Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

article

රැකියාවටත්, එදිනෙදා භාවිතයටත් ගැලපෙන Asus Zenbook 13 සහ 14

පැය 22ක් දක්වා බැටරි ආයු කාලයක් ඇති, Touchpad එක මතම Numeric keypad එකත් පෙන්වන නවතම ලැප්ටොප් දෙකක් Asus සමාගම දැන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

article

පේලේ නම් විශිෂ්ටයාගේ පාපන්දු ලෝක කුසලාන දස්කම්

1950 වසරේ ජූලි 16 වැනිදා රියෝ ද ජැනයිරෝ නුවර මරකානා පිටියට 199,854ක අති විශාල ජනකායක් එක් රැස් වුණේ බ්‍රසීලය මංගල පාපන්දු ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාව දැක බලා ගැනීම සඳහා යි. එදා බ්‍රසීලය සහ උරුගුවේ යන කණ්ඩායම් අතර පැවති තරගයේ පළමු භාගයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ.

article

80 දශකයේ දී යාල් දේවි දුම්රිය විනාශ කළ හැටි

උඩරට මැණිකේ, රුහුණු කුමාරි, සහ යාල් දේවි යන දුම්රියයන් ත්‍රිත්වය 1950 දශකයේ දී මෙරට දුම්රිය ප්‍රවාහන පද්ධතියට එකතු වුණා. එම දුම්රියයන් අතුරින් උඩරට මැණිකේ සහ රුහුණු කුමාරි දශක 6කට අධික කාලයක් කිසිදු ගැටළුවකින් තොරව ගමනේ යෙදුණා. නමුත් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කළ යාල් දේවි දුම්රියට එම වරම හිමි වුණේ නැහැ. 80 දශකයේ දී උතුරුකරය පුරාම භීෂණය පතුරවමින් සිටි රුදුරු කොටි ත්‍රස්තවාදීන් යාල් දේවිය බෝම්බ තබා පුපුරවා හැරියා. එම නිසා යාල් දේවි දුම්රිය දශක දෙකකට වැඩි කාලයක් ගමන් කළේ කොළඹ සිට වවුනියාව දක්වා පමණ යි.

article

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය දරුණු අතට හැරෙයි

පසුගිය වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. තවමත් සමහර රටවල් තුළ දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට ආසන්න පිරිසක් ගොදුරු වී තිබෙනවා.

article

එල්ලුම් ගසේ ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

අතීතයේ සිංහල රජ දවස අප රට තුළ ඉතාමත්ම දරුණු දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමවලට අනුව මරණයට පත්වුණු පුද්ගලයන් පිළිබඳ කතා අපගේ ඉතිහාස පොත්වල සඳහන් වනවා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වුණු කෲරතර දඬුවම් ක්‍රම අහෝසි වී ගියේ 18 වැනි සියවසේ අග භාගයේ දීයි. ඒ මරණ දඬුවම නියම වුණු කෙනෙකුට දඬුවම් කිරීම සඳහා එල්ලුම් ගහ නැමැති නව දඬුවම් ක්‍රමය හඳුන්වාදීම නිසා යි.

article

20 වැනි සංශෝධනයෙන් ජනපති බලතල වැඩි වන හැටි

1970 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් හිමිව තිබුණා. එම නිසා සමගි පෙරමුණු රජයට 1972 වසරේ දී පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට හැකියාව ලැබුණා. එම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නමින් නව තනතුරක් ඇති කර තිබුණා.

article

පළාත් සභා ක්‍රමයේ ආරම්භය සහ එහි විකාශනය

1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන සහ රජිව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වුණා. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ප්‍රබල විරෝධයක් ඇතිවී තිබුණත්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එය ගණනකට ගත්තේ නැහැ. ගිවිසුම අත්සන් කර දින 108ක් ගතවෙද්දී 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම සංශෝධනය මඟින් සිදුකළ බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා ක්‍රමයේ උපත සිදු වුණා.

article

විනාශ වී යන දිවියන් රැකගනිමු

පසුගිය දශකය තුළ ලංකාවේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව දිවි මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. දිනෙන් දින වඳ වී යන දිවියන් රැකගැනීමේ අවශ්‍යතාවය අපි මෙසේ සිහිපත් කරන්නෙමු.

video

ලංකාවේ කොකෝවා වගාව ගැන තොරතුරු බිඳක්

ඉතාමත් ප්‍රණීත රසයකින් යුත් කොකෝවා නම් පළතුරු විශේෂයේ නිජබිම වශයෙන් සලකන්නේ දකුණු ඇමරිකාව යි. යුරෝපීයයන් යටත් විජිත සමයේ දී මෙරටට හඳුන්වාදුන් කොකෝවා භෝගය වර්තමානය වන විට මෙරට තුළ වාණිජ්‍ය වගාවක් ලෙසින් ව්‍යාප්ත වී තිබෙනවා. ආහාර වර්ග සඳහා අමුද්‍රව්‍යයක් ලෙසින් භාවිතා කරන කොකෝවා භෝගය පොල් සහ රබර් වැනි වගාවන් තුළ අතුරු භෝගයක් ලෙස ද වගා කරනු ලබනවා.

article

දරුවෙකු රැකබලා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ මවට ද? පියාට ද?

කාර්යබහුල ජීවිත සමග විශේෂයෙන් පියාට තම දරුවා සමග ගත කරන්නට ලැබෙන කාලය අඩුයි. නමුත් ඒ කෙටි කාලය පවා ඵලදායීව යොදාගත හැකි නම්, එය දරුවාගේ අනාගතයට මහත් පිටිවහලක් වන බවයි පර්යේෂණ දත්ත පෙන්වා දෙන්නේ.

video

End of Articles

No More Articles to Load