තම දියණියගේ මරණයට බිල්බෝඩ් වලින් යුක්තිය ඉල්ලූ තාත්තා
මිනිස්සු මැරෙන එක ස්වාභාවිකව සිද්ධ වුනාට, මිනිස්සු ඝාතනය වෙන එක එහෙම ස්වාභාවිකව සිදුවෙන සංසිද්ධියක් නෙමෙයි. වෙනත් පාර්ශවයක බලපෑම එක්ක සිද්ධ වෙන්න පුළුවන් ඕනෑම ආකාරයේ ඝාතනයකට යුක්තිය ඉටුවීම සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ, ඒක නීති පොත්වල තියන නිසාම විතරකුත් නෙමෙයි. තමන්ගේම කෙනෙකුට එවැනි අසාධාරණයක් සිදුවෙන තෙක් එහි බරපතලකම බොහොම දෙනාට දැනෙන්නේ නැහැ. ඒ වගේ සිදුවුණු ඝාතනයකට යුක්තිය ඉල්ලපු තාත්තා කෙනෙක්ගේ කතාවක් මේ.