යටත්විජිත කාලය යනු උඩරටට නම් 1815 පසු කාලය වුවත්, දකුණේ වෙරළබඩ අගනගරය වූ ගාල්ලට නම් 1600 ගණන්වල සිට උදා වුණි. ලෝකය හා වේගයෙන් ගැටුණු පෘතුගීසින්, ලන්දේසින්, සහ ඉංග්‍රීසින්ගේ ඇසුර පාතරට පළාතේ ප්‍රභූන්ට නිතරම ලැබුණි. එසේම වැවිලි හා වෙළදාම් කටයුතු දියුණු වීම හේතු කොටගෙන යටත්විජිත කාලය තුළ උඩරට පළාතට වඩා වෙරළබඩ කලාපයන් යම් සමෘද්ධිමත් ස්වභාවයක් ඉසිලීය. ඒ තත්ත්වය තුළ බෞද්ධ ශාසනික සේවාවන්වල ද යම් පිබිදීමක් දකින්නට ලැබුණි. හෙළ ගද්‍ය පද්‍ය සාහිත්‍යය ක්ෂේත්‍රය ද දකුණු වෙරළබඩ කලාපයෙන් ලැබුණු දායකත්වය විශේෂ ය. එකල ලංකාවේ බස රැකීමට, සාහිත්‍යය නැංවීමට, රටේ අධ්‍යාපනය පිහිටුවීමට කැපවුනු ගාලු පුත්‍රයින් රැසක්ම විය. එයින් කිහිපදෙනෙක් ගැනයි මේ.