හිට්ලර්ගේ “යකඩ කුරුසය” දිනාගත් ප්‍රථම කාන්තාව – හැනා රයිච්
හිට්ලර්ගේ නායකත්වයෙන් හර්මන් ගෝරිංගේ අණදීම පරිදි නිර්මාණය වූ නාසි ගුවන් හමුදාවේ ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවන් කිහිපදෙනෙක් පිළිබඳව මිට පෙර ඔබ වෙත ගෙන ආවා. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ නාසි ගුවන් හමුදාවේ සිටි දක්ෂ ගුවන් නියමුවරියක් පිළිබඳවයි. නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ඇද වැටෙන තුරු සටන අත් නොහළ ඇය හදුන්වන්නේ හැනා රයිච් (Hanna Reitsch) යන නමින්.