඔබගේ සුන්දර ළමා කාලය අවධි කරනු නොඅනුමානයි.

කවරයේ පින්තුරය: britishcouncil.lk/ Cover image credit: britishcouncil.lk

Related Articles