Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උතුරු වියට්නාමය විනාශ කිරීමට සැරසුණු ඇමරිකානු හමුදාව

ප්‍රංශයට දරුණු පරාජයක් අත්කර දෙමින් වියට් මින් ගරිල්ලට ජයග්‍රහණය හිමි කරමින් යුද්ධය අවසන් වූ පසුව වියට්නාමය දෙකඩ වූ අතර දකුණු වියට්නාම් පාලකයා ඡන්දය​ පවත්වා උතුර හා දකුණ එක් කිරීමට විරෝධය පෑමත් සමඟ දකුණු වියට්නාමය හා වියට් කොන්ග් ගරිල්ලන් අතර ගැටුම් ඇති වෙනවා.

article

ලොවම බලා සිටි තායිලන්තයේ ගලවා ගැනීමේ මෙහෙයුම

පසුගිය කාලය පුරාවට ලංකාවේ සමාජජාලා, ජනමාධ්‍යයන්වල වගේම ලෝකය පුරාම ජනතාවගේ උනන්දුව දිනාගත් පුවත බවට තායිලන්තයේ ගුහාවක සිරවූ ළමුන් බේරා ගැනීමේ මෙහෙයුම පත්වුණා. මේ වනවිට ඒ සියළු දෙනාවම මුදාගෙන බව වාර්තා වෙනවා. මේ එම සිදුවීමේ තතු සියල්ල සැකවින් ගෙන එන වාර්තාවක්.

article

ඝාතනය කෙරුණු කඩවසම් මාධ්‍යවේදියා: රිචර්ඩ් ද සොයිසා

1990 පෙබරවාරි 18 වන දා පාන්දර 3.30ට කොළඹ වැලිකඩවත්තේ නිවසකට පැමිණි පිරිසක්, මවක් බලා සිටියදීම ඇගේ 32-හැවිරිදි පුත්‍රයාව නිවසේ පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් වාහනයක දමාගෙන ‍පැහැරගෙන ගියා.

article

ඉතියෝපියාව සහ එරිත්‍රියාව සාමයට අත වනති

දශක දෙකක් තිස්සේ පැවති විරසකයක් නිමා කරමින් ඉතියෝපියාව සහ එරිත්‍රියාව ජූලි 9 වන දා සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ප්‍රකාශයකට අත්සන් තැබුවා.

article

පරිණාමයේ විද්‍යාගාරය : ගැලැපගෝස් දූපත්

සත්ත්ව සහ ශාක ජීවිත ගැන අපූරු උදාහරණ ලෝකයට ගෙන හැර දක්වන ගැලැපගෝස් දූපත්, ආකර්ෂණීය භූගෝලීය ඉතිහාසයක් සහිත සංකීර්ණ පරිසර පද්ධතියකට සෙවණ සපයන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ඉක්වදෝර ජනරජයට යාබද ව ශාන්තිකර සාගරයේ පිහිටා ඇති ඉක්වදෝරයටම අයත් ගැලැපගෝස් දූපත් ලෝක වාසීන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ප්‍රකට ස්වභාව විද්‍යාඥයෙකු වූ චාල්ස් ඩාවින්, ජීවීන්ගේ පරිණාමය පිළිබඳ ව ඔහු දැරූ න්‍යාය ගොඩ නැංවීම සඳහා එහි වාසය කළ සත්ත්ව සහ ශාක විශේෂ උපකාර කර ගැනීම හේතුවෙන්.

article

රටවල් 90ක රස පැතිරුණු රට දෙල්

දෙල් වාරය ඇවිල්ලා. මේ දවස්වල සතිපොළවල, එළවළු කඩවල දෙල් සුලබව දකින්න පුලුවන්. මේ දෙල් වලට අපි කියන්නේ රටදෙල් කියලයි. ඒකට හේතුව අපේ රටට ආවේණික වෙනත් දෙල් වර්ගයක් තිබෙන නිසයි. ඒ දෙල්වලට කියන්නේ “වල්දෙල්”, නැත්නම් “බැදි දෙල්” කියලා. ඒකත් ඉතාම ගුණදායක ආහාරයක් වුණත් දැන් වල්දෙල් ගස් පහතරට වනාන්තරවල හැර ගෙවතුවල දැකගැනීමට නම් අමාරුයි. ඒවා කපල දමල නිසා. නමුත් රටදෙල් ගස් නම් සමහර ගෙවත්තක තිබෙනවා. ඒත් ඉබේ හැදෙනවා මිසක දෙල් ගස් වගා කිරීමට අපි හුරුවෙලා නැහැ.

article

ඔක්සිජන්, නියෝන්, ෆ්ලොරින්, සහ සෝඩියම් සොයාගත් හැටි

ආවර්තිතා වගුවෙහි ස්ථානගත කර ඇති පළමු මූලද්‍රව්‍ය කිහිපය හා ඒවා සොයාගත් ආකාරය පිළිබඳව මේ ලිපි පෙළෙහි පළමු ලිපි දෙකෙන් අපි ඔබ වෙත ගෙන ආවා. එහි තෙවන කොටස වන මේ ලිපියෙන් ඔක්සිජන් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීම පිළිබඳ රසබර තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.

article

රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

ඒ 1947 වර්ෂයේ ජූලි මස 3 වන දා රාත්‍රිය යි. මැක් බ්‍රෙසල් නම් පුද්ගලයා රොස්වෙල් කාන්තාරය අසලින් ගමන්කරමින් සිටිය දී විශාල ශබ්දයක් නිසා තිගැස්සුනා. පසුදා, එනම් 1947 ජූලි 04 වන දා පාන්දරින්ම ඔහු කාන්තාරය වෙත පිටත්වුණේ පෙරදින රාත්‍රියේ තමන්ට ඇසුණු ඒ බිහිසුණු ශබ්දය කුමක්දැ යි දැනගැනීමට යි. එහි ගිය ඔහුට දැකගන්නට ලැබී තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක දර්ශනයක්. හඳුනා නොගත් යානයක් කඩාවැටී, පිපිරීගොස් එහි ලෝහ කොටස් සෑම තැනකම විසිරී තිබුණා.

article

වාහන උණු කරන වෝකි – ටෝකී බිල්ඩිම

ඉතාමත් ප්‍රසිද්ධ මෙන්ම පැරණි නගරයක් වන ලන්ඩනය ලෝකයේ සුවිශේෂී ස්ථානයන් රැසකට නිවහනක්. අද මේ කියන්නේ ලන්ඩනයේ පිහිටන, ප්‍රශ්න රැසකට මුල් වුණු ගොඩනැගිල්ලක් ගැන. ලෝකය පුරා ඇති, අන්තර්ජාතික වශයෙන් වැදගත් ගෘහ නිර්මාණයන් පිළිබඳව තොරතුරු ඔබට ලබාදෙන ලිපි පෙලේ මේ තවත් එක් ලිපියක්.

article

පුරාණ ලෝකයේ රණශූර කාන්තාවෝ: ඇමසන්

සාහසික සහ ආක්‍රමණකාරී ලෙස යුධ වැදුණු, යුධයේ පහසුව උදෙසා සිය දකුණු පියයුර කපා පුළුස්සා දැමූ කාන්තා රණශූරයින් පිරිසක් ගැන ග්‍රීක මිත්‍යාකතා වල සඳහන් වෙනවා. ඔවුන්ව හැඳින්වූයේ “ඇමසන්” යන නමින්. ඇත්තෙන්ම මෙවැනි කාන්තා රණශූරන් පිරිසක් සිටියා ද? ඔවුන් සිදුකළායැ යි ප්‍රසිද්ධ සාහිත්‍යයේ කියැවෙන දේ ඔවුන් සැබවින්ම සිදුකරන්නට ඇත් ද? මේ ලිපිය ඒ ගැන විමසා බලනවා.

article

ජෝතිෂ්‍යයේ කතාව සරලව

ජෝතිෂ්‍යය යනු ලංකාවේ බොහෝදෙනාට උපන් මොහොතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන්නක් බවට පත්ව තිබේ. නම් තැබීම, හිසකෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම, සිට මරණය දක්වා ජෝතිෂ්‍යය මිනිස් ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. මෙසේ බලපෑමක් කරනු ලබන ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබඳව කෙටි හැදෑරීමකට යොමුවෙමු.

article

දකුණු වියට්නාමයට එරෙහිව නැඟී සිටි වියට් කොන්ග් ගරිල්ලෝ

ඩියෙන් බියෙන් ෆූ සටනේදී ලැබූ දරුණු පරාජය සමඟ 1954 වසරේ ප්‍රංශ හමුදා වියට්නාමය අත හැරීමට තීරණය කරනවා. එම වසරේම පැවති ජිනීවා සමුළුවේදී වියට්නාමය කොටස් දෙකකට බෙදා උතුරු කොටස පාලනය කිරීම සදහා හෝ චි මිං වෙත පවරන අතර දකුණු කොටසේ බටහිර හිතවාදී පාලනයක් රැගෙන යාම සඳහා බාඕ ඩයී (Bảo Đại) අධිරාජයාට පවරනවා.

article

End of Articles

No More Articles to Load