Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සෙබළුන්ගේ දිවි රැක දුන් යාපනය බලකොටුව

වසර 30කට අධික කාලයක් යුද්ධයේ රුදුරු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් යාපනය අවශේෂ වී ගිය නටබුන් ගොඩක් යනුවෙන් හැඳින්වුවද එහි වරදක් නැත. එහෙත් එම බිහිසුණු අඳුරු මතකයන්ට එහා ගිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන යාපනය ප්‍රතාපවත් බලකොටුව, විනාශයන් අභිමුව සියවස් ගණනාවක් නොසැලී නැගී සිටින්නේ සියලු අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමිනි.

article

රට වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් සිදුකළ, රාජ්‍ය සේවයේ නියුතුව සිටි අපේ දෙගුරුන්ට පිදෙන Dialog “ප්‍රශංසා”

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි රාජ්‍ය සේවාව. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි පවත්වා ගෙන යන්නත්, කිසිදු භේදයක් නොසළකා පුරවැසියන්ට සේවය සලසන්නත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉෂ්ට වෙන කර්තව්‍යය සුළුපටු නැහැ. ශ්‍රී ලංකාවේ විශාලතම සේවායෝජකයා වන රාජ්‍ය සේවය අපේ රටේ බහුතර ජනතාවකගේ ජීවනාලිය වෙමින්, සියලු දෙනාටම රැකියා අවස්ථා තහවුරු කරන්නත් ලොකු වැඩ කොටසක් සිදු කරනවා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බොහෝ දෙනෙක් දශක දෙක තුනක දීර්ඝ කාලයක් පුරාවට අපේ රටට ඉමහත් සේවාවක් සිදු කරපු අය යි.

article

සෑම වෙබ් අඩවියකම HTTPS තිබිය යුත්තේ ඇයි? අඩවි සංවර්ධකයන් වෙනුවෙන් සටහනක්

මේ වෙබ් පිටුවේ ඉහළ, වෙබ් ලිපිනය තිබෙන ස්ථානයේ කොළ පැහැයෙන් තිබෙන https වචනයෙන් පෙන්වන්නේ ඔබ සහ Roar ටෙක් වෙබ් අඩවිය අතර තිබෙන අන්තර්ජාල සබඳතාව ආරක්ෂිත එකක් බවයි. කිසිදු තෙවන පාර්ශවයකට ඔබේ තොරතුරු මෙම සබඳතාවය හරහා ලබාගත නොහැකි සේ ආරක්ෂණය කොට ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව මෙවන් වෙබ් අඩවියකට පිවිස ඔබේ තොරතුරු ලබා දෙන්නට පුළුවන්. මෙලෙස වෙබ් අඩවිය සහ පිවිසෙන්නා අතර ඇති සබඳතාව ආරක්ෂණය කරමින් දෙපස විශ්වාසය ගොඩනගා දෙන HTTPS ආරක්ෂණය එනිසා සෑම වෙබ් අඩවියකම තිබිය යුතුයි. ඉන් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන සහ එය දැමීමෙන් පසු ලැබෙන ප්‍රතිඵල මොනවාද? අපි සොයා බලමු.

article

අල් ජසීරා ක්‍රිකට් පාවාදීම් වීඩියෝවේ ශ්‍රී ලාංකීය භූමිකාව

පසුගිය දිනෙක් අල් ජසීරා සේවය විසින් ඉන්දියාව කේන්ද්‍ර කොටගෙන සිදුවූ මහා ක්‍රිකට් ජාවාරමක් පිළිබඳව තොරතුරු ලොවට ඉදිරිපත් කළා. මින් ක්‍රිකට් ලොවම කැළඹුණු අතර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප රටේ ද ක්‍රිකට් ලෝලීන්ගේ දෙබැම එසැවුණේ, මෙතෙක් කල් තරග පාවාදීමේ චෝදනාවකට ඍජුව ලක් වී නොසිටි ශ්‍රී ලංකාවටද මෙමඟින් රතු එළි දැල්වීම නිසා යි.

article

යෙලෝස්ටෝන් යමහල පිපිරුවොත් අපට මොනවා වෙයි ද?

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය කියන්නෙ ඇමරිකාවෙ ව.කි.මී. 8983ක භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන, ලොව ප්‍රථම ජාතික උද්‍යානය. යෙලෝස්ටෝන් කල්දේරාව, උතුරු ඇමරිකානු මහද්වීපයෙ පිහිටන විශාලතම සුපිරි යමහල (එහෙමත් නැතිනම් Supervolcano එක), පිහිටන්නෙ මේ උද්‍යානයට අයත් භූමියේ.

article

තම සෙබළුන්ට උණ බට වලින් කෘතීම පාද සෑදු වෛද්‍යවරයා – කර්නල් එඩ්වර්ඩ් ඩන්ලොප්

දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාවේ අත් අඩංගුවට පත්ව සිටි ඕස්ට්‍රේලියානු රාජකීය වෛද්‍ය බළකායේ කර්නල් වරයෙක් වූ ශල්‍ය වෛද්‍ය සර් එඩ්වඩ් ඩන්ලොප් යුධ සිරකරුවෙක් ලෙස දීර්ඝ කාලයක් ජපන් අත්අඩංගුවේ පසුවෙනවා. ඉන් වැඩි කාලයක් ගත කරන්නේ ජපනුන් විසින් නිර්මාණය කළ බුරුමය හා තායිවානය යා කරමින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයට අවශ්‍ය ශ්‍රමය සපයමින්.

article

පාපන්දු ලෝක කුසලානයේදී දෙදෙනාටම හඬන්නට සිදුවේද?

පසුගිය දශකයෙහි ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වූ පාපන්දු ක්‍රීඩකයින් යුගලය වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජෙන්ටිනාවේ ලියනල් මෙස්සි ය. පසුගිය කාලය පුරාවටම සෑම වසරකදී ම, සෑම තරඟ සමයකදී ම ගෝල පිට ගෝල වාර්තා කල මෙම විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා, තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් හිමිකරගෙන සිටින සම්මාන සහ ජයග්‍රහණ අති විශාලය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා සතුව බොහෝ වාර්තා ප්‍රමාණයක් තිබෙන අතර එම සමහර වාර්තා අභිබවා යාමට අනාගතයේ හෝ ක්‍රීඩකයෙකුට හැකිවේදැයි සැක සහිතය. පසුගිය වසර කිහිපයේ සිට මේ දක්වාම සමාජ ජාල වෙබ් අඩවි වල උණුසුම්ම මාතෘකාවක් වන්නේ Messi vs Ronaldo මාතෘකාවය. මෙම ක්‍රීඩකයියි දෙදෙනාගේ මුහුණුපොතෙහි නිල පිටු වලට තිබෙන Like ප්‍රමාණයේ එකතුව මිලියන 210 ට අධිකය. ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල ඔවුන් දෙදෙනාට සිටින Followers ප්‍රමාණයෙහි එකතුවද මිලියන 220 ට ආසන්නය.

article

ඔබටත් වැළඳී තිබිය හැකි “විෂාදය”

සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන එන්නට Roar තීරණය කළ බව සඳහන් කළානේ. ඒ ලිපි පෙළේ පළමු ලිපිය ලෙස සීමාසන්න පෞරුෂත්ව ආබාධය පිළිබඳ ලිපියක් මින් සතියකට පමණ පෙර පලකෙරුණා. මේ එම ලිපි පෙළේ දෙවැන්න යි.

article

Apple සමාගම WWDC 2018හිදී අලුතින්ම හඳුන්වා දුන් දේවල්

මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්.

article

සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය

පරිගණකය සමඟ දවස පුරා කටයුතු කරන කෙනෙක් තමන් නොදැනුවත්වම නොසැලකිල්ල නිසා ශරීරාබාධ බොහොමයක් ළඟා කර ගන්න ඉඩ තිබෙනවා. දෑස, අත්, කොන්ද ඇතුළු ශරීරාංග බොහොමයක් මෙම ආබාධ තත්ත්වයන්ට ලක් වන අතර පරිගණක ඇබ්බැහි වීම් හරහා මේ තත්ත්ව තවත් උග්‍ර අතට හැරෙනවා. පේශිවල කැක්කුම්වලට අමතරව ඒවායේ අතුරුඵල ලෙස හිසරදය, ඔක්කාරය වැනි තවත් අතුරු රෝග ද ඇතිවන අතර දිගුකාලීනව නොසැලකිලිමත්කම් නිසා සෞඛ්‍යමය ගැටළු මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීම ඇතුළු කාර්යාල පද්ධතිය වෙතම බලපෑ හැකි ආකාරයේ ගැටළු ද ඇති වෙනවා.

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps: 2018 ජුනි

දෛනිකව ඉතා විශාල වශයෙන් Android Play Store වෙත ඇප්ස් එකතු වෙනවා. මෘදුකාංග සංවර්ධකයන්ට වරක් පමණක් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව සහ ඇප්ස් publish කිරීමේදී වැඩි කරදරයකින් තොරව ක්ෂණිකවම කළ හැකි නිසා මෙන්ම ලොව වැඩිම ස්මාර්ට් දුරකතන ප්‍රමාණයක භාවිත වන මෙහෙයුම් පද්ධතිය නිසාත් ඇන්ඩ්‍රොයිඩ් වෙත විශාල වශයෙන් ඇප්ස් එකතු වෙනවා. ඒවා අතරෙන් මේ මාසයේ වඩාත්ම හොඳ කිහිපයකුයි මේ.

article

පාකිස්තානු දේශපාලනයේ කුසුම, බෙනාසිර් භූතෝ

පාකිස්තානයේ දේශපාලන ඉතිහාසය ගැන කතා කරන විට කාන්තා නියෝජනය සිදුවී ඇත්තේ අඩු වශයෙනුයි. එයට පෙරදිග හා ඉස්ලාම් සාම්ප්‍රදායන් ද හේතු වන්නට ඇති. කෙසේ නමුත් එසේ දේශපාලනයෙහි යෙදුණු අතොලොස්සක් වූ කාන්තාවන් අතරේ බෙනාසිර් භූතෝ නාමයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්. කලක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වූ සුල්ෆිකර් අලි භූතෝගේ දියණිය ලෙස ජන්ම ලාභය ලැබුවත්, දිවිමඟ පුරාවටම ඇයට එල්ල වුණු අභියෝග සුළු පටු ඒවා නොවේ. කෙසේ නමුත් ඒවා අතරින් පාකිස්තානයේ මුල් පුටුවට පවා පත් වීමට තරම් ඇය ධෛර්යයවන්ත වුණා.

article

End of Articles

No More Articles to Load