2018 පාපන්දු ලෝක කුසලානය – E කාණ්ඩය
පාපන්දු ලෝක කුසලානයේ E කාණ්ඩය යටතේ බ්‍රසීලය, සර්බියාව, කොස්ටා රිකාව, සහ ස්විට්සර්ලන්තය මෙවර තරග වැදුණා. බ්‍රසීලයෙන් ප්‍රබල කණ්ඩායමක් සහභාගී වූ අතර වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවූව ද සර්බියාවට ද හොඳ මැදපෙළ සහ ආරක්ෂක ක්‍රීඩකයින් ගෙන් යුත් කණ්ඩායමක් සිටියා. මේ අතර ලොව හොඳම දැල් රකින්නකු වන කේලර් නවාස් කොස්ටා රිකා පිල නියෝජනය කරමින් ලෝක කුසලානයට සහභාගී වුණා.