ලංකා ක්ලැසික් කාර් සංගමය විසින් සංවිධානය කල බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය පසුගිය මාර්තු මාසයේදී ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුනා. සාමාන්‍යයෙන් පාරතොටේ දකින්නට නොලැබෙන අනර්ඝ වර්ගයේ ඉපැරණි මෝටර් රථ බොහොමයක් මෙයට සහභාගී වූ අතර අපිත් එතනට ගියේ හොඳ හොඳ වාහන ටිකක් බලාගැනීමට දැඩි ආශාවකින්.
බැලූ බැල්මටම මේ ටෝනි ඇම්බ්‍රෝස් නම් මොරිස් මයින’ර් වාහන වර්ගයේ ලොකු රසිකයෙක් කියල කියන්න පුළුවන්. දැනට මෙම වර්ගයේ වාහන කිහිපයකටම හිමිකම් කියන මොහු මේ දක්වා ඇති වාහනය අරගෙන දැනට අවුරුදු පනස් අටක් පමණ වෙනවා.
“මම මේ වාහනය අරගන්නකොට වැඩ කලේ මොරිස් රෝශේ කියලා ලොකු කොම්පැනියක කැෂියර් කෙනෙක් හැටියට. ඒ කාලේ මගේ මාසේ පඩිය රුපියල් 225, වාහනේ ගත්තේ රුපියල් 2250 කට. පෙට්‍රල් ගැලුමක් එතකොට රුපියල් 2.80, බලපත්‍ර බද්ද රුපියල් 20, ෆුල් ස’විස් එකක් රුපියල් 12.50 කුත් ෆය’ස්ටෝන් වෛට්වෝල් ටයර් එකක් රුපියල් 73.12” ඔහු අතීතය එලෙස මතක් කරයි.
මුලදී මේ වහනය tourer ඝනයට අයත් එකක් බව ඇම්බ්‍රෝස් මහතා පවසයි. “72 වසරේදී මම වාහනය සම්පූර්ණ වෙනසකට භාජනය කළා. එතකොට සුළු මෙන් විශාල පරිමාන වෙනස්කිරීම් ගොඩකට පස්සේ වාහනය saloon වර්ගයේ එකක් බවට පත්කලා. මේ මගේ පළමු ආදරය, මීට අමතරව තවත් මයින’ර් වර්ගයේ වාහන කිහිපයකුත් මාගාව තියෙනවා” ඔහු තාදුරටත් පැවසුවා.
පනිනි එදිරිසිංහ මහතා පවසන ආකාරයට ඔහු සන්තකයේ ඇති සහ මෙතෙක් තිබු එකම වාහනය මේ මින්ක්ස් රථයයි. “ගන්නකොට මේක මට නිකම්ම වාහනයක් විතරයි, ඒවුනාට දැන් මේක කෞතුක වස්තුවක් වගේ, එහෙම නැත්නම් ප්‍රදර්ශන භාන්ඩයක්. එදිනෙදා පාවිච්චියට නම් මේක දැන් සුදුසු නැහැ, ඒවුනාට වාහනය හොඳ තත්වයේ තියෙනවා. මේකෙන් මම ඉදල හිටලා උඩරට පැත්තේ උනත් ගමන් යනවා. වාහනේ තියෙන අනිත් හොඳ තමයි මේකෙන් එහාමෙහා යනකොට ගොඩක් අලුත් වගේම අපූරු චරිතද හමුවෙන එක.” ඔහු අප සමග පැවසීය.
ප්‍රදර්ශනයේ තිබුණු අන් වාහන වලින් මේ මින්ක්ස් රථය වෙනස් වන්නේ මෙය බ්‍රිතාන්‍යයේ නොව ජපානයේ සැදු එකක් බැවිනි. “ Rootes කියන්නේ බොහොම හොඳ වර්ගයේ වාහන වලට ඉස්සර ප්‍රසිද්ධ නමක්, අති විශිෂ්ඨ නොවුනත් හොඳ නමක්” ඔහු පවසයි.
“ජපානයටත් ඕන වුනා මේ වර්ගයේ වාහන නිෂ්පාදනය කරන්න, ඉතින් ඔවුන් එහේ තියෙන ISUZU (ඉසුසු) කොම්පැනිය හරහා මින්ක්ස් රථ හදන්නට පටන් ගත්තා. ජපන් වාහනයත්, බ්‍රිතාන්‍ය වාහනයත් අතර වෙනස්කම් කිහිපයක් තියෙනවා, එකක් තමයි වර්ණය. බ්‍රිතාන්‍ය වාහනේ ලා නිල්, ලා කොළ හෝ රෝස වර්ණ වලින් ආවා, ජපානයට මේ වර්ගය නිෂ්පාදනයට අවසර ලැබුනේ බ්‍රිතාන්‍යය මේක හදන එක නැවැත්තුවයින් පස්සේ තමයි. ඒගොල්ලෝ ඉතින් ඔරිජිනල් එකට වඩා වැඩි යමක් දාන්න කියල වෙන්නැති මේ වාහනේට බ්ලොවර් එකක්, රේඩියෝ එකක් ආදිය එකතුකරලා තියෙනවා. වාහනේ තියෙන මීටර් උනත් ඔක්කොම වගේ හොඳින් වැඩ” ඔහු පැවසීය.
67 හැවිරිදි ගීපාල් ප්‍රනාන්දු මහතාට නම් මේ වාහනය ගැන සොදුරු මිහිරි මතක බොහොමයකි. “මගේ තාත්තා දැන් ජීවතුන් අතර සිටියානම් ඔහු මේක දැකලා ගොඩක් සතුටුවෙනවා නියතයි. මම මධුසමය ගතකරන්නට ගියෙත් මේ වාහනෙන් තමයි. ඉස්සර පාරවල් හොඳ පැහැදිලිවට තිබුනා, අනික මේ තරම් තදබදයක් තිබුනෙත් නැහැ, ඉතින් මේ වාහන හොඳට පාරේ ගියා. දැන් තියෙන තත්වේ එක්ක නම් මේ වගේ ප්‍රදර්ශනයකට එලියට ගත්තොත් මිසක් වාහනේ පාවිච්චි කෙරෙන්නේ නැති තරම්.” ඔහු පැවසීය.
“එදිනෙදා භාවිතයට නම් මේක එච්චර සුදුසු නැහැ, මොකද බස්, ත්‍රිවිල් ආදියෙන් පාරේ යනකොට මේක පරිස්සම් කරගන්න හරිම අමාරුයි. කවුරුහරි අතින් පේන්ට් එක සීරුනොත් ලංකාවේ ආපහු පේන්ට් කරන්න බැහැ, ඒ වගේමයි කවුරුහරි අතින් ලාම්පුවක් හෝ මොනයම් දෙයක් කැඩුනොත් ආපහු කෑලි හොයන්න හරිම අමාරුයි.” ඔහු තවදුරටත් පැවසුවා. කෙදිනක හෝ තම පුතුට මේ වාහනය දීමට තමයි ගීපාල් මහතා අදහස් කරන්නේ.
අර්ජුන පවසන ආකාරයට නම් මේ වාහනය එලවද්දී මුහුණට හිනහවක් නැගෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.
නරේෂ් මේ රථය අරගෙන දැන් අවුරුදු පහලවක් පමණ. අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍යයේ මේක පාවිච්චි කරලා මෙහෙට ගෙනාපු ලාංකික දොස්තර කෙනෙක්ගෙන්. “ගන්නකොට බොහොම අබලන් තත්වයක් තමයි තිබුනේ, ගත්තු ගමන් කලේ මේක රෙපෙයාර් කරන තැනට ගෙනිච්ච එක, එතකොටත් මගදිගට මිනිස්සු නවත්ත නවත්ත ඇහුව මේක මම විකුණනවද කියල- මේ වර්ගයේ වාහන මුළු ලෝකෙටම තියෙන්නේ 18 ක්, මේ තියෙන්නේ ආසියාවේ තියෙන එකම ට’නර් මෝටර් රථය- එලවන එකනම් වෙනත් මෝටර් රථයකට වඩා සැහෙන්න වෙනස්, පෙට්‍රල් ගඳ හොඳට දැනෙනවා, යන පාරේ තියෙන ගැටි ආදියත් හොඳට දැනෙනවා” ඔහු තවදුරටත් පැවසීය.
මේ රථය අරගෙන අවුරුදු 6ක් විතර වෙන නිමල් පවසන ආකාරයට මේක ඉතාලියානු ෆෙරාරි වලට පිළිතුරක් හැටියට ට්‍රයුම්ෆ් විසින් නිෂ්පාදිත වාහනයක්. ක්ලැසික් කාර් සංගමයේ හිටපු සභාපති ක්ලයිව් ඩි සිල්වා තමයි වාහනය නඩත්තු කරලා හොඳ තත්වයෙන් පවත්වාගෙන තියෙන්නේ.
“මම ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියමුවෙක් ලෙස කටයුතු කරන හින්ද වාහනේ කැලි ගෙන්නන එක බොහොම පහසු වුනා, රේගු නිලධාරින් උනත් බොහොම සතුටු වුනා මේ වගේ වාහනයක් අපි ලංකාවේ හදනවා කියල දැනගත්තම, වැඩේ සම්පූර්ණ කරන්න ක්ලයිව්ටත් අවුරුදු 4-5 පමණ ගතවුනා. මොකද වාහනේ මීටර් ආදිය උනත් ආපහු හදන්න බ්‍රිතාන්යයටම යැවුවා- කිසිම දෙයක් අලුතින් දාල නෑ, ඔක්කොම තියෙන්නේ ඔරිජිනල් එක වගේම තමයි” ඔහු තවදුරටත් පැවසුවා.
මිට පෙර අයිතිකරුවන් 4 පමණ අතින් ඇත පැමිණ ඇති මෙය දැන් කිෂාන් ඩි සිල්වා අත පවතී. “මම හැදුනේ වැඩුනේ මේ රථයත් සමග, කොහොමත් පරණ වාහන වලට කැමති මගේ හිතේ විශේෂ තැනක් මේ රථයට හිමිවෙනවා” ඔහු පැවසුවේ මෙවන් රථ වැඩි වැඩ නොමැති ඉතා සරල මෙන්ම භාවිතයට ප්‍රසන්න බවද මතක් කරමින්.
මේ කොහොම උනත් මේක කොළඹ රථවාහන අවහිරය අස්සේ නම් ගෙනියන එක ලේසි නැහැ, “ක්ලච් එක බොහොම බරයි, ට්‍රැෆික් එකේ නම් එලවන එක හරිම අමාරුයි, ඒ උනාට ඉරිදා දවසක උදේ හරි කොළඹින් පිට යනකොටනම් හරි මේක නියමයි, අනික ලෑන්ඩ් රෝවර් කොම්පැනියෙන් මේකට ඕන කෑලි හදනකම් හොඳට නඩත්තු කරලා පාවිච්චි කරන්න පුළුවන්” ඔහු තවදුරටත් පැවසිය.
ඩේවිඩ් ටොඩ්ට මේ රථය හමුවී දැන් අවුරුදු 8-9 පමණ. “ටිකක් ඉස්සර මම රේසිං කරන කාලේ නම් තරඟ කිහිපයකටත් මේ රථය ගෙනිහින් තියෙනවා, නවීන රථයක් සහ මෙවැන්නක් අතර වෙනස්කම් ගොඩක් තියෙනවා- විශේෂයෙන් මේවා බොහොම සරලයි, ඇතුලේ පරිඝනක භාවිතයක් නැති නිසා වාහනය සහ එය එලවන කෙනා කෙලින්ම සම්බන්ධයි” ඔහු පැවසීය.