Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

16 දෙනාගේ වටයෙන් ඉදිරියට යන්නේ කුමන රටවල් ද?

රටවල් 32 ක සහභාගීත්වයෙන් ජූනි 14 වැනි දින රුසියාවේදී ආරම්භ වූ 2018 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග මේ වනවිට අවසන් වී තිබේ. A සිට H දක්වා වූ කාණ්ඩ 8 ක් යටතේ එක් කාණ්ඩයකට රටවල් 4 බැගින් වෙනකොට මූලික වටයේ දී පවත්වන ලද තරග සංඛ්‍යාව 48 කි. මූලික වටයේ තරග අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉහලම දස්කම් දක්වා තිබෙන කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන්16 දෙනාගේ වටයේ තරග පැවැත්වෙයි. මෙම 16 දෙනාගේ වටයේ තරග පැවැත්වෙන්නේ පිලිමළුන් පිටුදැකීමේ (Knockout) ක්‍රමයටයි. එනම් ජයග්‍රාහී කණ්ඩායම තරගාවලියේ ඉදිරියට ගමන් කරන අතර පරාජිත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

මූලික වටයේ දී A කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායම B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් කණ්ඩායම සමඟින්ද, A කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායමත් සමඟින්ද, ආදී වශයෙන් මෙම 16 දෙනාගේ වටයේ තරග පැවැත්වෙයි. ජූනි 30 සිට 16 දෙනාගේ වටයේ තරග පැවැත්වෙයි. 16 දෙනාගේ වටයේ දී තරග 8 ක් පැවැත්වෙන අතර එම තරගවලින් ජයගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි. එසේනම් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද ඉදිරිපත් කරන්නේ 16 දෙනාගේ වටය පිළිබඳ පෙරවදනකි. ඉහත රූපයේ සඳහන් වේලාවන් රුසියානු වේලාවෙන් දක්වා ඇත.

ප්‍රංශය සහ ආර්ජෙන්ටිනාව

“ග්‍රීස්මන්” (thebiglead.com)

ප්‍රංශය සහ ආර්ජෙන්ටිනාව අතර තරගය පැවැත්වෙන්නේ ජූනි 30 වැනිදා රාත්‍රී 7.30 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ය. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවිට ප්‍රංශ කණ්ඩායම පිළිබඳ බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා සිටියද මූලික වටයේ දී ප්‍රංශය සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කරනු බවක් දක්නට නොලැබුණි. මූලික වටයේ තරගවලදී ප්‍රංශය වාර්තා කරනු ලැබුවේ ගෝල 3 ක් පමණකි. ප්‍රංශයේ ප්‍රබල බලාපොරොත්තුව වන ඇන්ටොයින් ග්‍රීස්මන් ද සුපුරුදු දක්ෂතා අතර සිටින බවක් පෙනෙන්නට නැත.

ආර්ජෙන්ටිනාවේ තත්වයද මෙයට වෙනස් නොවේ. ඔවුන්ද මූලික වටයේ දී ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල අතර නයිජීරියාවට එරෙහිව මාර්කෝස් රෝහෝ වාර්තා කල ගෝලය නිසා 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ආර්ජෙන්ටිනාවට හැකිවිය. මෙම තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇත. තවදුරටත් ප්‍රංශයට මෙම තරගයේ වාසිය හිමිවූවද ආර්ජෙන්ටිනාවද තමන්ගේ උපරිමය ලබාදෙනු ඇත.

උරුගුවේ දේශය සහ පෘතුගාලය

“ලුයිස් සුආරෙස්” (beinsports.com)

ජූනි 30 වැනිදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන මෙම තරගය 16 දෙනාගේ වටයේ පැවැත්වෙන උණුසුම්ම තරගය වනු ඇතැයි අපේක්ෂා කලහැක. කණ්ඩායම් දෙකම කරට කර මට්ටමේ සිටී. පෘතුගාලයේ සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ උරුගුවේ කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් අතරද උරුගුවේ කණ්ඩායමේ ප්‍රහාරකයින් වන ලුයිස් සුආරෙස්, එඩින්සන් කවානි සහ පෘතුගාල කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් අතරද ඉතා හොඳ සටනක් දැකබලාගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකිවනු ඇත. මෙම තරගයේ දශමයක හෝ වාසිය තිබෙන්නේ කවර කණ්ඩායමටද යන්න නිශ්චිත අදහසක් ලබාගත නොහැකි අතර යම් හෙයකින් පළමු තරගයෙන් ආර්ජෙන්ටිනාවද මෙම තරගයෙන් පෘතුගාලයද ජයග්‍රහණය කළහොත් අර්ධ අවසන් පූර්ව වටයේ දී මෙස්සිගේ ආර්ජෙන්ටිනාව සහ රොනාල්ඩෝගේ පෘතුගාලය එකිනෙක මුණගැහෙනු ඇත.

ස්පාඤ්ඤය සහ රුසියාව

“ස්පාඤ්ඤයේ ඉස්කෝ” (Getty images)

ජූලි 1 වැනිදා රාත්‍රී 7.30 ට පැවැත්වෙන ස්පාඤ්ඤය සහ සත්කාරක රුසියාව අතර තරගයේ වැඩි වාසි ස්පාඤ්ඤය සතු වේ. මූලික වටයේ සිදුවූ පුදුම සහගත ක්‍රියා නිසා මෙම තරගයේ ද යම් වෙනසක් සිදුවීමට ඉඩක් ඇති නමුත් ස්පාඤ්ඤය වැනි ශක්තිමත් කණ්ඩායමකට එරෙහිව තරගයක් ලබාදීම සඳහා රුසියාව සතුව හොඳ ක්‍රීඩකයින් සිටින්නේද යන්න සැක සහිත කරුණකි. අනෙක් අතින් මූලික වට වලදී එවැනි පුදුම සහගත දෑ සිදුවූවද මෙවැනි පිලිමළුන් පිටු දැකීමේ වට වලදී ඒ ආකාරයට පුදුම සහගත දෑ සිදුවී තිබෙන්නේ ඉතා අඩු වශයෙන් බව පසුගිය ලෝක කුසලාන කිහිපය දෙස බැලීමේ දී පෙනී යන කරුණකි. ඒ අනුව මූලික වටයේ දී ඉතා හොඳින් දස්කම් දැක්වීමට සත්කාරක දේශයට හැකි වූවද රුසියාවේ ගමන් මඟ මෙතැනින් නතරවීමට තිබෙන්නේ ඉතා වැඩි ඉඩකඩකි.

ක්‍රොයේෂියාව සහ ඩෙන්මාර්කය

“ලූකා මොඩ්රිච් (Getty Images)

ජූලි 1 වැනිදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන ක්‍රොයේෂියාව සහ ඩෙන්මාර්කය අතර තරගයේ වැඩි වාසි තිබෙන්නේ ක්‍රොයේෂියාවටයි. මූලික වටයේ දී ආර්ජෙන්ටිනාවට එරෙහිව 3-0 ක ජයක් ලැබීමට ක්‍රොයේෂියාව සමත් වූ අතර ලූකා මොඩ්රිච්, ඉවාන් රකිටිච්, ඉවාන් පෙරිසිච් සහ මාරියෝ මැන්ඩ්සුකිච් වැනි ක්‍රීඩකයින් ක්‍රොයේෂියාවට ජය ගෙනදීමට කටයුතු කරනු ඇත. ඩෙන්මාර්කය සතුවද ක්‍රිස්ටියන් එරික්සෙන් වැනි ක්‍රීඩකයින් සිටියත් මෙම අවස්ථාවේ දී ක්‍රොයේෂියාව අභිබවා යාමට ඩෙන්මාර්කයට හැකිවෙතැයි සිතීම අපහසු කරුණකි.

බ්‍රසීලය සහ මෙක්සිකෝව

“පිලිප් කුටීනියෝ” (Getty Images)

ලෝක ශූර ජර්මනිය මූලික වටයේ දී පරාජය කිරීමට මෙක්සිකෝවට හැකිවිය. එපමණක් නොව පසුගිය ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී බ්‍රසීලයත් සමඟින් පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමාකරගැනීමට ද මෙක්සිකෝවට හැකිවිය. 1994 සිට 2014 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි 6 දීම 16 දෙනාගේ වටයෙන් තරගාවලියෙන් ඉවත්වී ඇති මෙක්සිකෝව මෙවර එයට වඩා හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කරනු ඇත. නමුත් ප්‍රබල බ්‍රසීලය හමුවේ ජයග්‍රහණය කිරීම පහසු කරුණක් නොවන බැවින් සහ දැඩි ආරක්ශක ක්‍රම අනුගමනය කලද කෙසේ හෝ ගෝල වාර්තා කිරීමට බ්‍රසීලයට හැකියාව ඇති බැවින් මෙවරද 16 දෙනාගේ වටයෙන් තරගාවලියෙන් ඉවතට යාමට බොහෝ දුරට මෙක්සිකෝවට සිදුවනු ඇත. තරගය පැවැත්වෙන්නේ ජූලි 2 වැනිදා රාත්‍රී 7.30 ය.

බෙල්ජියම සහ ජපානය

Reuters

මෙම තරගයේ වැඩි වාසි තිබෙන්නේ ප්‍රබල බෙල්ජියමටයි. මෙවර තරගාවලියේ මේ වනවිට ඉතිරි වී සිටින එකම ආසියානු රට වන ජපානය මෙතෙක් ආ දුර බොහෝ දෙනා අගය කරන කරුණකි. එසේ නමුත් මෙවර තරගාවලියේ මූලික වටයේ දී වැඩිම ගෝල වාර්තා කර තිබෙන බෙල්ජියමට එරෙහිව තරගයක් ලබාදීමට ජපානයට හැකිවෙතැයි කිසිසේත්ම අනුමාන කල නොහැක. ඉතාලිය, නෙදර්ලන්තය වැනි කණ්ඩායම් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා නොගැනීමත් ජර්මනිය වැනි ප්‍රබල කණ්ඩායමක් මූලික වටයෙන්ම ඉවත්ව යාමත් නිසා 16 දෙනාගේ වටයේ දී වැඩි තරගකාරීත්වයක් තිබෙන තරග තිබෙන්නේ අඩුවෙනි. මෙම තරගය පැවැත්වෙන්නේ ජූලි 2 වැනිදා රාත්‍රී 11.30 ටයි.

ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය

“ග්‍රෑනිඩ් ජැකා” 101greatgoals.com)

ස්වීඩනය හෝ ස්විට්සර්ලන්තය යන රටවල් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම මෙවර අර්ධ අවසන් පූර්ව වටයට පැමිණෙතැයි මෙවර තරගාවලිය ආරම්භයේ දී කිසිවෙකුත් නොසිතන්නට ඇති නමුත් මේ වනවිට එම කරුණ යථාර්ථයක් වී ඇත. ශකිරී සහ ග්‍රෑනිඩ් ජැකා ස්විට්සර්ලන්තයේ සුපිරි තරු වන අතර එමිල් ෆෝර්ස්බර්ග් ස්වීඩනයේ සුපිරි තරුවයි. මෙම තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇති බවට අපේක්ෂා කල හැකි වන්නේ කණ්ඩායම් දෙකම කරට කර මට්ටමේ සිටින බැවිනි. ජූලි 3 වැනිදා රාත්‍රී 7.30 ට පැවැත්වෙන මෙම තරගයේ දශමයක හෝ වාසියක් තිබේනම් ඒ ස්විට්සර්ලන්තයටයි.

කොලොම්බියාව සහ එංගලන්තය

“හැමෙස් රොඩ්රිගස් (වමේ)” (Getty images)

මෙවර තරගාවලිය ආරම්භයේ දී එංගලන්ත කණ්ඩායම පිළිබඳ​ බොහෝ ක්‍රීඩා ලෝලීන් සතුව අවිශ්වාසයක් තිබුනත් මෙම තරගාවලියේ මේ දක්වා එංගලන්තය ක්‍රීඩා කල ආකාරය බොහෝ පැසසුම් සහගත එකකි. අනෙක් පසින් කොලොම්බියාවද ඉතා හොඳ කණ්ඩායමකි. කොලොම්බියාවේ සුපිරි තරුව වන හැමෙස් රොඩ්රිගස් සෙනගාලයත් සමඟින් පැවති මූලික වටයේ තරගයේ දී ආබාධයට ලක්වීම නිසා එංගලන්තයත් සමඟ පැවැත්වෙන තරගයට හැමෙස් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ දක්වා වාර්තා වී නොමැත. යම් හෙයකින් හැමෙස් හට මෙම තරගය මඟහැරුණහොත් එය කොලොම්බියාවට ඉමහත් පාඩුවක් වනු ඇත. මෙම තරගයද ඉතා උණුසුම් තරගයක් වනු ඇති නොඅනුමානය. තරගය පැවැත්වෙන්නේ ජූලි 3 රාත්‍රී 11.30 යි.

Cover – independent.co.uk

Related Articles