ලෙබනනය විනාශ කළ සිවිල් යුද්ධය
ලෙබනනය 1970 දශකයට පෙර බටහිර ආසියාවේ හෙවත් මැද පෙරදිග ප්‍රදේශයේ වූ සෞභාග්‍යමත්ම රාජ්‍යයක් වුණා. යම් යම් දේශපාලන අර්බුදවලට එම රට ලක් වී තිබුණ නමුත් පොදුවේ ගත් විට කලාපීය නොසන්සුන්තා එරටට විශාල තර්ජනයක් වුණේ නැහැ. ලෙබනනයේ අගනුවර වූ බේරූට් නගරය එකල “මැදපෙරදිග පැරිසිය” නමිනුත් හැඳින්වුණා.